Nisadas Feed

...
...

Juliachaze✿

Kawan ?

Ya dari kawan lah kita belajar di mana baik dan di mana yang buruk.Jangan disebabkan salah memilih teman,Akhlak kamu jatuh.Carilah kawan yang sebaik baiknya.Yang akan membawa kamu ke syurga Allah s.w.t...

...
...

✨️තරි✨️

ආදර හැන්දෑව💝

හිරු බැස යන මේ හැන්දෑවේ
ආදරයේ කෝල හැගුමන්
හද මන්මත් කල සුවදක් වාගේ
හංගා ඉන්න පුලුවන්ද
ඒ හැගුමන් .....

රැයක් කොතරම් දිගුද
සද එළිය මෙච්චර සීතලද
සාන්කා දැනෙන විට හදවතට
සාගරේ තරමට හඩන්නට
දෙන්න මට ඔබේ ලැම දැන්.....

...
...

💘තූර්යා💘

🌹🌹🌹🌹🌹🌹

නුඹ නිති සරණා
මගෙ හද විල තුළ
නුඹේ නමට පිදු
සෙනෙහස දෝරෙ ගලයි...

හදවත් දෙවොලේ
නුඹගේ පිළිරුව
බැතිබර දෝතින්
තැන්පත් කරලා
දිවි හිමියෙන් ඒ
පිළිරුව සුරකින
දේවදාසියයි හිමියනි මා නුඹෙ...

ජීවන ගමනේ
අත්වැල් පටලා
සෙවණල්ලක් සේ
නුඹෙ ළඟ හිඳුමට
භවයෙන් භවයේ පාරමිතා පිරු
යශෝධරාවයි හිමියනි මා නුඹෙ...

🌹🌹තරූ සමනළී🌹🌹

...
...

Nawoda Nimesh

නුඹට අමතක

නුබ හට මතක නැති මුත්
අපගේ බාලේ ......
තාමත් මතක ඇත
ඊයේ අද වාගේ .....
නියර දිගේ යන විට
අත ගෙන මාගේ .....
ඔබ ගැයූ ගීය
තාමත් ඇසෙනවා වාගේ .....
නුඹේ හඩ තාම
මට සොදුරුයි පෙර වාගේ ....
නුඹ ගැයූ ගීය මතකයි
අකුරක් ගානේ.....
අද මුළු ලොවක් පිනවන
කටහඩ නුඹගේ.....
එදවස අසන් උන්
මා මතකත් නෑනේ .....
.....දිනේෂි අරුණිකා .....

...
...

Rasika Maduwanthi

මේ හිත 💕💕

රිදුනත්
මේ හිත හැමදාම
සැරෙන් සැරේට.....
ඒ වේදනාව මැදිනුත්
හිනාවෙනවා මම හරි
ලස්සනට ..💕💕

❤️ මදූ ❤️

...
...

Rasika Maduwanthi

💕💕💕

උබ නැති අඩුව
මට දැනුනත්
මම නැති අඩුව
උබට දැනුණේ නෑ
කවදාවත්ම 💕💕

❤️ මදූ ❤️

...
...

Rasika Maduwanthi

හිනාව 💕💕

එදා හිත සනසපු ඒ හිනාව
මෙදා පාරනවා හිත
මරව මරව

❤️මදූ❤️

...
...

සුටික්කි 💕

නුඹ නැතුව නුඹ එක්ක 💔

සුදු පාට වැලි අතුල
මල් රේණු වැහි වහින
එ් පුංචි ගුරු පාර
ඔය හිතට අමතකද

අත් වැල් පටලන්
පිය මනිනා විට
සෙවණ දුන්නු එ්
තුරු පෙළ මතකද

තාමත් එ් ගුරු පාර එහෙමමලු
දැනෙන්නෙ අපි නැති අඩුව විතරමලු
ඉතින් අායෙමත් දැගිලි පටලමු
සදා අාදරෙන් සංසාරෙ දුර අැදෙමු

...
...

සුටික්කි 💕

අහිමි පෙම ......💔

ලොවම නිදි සුව විදින
මේ ගනදුරු රාතිුයේ.......
මහ හඩින් හෙණ පුපුරුවා විත්
අනෝරා වැසි අැද හැලේ......
අදුර රජයන මගේ කුටියට
වැහි වහින හඬ හොදටම අැසේ....
නුඹේ නාමෙන් මුවින් ගිලිහුනු
සුසුමක උණුහුම මට දැනේ......

...
...

©®`•.හිතුව.K.කාරයා.•´©®

ආදරෙයි පණ....❤️

` තරු පිරිවරා නිහඬ අහසක්
නුඹ ඔය තියන් ඉන්නෙ
මං ආසම තරුවක්....
දවසක නුඹත් වෙයන්,
මහ පොළොවක්...
එදාට මාත් වෙන්නම්
රළු මුහුදක්´......😣®️©️

`[DULA]´……

...
...

Rasika Maduwanthi

කියන්නම් ද රහසක් 💕💕

කියන්නම් ද රහසක්
අහන් ඉන්න පුළුවන් ද
ඔබ හට
සත්තයි මගේ මැණික
ආදරෙයි මන් ඔබට
රකිනවද පන සේ
මගේ මේ රහස 💕💕

❤️ මදූ ❤️

...
...

✍️Nilushi Nisansala✍️

ඇයත් උපාසිකාවක් ?????

විලිස්සමින් බොරු දත්ටික
කියයි පුරාජේරු එමට
සිල්ගයි නොවරදා පෝයට
බෙදයි ඕපාදූප රටක,

ගල් පෙරලුවා
දෙව්දත් මුනිදුට,
සාදු සාදු කියයි එවිට ,
අද රස නෑ දානේ වේල
ගිලන්පසට හකුරු නැද්ද ?

අනේ ! මුන්ට තියෙන ගාය
කියයි පුංචි වුන්ට දෝස ,
ගම වටේට ඇවිද ,ඇවිද
සොයයි නොයෙක් වාසදේස

කලක් ගෙවී ගියේ නොදැනිම
ලෙඩවී මියැදුනා විගසින
ආ නොයෙකුත් නෑ පිරිවර
අඬමින් ගයනවා ඇගේ ගුණ ,

" අදදින අප අතරින් සමුගන්නා උපාසිකා මාතාව ..........................."
බණට වැඩිය මහ සඟ ගණ
දෙසන කලට ඇගේ ගුණ කඳ
ඈ ගැන දත් ගමේ උදවිය
බලයි මුවින් මුව රහසේම,

කුමක් කියමී මේ ගැන තව
මමත් රකිනවා මුනිවත !!!!!

...
...

✍️Nilushi Nisansala✍️

💔නුඹටත් හොර රහසින් 💔

හැකිනම් කඳුලින්
දියකර හරිනට,
පළමු පෙමක සටහන්
මා හැඩු තරමට
නුඹ සිහිනොවෙවී
යළි කිසිදින මටනම් ,
නුඹට හැකි නමුදු ,
මෙමට නොහැකි ඇයි ?
සොයමී අද ද මම නම්,
සමුගත් දා සිට
නාදුනනා ලෙස
නුඹ ගියේ අහක බලන්,
වෙන දෑතක බැදි
නුඹේ දෑගිලිවල
පැටලි නොමැති නමුත්
දිනක් ඒවී යැයි
සිහින මැවුවා මම
නුඹටත් හොර රහසින් !!!!!

...
...

✍️Nilushi Nisansala✍️

💝සොයුරු පෙම ,💝

තනිව උරුමකන් කී
අම්මා ,අප්පච්චීගේ සෙනේ
තුන් කඩකට බෙදී ගියේ
නුඹලා නිසයි මල්ලියේ !
නැහැ තරහක් ඒ ගැන මට ආදරෙයිනේ පණ මගේ ,
දිවියේ ලද වටිනම වස්තුව
නුඹ දෙදෙනයි මල්ලියේ ..............
රණ්ඩු කළත් ,ගහබැන
විසිහතර පැයේ,
නොදනී නුඹලා
ඇති ආදරේ මගේ ළයේ ,
මතු මතුවත්
උපදින නෙක හැම භවයේ ,
සොයුරන් විලස
ඉපදෙමූ අපේ අම්මාගේ කුසයේ...........

...
...

💘තූර්යා💘

සමුදීම.....😢😢😢😢😢

එකෙකු හැර ගිය
නවාතැනේ
ලැගුම් ගන්නා අපි...
දිනෙක හැර යායුතුය
අප සතු සියල්ල
තවකෙකුට තිළිණ කර...

🌹🌹තරූ සමනළී🌹🌹

...
...

Rasika Maduwanthi

සද

කලු අහසේ බබලන
ඔබ හරි ලස්සනයි
ඔබ වට කර සිටිනා
තරු ද ඒ තරමට ලස්සනයි

විටෙක සම්පූර්ණ යි
ඔබ
විටෙක අඩ සදයි ඔබ
දිනෙන් දින වෙනස් වන
ඔබ හරි ලස්සනයි

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

මගේ ආදරේ

ඉන්න නුබ ලග
ආසයි මාද හැමවිට
නුබේ ඔය තුරුලට
එන්නද ටිකකට
අවසර දෙනවද එයට
පමනක් මා හට

මගේ ආදරෙ නුබට මදි
වීද
ඇයි දෝ හැරදා යන්නේ මා
මේ විලසින්
මා කෙරුවේ කුමන වරද ද

නුබම පමනයි මගේ
ලෝකේ
නුබව පමනයි මටත් ඕනේ
ඇයි දෝ නුබට
නොතෙරෙන්නේ මගේ
ආදරේ

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

කරුමක්කාරද මා

නුබේ අත්වල මගෙ අත් පටලන්
ආසයි මා හට යන්නට
හැමතැන
එනමුදු මා හට නොහැකිය
ඒ දෙය
ඇයි දෝ මා හට සිදුවන්නෙ මෙලෙසම
කරුමක්කාරද මා ඒ තරමට

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

ඔබ මගේ වෙනවනම්

ඔබ මගේ වෙනවනම්
සත්තකින් ඒ තරම්
සැනසුමක් නැ තවත්
ඇත්තමයි රත්තරං

❤ මදූ ❤

...
...

Rasika Maduwanthi

ඔබේ දෑස

කියන්නම් ද මගේ මැණික
කාරනාවක්
සත්තයි ඔබේ දෑස නම් භාවනාවක් ❤

❤ මදූ ❤

Top writers

Stay in touch