Nisadas /-ලොවට රහසින් හිරුට පෙම් බැඳ කවක් ලිව්වෙමි ගගන කුස මැද-

...
...

චතූ

-ලොවට රහසින් හිරුට පෙම් බැඳ කවක් ලිව්වෙමි ගගන කුස මැද-

කවිකාර ඇස් ගිහින් හිරු මතම
රැඳුනාට...
කහපාට ඇස් වලට පෙම් හිතම
බැඳුනාට...
කවිකාර මගේ හිත හිරුට පෙම්
කෙරුවාට...
පෙම් කරපු හිරු අයිති ගගනටයි
හැමදාම...

හිරු කිරණ නොදුටු සේ මම ඉවත
බැලුවාට...
රහසින් ම ආදරෙයි ඉර මලට මම
තාම...
පිං කරපු ඇස් වලට හිරුගෙ වත
පෙනුනාම...
නොකී ප්‍රේමය හිතේ කවි ලියයි
හැමදාම...

මම,
චතූ


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Oh ලස්සනම ලස්සනයි ❤️❤️
    -2020-11-14 06:17:34
  • Circle Image
    Shashi ❤👻
    ගොඩක් ලස්සනයි චතූ❤️
    -2020-11-15 05:31:23
  • Circle Image
    චතූ
    Thanks 😊❤❤
    -2020-11-16 17:13:56
  • Circle Image
    Geethanjalee
    😍❤️
    -2020-11-23 01:23:14