Nisadas /ප්‍රථම ප්‍රේමයත් නුඹ ය. අවසන් ප්‍රේමයත් නුඹ ය.

...
...

චතූ

ප්‍රථම ප්‍රේමයත් නුඹ ය. අවසන් ප්‍රේමයත් නුඹ ය.

දහසක් දෙනා යනෙනා මග නිසොල්මනේ...
සහසක් දෙනෙත් එකිනෙක ගැටෙනා ගමනේ...
අහසක් තරම් ආදරයක් ඉතුරු
වුණේ...
රහසක් වෙලා සැගවුණු නුඹ වෙනුවෙන් නේ...

දවසක් ඒවි පූදින මල් මියෙන
ලොවේ...
තව සක් පිඹියි එක් වූවන් හට මෙලොවේ...
සනසන් නැතුව හිත රිදවා ගියපු
නුඹේ...
පවනක් වගේ මතකය හා බැඳෙමි
ප්‍රියේ...

හිසකෙස් ශ්වේත වර්ණිත පැහැ
දරන තුරා...
තනිකඩ හීන තුළ ජීවත් වෙමිය
මෙමා...
එදිනත් ප්‍රථම ප්‍රේමය නුඹ සිහි
කරලා...
සුවඳක් සොයා ඇවිදිමි පෙම් මතක
පුරා...

මම,
චතූ


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    😯❤️❤️❤️❤️ ගොඩාක් ලස්සනයි අක්කි ✍️😊
    -2020-11-16 08:44:30
  • Circle Image
    චතූ
    Thanq dr❤😊
    -2020-11-16 17:15:31
  • Circle Image
    චතුරිකා ගුණසේකර 🖤
    ලස්සනයි චතූ
    -2020-11-17 00:21:42
  • Circle Image
    Shashi ❤👻
    ගොඩාක් ලස්සනයි ❤️😘
    -2020-11-17 14:22:00
  • Circle Image
    චතූ
    Thnqq😊❤
    -2020-11-17 19:18:01
  • Circle Image
    Geethanjalee
    Lssnai akki😍
    -2020-11-23 01:21:13