...පේරාදෙණි අහස යටින්...
මන්දාරම් අදුරු අහස යට
නුබේ අතින් අල්ලාගෙන
ගියා මම නුබ හා දුර...
මතක අස්සෙම කිමිදෙමින් මම
හැරි බැලුවෙමි
පේරාදෙණි දිහාවට...
මැවුණා චිත්තාරූපයක්
ලවන් පෙති මත සිනා රදමින්
පේරාදෙණි මල් වත්ත පුරාවට
තියේ අපි දෙන්නගේ සිනාහඩ...
මල් වත්තේ ඇති මල් පවා
දුටුවා නුබ සිප ගත්තා කියා
නෙතින් කදුලක් ගිලිහුණා
කොපුලතක් මගෙ සිපගෙන...
දෙකපුල් පිසදාගෙන
නැවත පියමං කෙරුවා මං
නුබේ ආසම
සුදු අරලිය මල ගෙන
අරන් නුබ හා තනි වන්න
නුබව වලලපු නුබේ සොහොනට...
...කවිකාරි...