නැවතුම තබා යන්නට මට අවසරය...
රෑ තාරකා මල් හිනැහෙන මේ යාමේ
සද සලු පටින් සිතුවම් ඇන්දෙමි රිසි සේ
පාර කියන හත්දින්නත් තරු පොකුරේ
දුටුවෙමි පුරුදු නෙත් සගලක රූ සිත් සේ
හදවත නැවතුනිද ලෝකය නැවතුනිද
සීතල කදුලු නොදැනිම නෙත් තෙමුවේද
සිරගත කරපු සිතිවිලි සිල් බින්දේද
නුබෙ රුව දසුන මගෙ හදවත සසැලීද
පෙර මෙන් නුබේ රුව ලග මා අසරණය
වින්දේ සිතේ පිබිදුනු නුබෙ සෙනෙහසය
පෙර කල පිනට මුනගැසුනත් අප දෙදෙන
නැවතුම තබා යන්නට මට අවසරය
ශශී