සබඳ
නුහුරු නුපුරුදු හුදෙකලා බව
අතර ඉද හිට නුඹ මැවෙයි...
හදට බැමි බැඳ තබා ගත්තෙමි
අහිමි නෙතු දැන් මගෙ නොවෙයි...
පුරුදු මග තොට නෙත ගැටුණ මුත්
තවත් මම නුඹ නොහදුනයි...
නැවතීම තැබු ඒ බැදීමට
පසු වදන් දැන් කැප නොවෙයි...
සිය දහස් වර නුඹව අමතා
කියන්නට දෑ අපමණයි...
නුඹ නොකියැවූ මේ නිහඩ බව
තුළ තිබෙන දෑ හරි බරයි...
නොකී දහසක් හැගුම් නොදුටුව
සබඳ නුඹ මා නොහදුනයි...
මුණිවතින් දින ගෙවා ලන්නම්
කිමද දෙබසත් දුක්බරයි...
මම,
චතූ