31.
බොහෝ කවි අතර
සොයා යමි
දැනෙන වචන කිහිපයක්..
රිදි රිදි කියවන්න..
බෙහෝ හැඟීම් අතර
පැටලෙමි..
අන්තිමට සුසුම්
ලග සැනසෙමි..
වරුගනන් බලා ඉමි..
නොසන්සුන්ව කෑ ගසමි..
"ඔයා හොදින්ද "
කාලාන්තරයකට පස්සේ
නුබෙන් ලැබෙන
කෙටි පණිවුඩයකට
තුටින් ඉපිලි නටමි...
නමුත් ක්ශනිකවම නැවතෙමි..
"ඔයා සතුටින් නේද"
අසා පිලිතුරු යවමි..