Nisadas /30.

...
...

Dila 🖤🥀

30.

ප්‍රේමය ඉතිරි උනේ ම
මගහැරුනු හිත්වල..
ප්‍රේමය නොමැරුනේම
මඟ බලපු ඇස්වල..
ප්‍රේමය නැවත නැවතත්
උපත ලැබුවේම
අතහැරුනු තැන්වල..
ප්‍රේමය අමරණීය උනේම
නොලැබුණු ජීවිතවල..
ප්‍රේමය ප්‍රේමය විදිහටම
පවතින්නෙ
ඒ නොලැබීම තුළ..

ඉතිං,
නොලැබුණු ප්‍රේමය..
නුඹට නොදෙවනි වන ප්‍රේමයක්
අදටත් මට මුණගැසී නැත..

මේ ගමන හරි දිගයි
නොලැබුනත්
අපි ආයෙ මුණ ගැසෙමු..
ආයෙ ආයෙම වෙන් වෙමු..
ප්‍රේමය අමරණීය වන්නට ඉඩහැර..


Comments

  • Circle Image
    Naween Perera
    ලස්සනයි නංගි 😥
    -2021-02-22 16:36:32
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි අයියේ 💗
    -2021-02-22 17:59:07
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි 😔😥❤
    -2021-02-23 02:40:08
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි 😢❤️
    -2021-02-23 03:04:06
  • Circle Image
    🌹නදී 🌹
    ලස්සනයි 😥❤️
    -2021-02-23 05:01:18
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි දීශා අක්කා ❤ ශශී අක්කා ❤ නදී ❤
    -2021-02-23 13:54:01
  • Circle Image
    චතූ
    ලස්සනයි නංගි ❤
    -2021-02-24 10:19:09
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි චතු අක්කා ❤
    -2021-02-25 05:27:17
  • Circle Image
    Vosandi Dissanayake
    ඒ වචන වලට මාත් අයිතිද කියලත් හිතුනා
    -2021-02-26 03:47:10