Nisadas /මගේ පණ...❤❤❤❤❤❤

...
...

Sandu U Nanayakkara

මගේ පණ...❤❤❤❤❤❤

අහම්බෙන් හමුවුණු නුඹ ....
මහමෙරක් වුණා මගෙ දිවියට..
හිඳිනු කෙලෙසක..
නුඹ නැතිව මම..
හිතන්නටවත් බෑ පණ..
සත්තකින් මේ හිත තුළ..
ප්‍රේමය උපන්නේ ඔබ නමින් බව..
යළි යලිත් පසක් කරමි මම..
මැරුණු මගේ දිවියට පනක් එක් කලේ..
ඔබයි ඔබේ සෙනෙහස බව..
කොහොම කියන්නද සබඳ...
සසර පුරුද්දට බැඳුනු මේ ස්නේහය..
රකින්නෙමි සදා..හද ගැහෙන තුරාවට..
රන්ඩු සරුවල්, සිත් තැවුල්, බැනුම් කෝටියක් මැද...
එකට ආවේ නොබිදෙනා ප්‍රේමයෙන් බව..
කිසිවෙකුට වත් වෙන් කරන්නට බෑ අපේ ඒ විශ්වාසය..
ප්‍රේමය, ආදරය, රැකවරණය, අවබෝධය එක් මුසුව...
මෙතෙක් කල් ආ ගමන් මග..
පසුපස හැරී බැලූ විට ඇත්තේ...
අසීමිත වූ ප්‍රේමයේ කැපකිරීම බව...
ඔබ දන්නවාද...
මගේ පණ...❤❤❤❤❤❤❤

**සඳූ **


Comments

  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    අවසන් සුසුම් හෙලනා මොහොතේ අවසන් නොවනා මතකයක් වෙන් වු පෙම් සිත් අතරේ වෙන් නොවු සිතක්
    -2019-02-27 16:18:14
  • Circle Image
    Sandu U Nanayakkara
    නොමියෙනා මතක තුරුළු කරගත් ප්‍රේමයක්... වෙන් නොවෙයි කිසිදා එයත් එක් සැබෑ ප්‍රේමයක්.. ❤❤
    -2019-02-27 17:47:41
  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    විරහ වේදනාවෙන් මොර දෙන මතක සංග්‍රාමයක් දහස් මල් අතරින් රොසමලකට පිදුනු පුජාසනයක් එයයි සැබෑ පෙම
    -2019-02-28 00:28:50
  • Circle Image
    Hansinidukin enu mana Hanisi
    😀
    -2019-03-10 18:20:30