Nisadas /එකම අහස යට!!!!!

...
...

Nilushi Nisansala .

එකම අහස යට!!!!!

දියවෙන සබන් කැටයෙත් කැටයම් කොටලා
පයලන පාවහන් වල විසිතුරු යොදලා
ඇඟලන සළුපිළිත් කපුවෙන් නිම කරලා
ඇති අය රඟති නැති බැරි පොඩිවුන් පෙළලා

අණ්ඩ දමා ඇඳ ඇඳ වැරහිලි
ඇඳුම
නැහැ දිව බොජුන් තියා ,කුස පිරෙනට කෑම
ආස නමුත් අමතක කොට
ඉගෙනීම
දිව් රැක ගන්න වෙහෙසුනේ වුන්
හැමදාම

සේද,දුහුල් ,සළුපිළි නෑ දූගී
පැලේ
රන් අභරණ ,තොඩූ ,මාල නොමැත ගෙලේ
අසරණ වී ඉපදුන මුත් දිළිඳු
කුලේ
ඇති අය මෙන් නැහැ, පොඩි අපි වැරදි කලේ

සඳ ,තරු පෙනේ පොල්අතු වහලේ මැද්දෙන්
වහිනදාට නිදි නැත තෙමිලා වැස්සෙන්
කෙසේ වෙනස් වෙද ඒ අය පොඩි අපගෙන්
දිළිඳු නමුත් එක අහසක් යට මිනිසුන් .........


Comments

  • Circle Image
    Sandu U Nanayakkara
    👍
    -2019-03-12 13:09:02
  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    සිහිනය කුසගින්න නිවෙන කන් මේ අහස් භුමියේ දෙනොදාහක්
    -2019-03-18 00:32:14
  • Circle Image
    fahad ksa
    Man godak asi harima lassani vary nice
    -2019-07-01 18:31:40