Nisadas /අවසර දුන්නේ කවුදෝ

...
...

Iroshi Weerasuriya

අවසර දුන්නේ කවුදෝ

අවසර දුන්නේ කවුද නුඹට
මගෙන්වත් නාහා
මගේ හිතට එන්න...

අවසර දුන්නේ කවුද
මටත් නොකියාම
මගේ හිත හොරා ගන්න...

අවසර ගත්තේ කාගෙන්ද
මගේ හීනයේ
රෑ පුරා හිනහෙන්න...

අවසර ගත්තේ කාගෙන්ද
මගේ කවි අස්සට ඇවිත්
අකුරු වෙලා ලියවෙන්න....

අවසර නොගත් නුඹවම
අද හිත හොයන තරම්
එක සැරයක් ඇවිත් යන්න
මගේ අයිතිය නුඹටම දෙන්න....


Comments

  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    අකුරු නොදත් හදකින් නෙත් කැන් රැහැනින් බැදේ හුයකිනින් මෙන් සුරත
    -2019-04-04 00:25:02
  • Circle Image
    fahad ksa
    Its vary biutiful
    -2019-07-01 18:26:28