Nisadas /අම්මා..

...
...

Sandu U Nanayakkara

අම්මා..

කව් ගී මොටද ඇගේ උනුසුම ඇත නිම්මා
පෙව් කිරි වලට ණය ගෙවන්න බෑ අම්මා
හුරතල් කතා කියමින් දැඩි කළ අම්මා
දිවි ඇති තුරා කරනෙමි පෙම් මගෙ අම්මා

සිඟිති දෙපා පොඩි හිමිහිට අත ගෑ අම්මා
මගේ සුදුමැණික කෝ යැයි සෙව්වා අම්මා
නිරතුරු ස්නේහයෙන් මා සැනසෙව් අම්මා
හැමදා වදින්නෙම් මගෙ ලොව සඳ අම්මා

සැර වැර කලත් සුළු මොහොතින් ඔබ නිහඬයි
මා ලොව සවිය ඔබමයි උණුසුම පහස ඔබයි
නැත වෙනතක් ඔබමයි මගේ සතුට එයයි
අම්මේ ඔබයි මගෙ ලොව මිණි පහණ ඔබයි

පතන පතනා හැම පැතුමම ඉටු වේවා!
සසර කම් සිඳී සියොලඟ බැබලේවා!
නිදුකින් පීරී ඔබෙ මුව රඳ වැජඹේවා!
මගේ මෑණියන් හට ආයුෂ වැඩි වේවා!

සුබ උපන්දිනයක් වේවා අම්මා!


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    රෝස මල් මිටක් නොව ජීවිතය හැමදාම දුක් කඳුළු සෝ සුසුම් මතුව එයි වරින් වර අතීතය මුවාකළ තිබුණිනම් දුක් ගැහැට සියල්ලම ඉවත් වී නැවුම් හෙට දිනක් වී යස ඉසුරු මල් පිපුණු සතුට සැනසුම පිරුණු පැතුම් ආසිරි මිටක් සුබ උපන් දිනයකට..
    -2019-04-25 13:22:15
  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    අයියෝ භාගයයිනේ තියෙන්නේ අක්කියෝ ඔයාට දාපු කමෙන්ට් එකේ
    -2019-04-25 13:23:15
  • Circle Image
    Sandu U Nanayakkara
    E mko e??🤔
    -2019-04-27 07:05:52
  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    අනේ මන්දා අක්කි. අක්කිගෙ අම්මා වෙනුවෙන් නිසඳැසකින්ම සුභ පැතුවේ. ඒත් ඒකේ භාගයයි ඇඩ් වෙලා තියෙන්නේ මැණිකෝ...
    -2019-04-29 12:32:54
  • Circle Image
    Sandu U Nanayakkara
    Ane..ehmda??thanq patto😘
    -2019-04-30 17:41:28
  • Circle Image
    Umeshika Nethmini
    Eka lassanai
    -2019-05-15 15:01:24
  • Circle Image
    Sandu U Nanayakkara
    Thanq nangoo💪
    -2019-05-17 17:00:18