Nisadas /ඉතින් අවසරයි...❤

...
...

Sandu U Nanayakkara

ඉතින් අවසරයි...❤

එදා මෙදා තුර,
කඳුලට කඳුල මුසු කරමින්,
සතුටට සිනහව එක්කරමින්
නිරන්තර සෙනෙහසින්
සුබ සිතින් සෙත් පැතුම්
රැගෙන පැමිණි
සහෘදයාණෙනි...
මෙතෙක් කල් ආ ගමන් මග
පුරා නිබඳ සවියක් වෙමින්
එකම මාලයක
මුතු ඇට මෙන්
කැටුව මේ කළණ සිත් සතන්
ඉතින්..
අවසරයි..
වෙන්ව යන්නට..
අතීත මතක තුරුළු කරගෙනම
අනාගත පවුර සිප ගන්නට..❤

සදා නොවෙනස් මා
සඳූ ..............


Comments

  • Circle Image
    💘තූර්යා💘
    ලස්සනයි අක්කි පණ....💖💖💖💖💖😙😙😙😙😙😙
    -2019-07-02 03:45:12
  • Circle Image
    Sandu U Nanayakkara
    Thanq nanga❤
    -2019-07-03 13:48:36