Nisadas /මිතුරියේ.....

...
...

💖💖චතූ💖💖

මිතුරියේ.....

ජීවිතේ සැනකෙළි නිමාවී..
මිතුදමේ කඳුළැලි ගලාවී..
ඔබ සොයාගෙන එන්න හිතුණත්,
ඔබ මගේ ළඟ නෑ දයාවී...

උදේ හිරු එයි, කුසුම් පුබුදයි..
පුබුදු වූ මල් සුවඳ පතුරයි..
සොබාදහමේ සොඳුරු සිතුවම්,
අසිරිමත් වී දෙනෙත පොපියයි.
ඒත් ඔබ නැති ලොවක තනි වූ,
විටදි මට මුළු ලොවම අඳුරුයි...

සහසක් තරුමල් පිපුණු නුබ ගැබ,
මැණික් පළසක් වගේ බබළයි..
ලොවට රහසින් සඳ නැගී විත්,
තාරකා මල් අතර ඇවිදියි..
ඒත් ඔබ නැති ලොවක මට හිමි,
මිතුරුකම දුන් සුසුම විතරයි...

💖💖තරූ සමනළී💖💖


Comments

  • Circle Image
    Pavithra Gaminda
    ආදරයක් මිතුදමක් නොවන අතර මිතුදමක් ආදරයක් වියහැක
    -2019-07-13 19:02:38
  • Circle Image
    Pavithra Gaminda
    ඇතුලාන්තය වේදනාකාරී උවද වදන ලස්සනයි
    -2019-07-13 19:04:10
  • Circle Image
    💖💖චතූ💖💖
    තෑන්ක්ස් අයියා
    -2019-07-14 05:06:48
  • Circle Image
    Pavithra Gaminda
    Well come
    -2019-07-14 07:24:01