Nisadas /කඩා වැටෙනා... තරුව

...
...

ShaKuA

කඩා වැටෙනා... තරුව

සරා සඳකට නුරා හොරහින්
රුදුරු අහසට හිතින් පෙම්කල
මලානික වු පුංචි තරුවක්
දවල් අහසෙත් තනිය මැකුවා.
එක හිතක නැති, හිතක හදවත
නිමක් නැති ඒ දුකක් සොයමින්,
තනිය මැකු ඒ තරුව අභියස,
විරහවක කුලුදුලක් වූවා
ආදරේකට ජීවිතය දුන්
නුහුරු එළියට අඳුර ගෙතෙනා
සොදුරු අහසේ තනිය අරගෙන
කඩා වැටෙනා තරුව ඇඬුවා...
_ශකුA_


Comments