Nisadas /_පලවෙනි ගමන_

...
...

SL SP

_පලවෙනි ගමන_

උඹව ඉස්සරහින් යවල
මං පස්සෙන් එන්න හැදුවෙ
උඹව මට පේන දුරින් තියන් යන්න

පාර දන්නෙ ඔයා කියල
ඔයා ඉස්සරහින් යන්න
මං පස්සෙන් එන්නම් කියල
උඔ කිව්වම මං ඉස්සර වුනා

රජා වගෙ ඉස්සරහින් ගියාට
නිතර නිතර පස්ස බැලුනෙ
මගෙ ලෝකෙම
පිටිපස්සෙන් එන උඹ වුන නිසා

(විjay)


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    ලස්සනයි අයියා...🌟🌟🌟🌟
    -2019-08-04 13:29:36
  • Circle Image
    SL SP
    Tnx nangii
    -2019-08-07 04:31:09