Nisadas /නුඹ නෑවිත්ම හිටියනම්

...
...

Amali Dayarathne

නුඹ නෑවිත්ම හිටියනම්

නුඹට තිබුණෙ මගෙ හිතට නෑවිත් ඉන්න
එහෙමනම් මට තිබුණා මේ මල් පාරෙ
මුකුත් නොවුනා වගේ යන්න

ආදරේකට හේතු නොසොයන්න
තව ටිකක් කල් අරන්
නොගැළපෙන තැන් ගළපන්න

සතුටිනුයි ඉන්නෙ කියල පෙන්නන්න
දැක දැකත් නොදැක්කා වගෙ
මට බැහැ නුඹ වගේ යන්න
හිතවත ඔය නපුරුකම්
තවත් බෑමයි ඉවසන්න...

අමාලි දයාරත්න


Comments

  • Circle Image
    Umayangani Bandara
    ගොඩක් ලස්සනයි
    -2018-10-19 04:15:38
  • Circle Image
    Saduni Madushika
    Udeshika
    -2018-12-31 09:06:56