Nisadas /ආදර තාත්තා

...
...

Shashii Prasadi

ආදර තාත්තා

දහදිය කදුලු මිනි මුතු විය නුබෙ පෙමට...
කරගැට පිපුනු අත් රලු විය විදි
දුකට...
රිදුමන් නොදී මා සැනසූ
හදවතට...
නුබ මගෙ තාත්තා වූයේ පෙර
පිනට...
ගොතනට එකින් එක පදවැල් නැත මැවුනේ...
නුබේ ගුණ ගයන්නට ලෝකය මදි සිතුනේ...
මහමෙර හිසින් අරගෙන නුබ දුර
ආවේ...
නුබෙ සෙනෙහසට උපමාවන් නැත ගෙතුනේ...
දිවියම මගේ හැඩ කෙරුමට නුබ වෙහෙසී...
දුක් කම්කටොලු වින්දා නොඅඩුව
පේවී...
දිනුමක් ලදොත් ජීවිතයේ මතු
දිනෙදී...
ඒ නුබ නිසාමයි පෙම්බර
අප්පච්චි...

ශශී


Comments

  • Circle Image
    ✍️Nilushinisansala✍️
    ලියවුණු නමුදු නෙක කවිපද මව් පෙමට. මදි ලියවුණා තුති ගී පද පිය තුමට. අඩුවක් වුණි ද දැක් වූ මහ සෙනෙහසට . මහමෙර උසට ආදරේ ඇත පපුව යට
    -2020-06-08 13:03:01
  • Circle Image
    ✍️Nilushinisansala✍️
    මහමෙර උසට ආදරේ ඇත පපුව යට .
    -2020-06-08 13:03:48
  • Circle Image
    Deesha Nethsarani.
    ගොඩක් ලස්සනයි 🙏❤
    -2020-06-09 00:34:20
  • Circle Image
    Shashii Prasadi
    Thank u❤️
    -2020-06-09 04:08:41
  • Circle Image
    Shenali Sewwandi
    හරිම ලස්සනයි 🙏❤️❤️
    -2020-06-10 11:57:41
  • Circle Image
    Shashii Prasadi
    Thank u❤️
    -2020-06-12 07:51:18