
හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..
හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..
සොඳුරු පෙම ඇති සිත තුළ මතක් වෙන්නේ ඔබමය..
හීන අහුලන දෙනයන ඇහුලූ හීන අපමණ..
ඉතින් දැන් සොඳුර ..අහුලමු ඒ හීන එක්ව අපි දෙදෙන..

අහිමි සෙනෙහසට ලියමි
දවසෙන් තත්පරයක් වෙන් නොවෙච්ච්...
හුස්ම ම සල්ලි වෙච්චි..
දෛවයෙන් මට ලියැවුණු හිස් පරිච්ඡේදයකි නුඹ..
සල්ලි ම ජීවිතය වෙච්චි..
යකඩ ලෝකය ම වෙච්ච්..
නුඹේ ඔය පපු ගැඹුරේ කොහොම නවතින්න ද මං..??

**තාත්තා**
දරාගෙන දුක් ගැහැට..
නොනිදා ම තුන් රැය ම..
විඳි වේදනා අපමණ යි..
ගතට නැත නිවනක්..
සිතට නැත සෙවණක්..
හෙළූ දහදිය අපමණ යි..
නොවුන්නත් දසමසක් කුස දරා..
සමසිත් හි සිත දරා..
දුන් වෙර විරිය අපමණ යි..
කිරි වුණේ නැත ලේ නහර..
උණු වුණා පිතු ස්නේහේ ලේ නහර..
දුන් හුස්ම පොද අපමණ යි..
පුතෙකි..සොයුරෙකි..
වරෙක සැමියෙකි..
දුන්නු ස්නේහය අපමණ යි...
පියෙකි..අද ඔබ දියණියක් ලැබ..
ලොවක් පූජිත සසර බැඳි මඟ..
ලැබූ පදවිය අපමණ යි..
ලැබූ ශ්‍රී සුබ උපන්දිනයක්..
රැගෙන ආසිරි හද බැතින්..
පතන්නෙමි නිදුකින් නිරෝගි ව..
දිනේවා..!මතු මතු යලිත්..**
**සදූ**

**ඈ කළු ලඳක්**
දිනෙක දුටු දසුනක්..
රැගෙන මල් පොකුරක්..
සිනා නෙක අහුරක්..
විය අසල පන්සලක්..
ඇය සමඟ හිඳි කතක්..
විය මල් ගනුදෙනුවක්..
යුහුසුලු සිතක්..
නැත දුක් බවක්..
ජීවන බරක්..
ආගන්තුක බවක්..
දැකුමෙන් නැතේ මට..
අඩු බවක්..
ඈ කළු ලඳක්..
ඇත සුන්දර ගතක්..
ඇය..උස් හඬින් පවසයි..
දනන් නෙක්..
""අනේ...අපෙනුත් ගන්න..මල්..""
**සඳූ**

**බකමූණු ප්‍රේමය**
දුර ප්‍රේමයක් ඇත පරිස්සමක් නොවුණූ..
වෙලාවක් නොමැත හමුවීමට සිත් බැඳුණූ..
කල්-යල් බලා අමතයි නොමනා බමුණූ..
පතෝල මිනිසෙක් සේයි, නුඹ නම් මට ලැබුණූ..
රණ්ඩු කර බැන වැදී ඔහු හට ඵලක් නැතේ..
කතා නොකර සිටියත් එහි වැඩක් නැතේ..
කඩදහි ලිප දමා මෙන් සංවාදෙ ඇතේ..
ඔහුද නොදනිතේ කිසිවක් ලොවෙත් නැතේ..
ප්‍රේම බස් දොඩන්නේ නැත ඔහු බමුණූ..
කතාවක්-බහක් නැති බව අපි දනිමූ..
එහෙත් ප්‍රේම කළයුතු බව සිහි තබනූ..
තුරුණු විය ඔබෙයි මගෙ වෙයි බකමුණූ..
**සඳූ**

**ලියනාඩෝ**
ප්‍රේමයත් කලාවක්..
පිකාසෝ නොදත් මුලාවක්..
විටෙක ශාපයක්..විටෙක පාපයක්..
ඔහු ද එක් සිත්තරෙක්..
විය වශීයක්..
සිත්තමක්..පින්තාරුවක්..
විය රටාවක්..
ස්ත්‍රී දේහයක්..
මලානික බැල්මක්..
පාළු හුදකලාවක්..
ඈ..මොනාලිසාවක්..
"කොහොම ඇඳුනාදෝ ඇය..,"
ලියනාඩෝ..??
**සඳූ**

**නිමේෂයක අරුම ය**
"හැඟීමක තද ගති ය..
සිතිවිල්ලක එතී ය..
දිගින් දිගට ම දැනී ය..
බැඳීම..ඇලීම..පද වැලක් ගෙතී ය..
අරුතක් ද නැත්තේ ය..
සිරුර සිරවීය..
කඳුළු පිරුනී ය..
දෑස බොඳවී ය..
අහෝ! නිමේෂයක අරුම ය.."

**සසර බැඳි බැම..**
සිහිනයකි ඔබ මට මේ දිවි මඟ සැරසූ..
පහනකි ඔබ මට මගෙ ලොව එකළු කෙරූ..
සවියකි ඔබ මට නිබඳ ව මසිත් දිරිමත් කෙරූ..
කවියකි ඔබ මන බැන්දූ සිත් රුසිරෙන් නැහැවූ..
සිනහව ඔබයි මා නිති පිනවූ මා සබඳ ඔබයි..
අත්වැල ඔබයි මා ලොව ලැබු සවිය ඔබයි..
කිත්යස ඔබයි මා ලොව දිනු කිරුළ ඔබයි..
පෙම්බර ඔබයි මා හද බැඳි බැම්ම ඔබයි..
පතන පතන පැතුම හැම කල් ඉටුවේවා..!
සිතන සිතන දේ නිති ඔබහට ලං වේවා..!
සසර කම් සිඳී සියොලග බැබලේවා....!
මගේ හිමියන්ට මතු මතු දින ජය වේවා..!
**සඳූ**

**කිවිඳිය ඈ...**
කිවිඳියක් ඇත නෙක නෙක විදි කවි ලිව්ව....
අදහස් දහස් වර පටලා ගැටගැහුව..
එළිසම එළිවැට කදිමට ගලපා මැව්ව..
ඇය කදිමයි ලියුමට පද පෙළ සෙව්ව..
දේදුනු සේම රන් පද පෙළ රටා මවයි..
දිනකර සේම සිත් සොම්නස සතුට ගෙනෙයි..
වැසි බිඳු සේම සිත් මල් සිසිලසින් තෙමයි..
ඇය කිවිඳියයි..නන් දෙස කවි බසින් පුදයි..
ලියුමට පද වැල් -අමුණා රන් සේමා..
ඇගයුම, ඇරයුම, ගැලපුම සිත් සේමා..
මනහර වහර යොදමින් මන කල් පේමා..
ඇය හපනෙකි ලියුමට කවි බස් බෝමා..
**සඳූ **

කතෘ අඥාත යි..🤦
එදා සවස වැසි යාමය පාළුකොට..
ගොඩවුණා මමත් හනිහනිකේ බුකිය වෙත..
ලෝඩ් වුණා වරුවක් එය එපා කොට..
පැහැදිලි යමක් දුටුවා මම බුකිය මත..
හා(ර්)ට් එක බ්රේක් උනා එක්වර දුටුව විට..
සඳහන් කර ඇත යමක් එය ශෙයා කොට..
දුක්බර ගීය..විරහව ඇත.. පුදුම මට..
ඇඬුනා ඔහුගේ බූට් කවිය දුටුව විට..
කවුද , ඔහු මෙසේ ලිව්වේ කාහට ද??
නොදැනුනා මටත් කිසිවක් ඒ කවියක් ද??
බැලුවා නමක් ඔහු කවුරුන් වී ඇති ද??
දුටුවා යමක් බූට් කවිය අවසන ම..කතෘ අඥාත යි....""🤦
**සඳූ **

ඔහු ද එක් උපාසක ඇත්තෙක්😉
සිල් රෙද්ද පොරවාගෙන..
පන්සල වෙත පියමැන..
උපාසක මහතෙකි මෙහි එන..
කියවයි බණ පොතපත..
ඊටත් නොදැවෙනි'යි ඔහුගෙ බණ..
කීම නම් උජාරුය..ඔහු තරම් දැනුමැත්තෙක් ද නැත..
ලැබෙන තුරු දානයක්..
නැත ඔහුට ඉවසුමක්...
ලද විගස විවේකයක්...
ගනියි කෝප්පයක්..කෑගසා ඉල්ලයි ගිලන්පසක්...
නැවතත් කියවයි බණ පොතක්..
මුණගැසුනොත් යමෙක්..
කියවයි පුරසාරමක්..
""මගේ දූට සාරයි..පුතා නම් මෙහෙමයි""
නමුත්.......
ඔහු ද එක් උපාසක ඇත්තෙක්..😉
**සඳූ **

කළලයක් කතා කරයි..😥🤰
මටත් දැනෙනවා මහ ගොඩක් හැඟීම් නම්..
කිව නොහැක එය වචනයකින් නම්..
දකින්නට ආසයි අලුත් ලොවක් නම්..
අනේ..! පිං සිදුවෙයි..මැරෙන්න බෑ මට නම්..
අම්මගෙ හුස්මින් මම ත් හුස්ම ගත්තා හැමදාම..
අම්මගෙ විදියෙන් මම ත් ලෝකය දැක්කා හැමදාම..
අම්මගේ කෑමෙන් මම ත් කුස පුරෝගත්තා හැමදාම..
අනේ..! උපදින්නට එපා මතු බවයක මෙලෙසින් ම...
දැනුනා අම්මා අඬනවා එක රෑක කුස තුළට..
ඇහුනා තාත්තා කිව්වා වැඩක් නෑ ඕකා මෙලොවට...
අකමැත්තෙන් ද මම ආවේ අම්මගෙ කුස තුළට..
අනේ..!මේ ලොව මෙතරම් කුරිරු ද දරුවන්ට..
කම්සැප විදියි නූගත් මිනිසුන් සැපට...
අහිංසක දරු පැටව් මියැදෙයි ඒ පවට..
සැපම නොවෙයි දීපන් දිවියක් ලොවට..
සසර බිය දැනෙයි කම් ලොල් වූ පවට...
**සදූ**

මගේ පණ...❤❤❤❤❤❤
අහම්බෙන් හමුවුණු නුඹ ....
මහමෙරක් වුණා මගෙ දිවියට..
හිඳිනු කෙලෙසක..
නුඹ නැතිව මම..
හිතන්නටවත් බෑ පණ..
සත්තකින් මේ හිත තුළ..
ප්‍රේමය උපන්නේ ඔබ නමින් බව..
යළි යලිත් පසක් කරමි මම..
මැරුණු මගේ දිවියට පනක් එක් කලේ..
ඔබයි ඔබේ සෙනෙහස බව..
කොහොම කියන්නද සබඳ...
සසර පුරුද්දට බැඳුනු මේ ස්නේහය..
රකින්නෙමි සදා..හද ගැහෙන තුරාවට..
රන්ඩු සරුවල්, සිත් තැවුල්, බැනුම් කෝටියක් මැද...
එකට ආවේ නොබිදෙනා ප්‍රේමයෙන් බව..
කිසිවෙකුට වත් වෙන් කරන්නට බෑ අපේ ඒ විශ්වාසය..
ප්‍රේමය, ආදරය, රැකවරණය, අවබෝධය එක් මුසුව...
මෙතෙක් කල් ආ ගමන් මග..
පසුපස හැරී බැලූ විට ඇත්තේ...
අසීමිත වූ ප්‍රේමයේ කැපකිරීම බව...
ඔබ දන්නවාද...
මගේ පණ...❤❤❤❤❤❤❤
**සඳූ **

**දූවිලි මලක්**
කොහෙන්දෝ උපන් කදුළු කැට
එකිනෙක පෙළින් වැටුනට
කිරි සිනා ලවන් සතුටු කොට
එක් කලා එළියක් දුක් මුහුණකට
නොදැක්කෙම් සිනහවක්
නොදැක්කෙමි දොම්නසක්
ඇය සතු වුණා සම සිතක්
දුටුවා සතුට පිරි කඳුළු කැටයක්
කිරිසිනා මුව හස රැන්දූ
නොකිළිටි නුවන් හද බැන්දූ
දෙයත් එක්කොට මා හට වැන්දූ
දියණියක් ඇය පව් කම් නොම සින්දූ
ලොවක් පතනා නිදහස් ලොවක්
දැයක් තනනා සුවිසල් හෙටක්
රටක් දිනනා පින්බර සිතක්
වන්නට අවැසි ඇය දූවිලි මලක්
** සඳූ **

**මෙහෙණියක් ඇය..**
කවක් වූ අද දසුනක් එදා මට
සොඳුරු යුවතිය පෙරදිනේ මට
සියළු කෙලෙසුන් බිද දැමීමට
වෙර දරන්නිය ශාසනේ සිට
තැඹිලි සිවුරකි ගත දැවටූ
ගත සිත නිවූ මෙහෙණියක වූ
ලොව්තුරා ගමනින් එතෙර වූ
ශාන්ත වූ අමා සුවය ම පැතූ
එදා සිටි ඔබම ද මේ
සිතා ගනු බෑ මට ලඳේ
පෙම් කවක් ලියූ ඒ රුවේ
කොහොම වෙනසක් ද සිදු වුනේ
ප්‍රේමයේ සිහසුන් දරා සිටි රණ හංසිකාවිය ඔබයි
මා හදේ ලැගුම් ගත් මා ප්‍රිය දේවතාවිය ඔබයි
පෙර කෙරූ මහ පාප කර්මෙට ද්‍රෝහි වූ නරුමයා මමයි
සමාවෙනු මට සමාවෙනු මට සියළු දුක්ගිනි දුන්නේ මමයි
දෛවයේ හමුවීමක් ලෙසින් අද
මුණගැසුනත් නුඹේ වත සඳ
මට අයිති නැති වග ඒ ලඳ
පෙන්නුවා නුඹ එකී සරදම්- රන්කඳ
**සඳූ**

"යථාර්තය"
"ජීවිත මං පෙතේ
උඩ-යට ඇවිදිනා..
හිස් වු අරමුණු
හිස් වූ මොළ ගෙඩි..
මිල-මුදල්
ලුහු බදිනා..
පරපෝෂී වූ
සමාජ ජාලා...
සිත-පිත් නැති උස් කුහර
වසත් සමය අවසන වූ තැන..
නමක්-ගමක් නැති
ගිරි ශිඛර මත...
ගිමන් නොහැර ම
අවසන් හුස්ම පොද හෙලන
වගයි..."🤐
**සඳූ**

මනමාලී👰
පෙරුම්පුරා මඟ බලනා
දින ගනිමින් ඇති මනා
පියකරු මල්-මල් සිනා
මවයි සිත්තම් රුසිරෙනා
නෙක නෙක ඇඳුමින් සැරසෙන්නිය
රූබර රන් අභරණ පළඳන්නිය
සොඳ තැලි ලා මාල සතක් දමන්නිය
ඇය මනමාලී මඟුල් දිනේ සරසන්නිය
සුදුවන් සේල ඇඳ පෝරුව මත පිහිටාලා
දෑගිලි බැද ඔහු හා සතුටින් හිනැහීලා
ජයමංගල ගී නාදෙන් දෙසවන් පුරවාලා
ඇය අරඹයි යුග මඟ ඔහු අත දවටාලා
නව යෞවන විය කිරුළ පැලදි ඇය සුකුමාලී..
මල් දවටා හිසකේ මත නව සුවදින් හද කළඹාවී..
කෝල සිනා මුදු දෙකොපුල් රත් වූ අවිහිංසක මනලෝලී..
ජීවිත ගමනේ දොරගුළු විවර ව යන්නට ආසිරි ගීත ගයාවී..
**සඳූ **

පිං ඇති වරම..👩🎓
සොයා පිළිසරණක් ඒ මේ අත දුවනා
කලක් එළඹී නිමේෂයෙන් වෙලෙනා
නෙක නෙක මත ඇත එකිනෙක ගැටෙනා
දැනුම්-සයුර තරණය අපහසු වී පෙනෙනා
දිගු කාලයක පාසල් ගමනේ නිමාව
සටහන් කළා අපහසුවක් ගෙනාව
ලබැදි හිත මිතුරු සුවඳක දයාව
අවසන් කලා පාසල් විය මනාව
සිහින අකුරු එකපෙළ එක අමුණාවී
ගමේ පාසලේ බැඳි සුව දැනේවී
නිබඳ දිරිය විදු පියසෙන් ලැබේවී
සවිය කිරුළ ඔද තෙද බල දිනාවී
සරසවි වරම ලැබ ආ දා පාසලට
කිත් යස ලබා දිනුවා මුළු ලොව පෙරට
නොලැබූවත් වෙන වරමක් මතුදාට
පිං ඇති වරම "සරසවිය" යි මගෙ ලොවට
* *සඳූ **

මැණිකේ
මැණිකේ..
උඹේ තරම් කැටයම් මම ඇම්බැක්කෙවත්
දැකලා නෑ..
පුළුවන්නම් ඔය ටික ලාබෙට
දීලා දාපන්
අපිට මොකටෙයි ඔය..
නුපුරුදු කැටයම්..
සදූ

සදා ආදරෙන්...❤❤
හිත රිදුණම මට අඬන්න..
දුක හිතුනම හිත හදන්න..
බය හිතුනම තුරුලු වෙන්න..
ආදරයෙන් සනසවන්න..
ඔය උණුහුම ඇති හොඳටම...
හිත පොඩ්ඩක් නිවන් යන්න..❤
සඳූ

ගීය නුඹ...❤
කවියක් ඔබ නිසරු මං පෙත සරු කෙරූ
තනුවක් මම එවන් සරු බිම හැඩ කෙරූ
ගීතයක් ඔබ තනුව තව මනරම් කෙරූ
සඳ සාවී මා එකී ගීයට පෙම් කෙරූ
සඳ සාවී 🌙

රඟ මඬලේ අපි..👍
පවසන්නට යමක් ඇත දැනගන්නට බොහෝ වෙතා..
නූතන රටා විස්කම ඇත ලොවක්
වසා..
කළ යුතු නොකල යුතු දේ ගැන හොඳින් සිතා..
විමසිය යුතුයි සිහි බුද්ධිය ඇතුව
ගතා..
ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය
දෙමාපිය දූදරු සොහොයුරු බැම්මෙන් ය
නමුත් අද ලොවේ ඇති එක විදියක් ය
හැම බැදීම ම සමාජ ගත වී වැඩි ය
දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත මුහුණු පොතේ..
නමුත් සැබෑ සෙනෙහස නැත ගෙදර දොරේ..
සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ..
බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ..
පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා
ආදර කතා ඇත ලොවටම පල වීලා
හැම බැඳීමක ම එක රස පෑහීලා
විවිධත්වයක් නැත අද ලොව එක වීලා
මුහුණට යාළු ඇතුළත ඇත නරි යා ලූ
පිටතට හිනා ඇතුළත ගිනි කබලක් ලූ
ආදර,විරහා හැම බැම් බැම මගුලක් ලූ
මේ වගේ රැගුම් රඟනා හැම නළුනිළිලූ
සඳූ..(සඳ සාවී 🌙 )

රඟ මඬලේ අපි..👍
ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය
අඹුසැමි දෙමාපිය සොහොයුරු බැඳීම් ය
නමුත් අද ලොවේ ඇත එක විදියක් ය
හැම බැඳීමම සමාජගත වී වැඩිය
දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත අද මුහුණු පොතේ
නමුදු සැබෑ සෙනෙහස නැත ගෙදර
දොරේ
සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ
බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ
පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා
ආදර කතා ඇත ලොවටම පල වීලා
හැම බැඳීමකම එක රස පෑහීලා
විවිධත්වයක් නැත අද ලොව එක වීලා
මුහුණට යාළු ඇතුළත ඇත නරි යාලූ
පිටතට හිනා ඇතළත ගිනි කබලක් ලූ
ආදර විරහා හැම බැමි බැම මඟුලක් ලූ
මේ වගේ රැඟුම් රඟනා හැම නළුනිළිලූ
සඳූ (සඳ සාවී 🌙 )

කොපි කල හැක,සම කල නොහැක.👌
ගුත්තිල වෙයන් හැම කල් නිති ලය ඇදුරූ
අත් පොත ඔහුයි කව් ගී රස මන් සොඳුරූ
මූසිල නොවන් ඒ කවි ගී කොපි කරපූ
කොපි කළ නුමුත් සම නොම බව සිහි තබනූ..😜☝️👌
** සඳූ**

අලුත් අවුරුදු පැතුම..
ආයු බල වැඩේවා..!
සිත් තුටින් පිරේවා..!
සාම සුව ලැබේවා..!
ඉසුරු යෝගය උදාවේවා..!
අපල දුරු වේවා..!
රෝග පීඩා මඟ හැරේවා..!
නැණස බල වැඩේවා.. !
කිරෙන් පැණියෙන් පිරී ඒවා..!
සැම දුක් නිවේවා..!
පැතු පැතුම් ඉෂ්ඨ වේවා..!
සතුරු බිය නැසේවා..!
අලුත් අවුරුදු ජය ම වේවා..!!(2019.04.14)
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏
** සඳූ**

අවුරුද්ද..
උඹ නැතුව මට
මොන අවුරුදුද....??
යන්න දුන්නා ඒකට ඔහේ..
උඹ ලඟ නැති නිසා..😔
සඳූ**

අම්මා..
කව් ගී මොටද ඇගේ උනුසුම ඇත නිම්මා
පෙව් කිරි වලට ණය ගෙවන්න බෑ අම්මා
හුරතල් කතා කියමින් දැඩි කළ අම්මා
දිවි ඇති තුරා කරනෙමි පෙම් මගෙ අම්මා
සිඟිති දෙපා පොඩි හිමිහිට අත ගෑ අම්මා
මගේ සුදුමැණික කෝ යැයි සෙව්වා අම්මා
නිරතුරු ස්නේහයෙන් මා සැනසෙව් අම්මා
හැමදා වදින්නෙම් මගෙ ලොව සඳ අම්මා
සැර වැර කලත් සුළු මොහොතින් ඔබ නිහඬයි
මා ලොව සවිය ඔබමයි උණුසුම පහස ඔබයි
නැත වෙනතක් ඔබමයි මගේ සතුට එයයි
අම්මේ ඔබයි මගෙ ලොව මිණි පහණ ඔබයි
පතන පතනා හැම පැතුමම ඉටු වේවා!
සසර කම් සිඳී සියොලඟ බැබලේවා!
නිදුකින් පීරී ඔබෙ මුව රඳ වැජඹේවා!
මගේ මෑණියන් හට ආයුෂ වැඩි වේවා!
සුබ උපන්දිනයක් වේවා අම්මා!

මේ මගේ දේශයයි
ජේසුනේ, බුදුනේ, මගේ දේශය රැකදේවා!

වෙසඟේ සැබෑ සිරිය විඳගන්න..
යාළුවනේ..අපිට නැතිවුණේ "වෙසක්" නොව..වෙසක් කලාප පමණයි..වාණිජකරණය වුණු ලෝකේ ආමිසයෙන් පමණක් ම වෙසක් සැමරීම නවතා ප්‍රතිපත්තියෙන් වෙසක් සමරන්න ගත්තු ඒ ව්‍යාමය අතිවිශිෂ්ටයි.
ගෙවුනු වසර තුළ එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින්, කලකෝලහාල ඇතිකරමින් ජීවත්ව වසරකට එක් දිනක් පමණක් ආමිසයෙන් සංග්‍රහ කිරීම සුදුසු නැත.කළ යුත්තේ බෞද්ධයා ප්‍රතිපත්තිගරුක වීමයි,ගිහියන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය ආරක්ෂා කිරීමයි.
නිවසේ දල්වන බුදු පහන ඇරුණු කොට බෞද්ධයාට වෙනත් ආරක්ෂාවක්, පිහිටක් නොමැත.මේ වෙසක් අසිරියේ සැබෑ සිරිය විඳගන්න..එකමුතුව වැඩ කරන්න..යහපත්ව ජීවත්වන්න,බවුන් වඩන්න, ක්ලේශස්ඛන්ධයෝ දුරලන්න,විරාගය වඩන්න, මෝහයෙන් මිදෙන්න, නිර්වාණය වෙත පියනගන්න.
"සුබ වෙසක් මංගල්‍යයක් වේවා!"
*සඳූ*

මහිංදාගමනය...🙏
"*තිස්ස තිස්ස*..."
ඇසුණා හඬක් ශාන්තිමත් වූ..
දෙනෙත් විවරව බැලූ..
පින්වන්ත රුවක් දුටූ..
එදා ගල මුදුනේ...
සමිදුන් සෙමින් වැඩියේ..
කැටුව පිරිවර නිතිනේ..
ඇසුන බුදුබණ සොඳිනේ..
අද සිටියනම් තිස්ස නිරිඳුන්..
පිලිගනීවිද එකී බණ නම්..
සරණ වන මනු සතට බණ දම්..
අසා අරිමඟ යයි ද ඔහු නම්..
ඇසූ පැනයන් එදා අඹ ගස..
නෑ සතන් පිළිබඳව නම් යස..
ලෝ දහම් ගැන නොදැන කම් පස..
පිළිවදන් දේවිද එසේ යස..
නොවන් මෙදවස එදා සක්දරුවෝ..
ණුවණ ඇත්තෝ ඔවුහු රජ දරුවෝ..
නොවන්නට මිහිඳු තෙර හා රජවිරුවෝ..
ඉතිරි වේවිදෝ...ධර්ම වන්දනාවෝ...!!
සාධු..!! සාධු..!!සාධු..!! *සඳූ..*

ඉතින් අවසරයි...❤
එදා මෙදා තුර,
කඳුලට කඳුල මුසු කරමින්,
සතුටට සිනහව එක්කරමින්
නිරන්තර සෙනෙහසින්
සුබ සිතින් සෙත් පැතුම්
රැගෙන පැමිණි
සහෘදයාණෙනි...
මෙතෙක් කල් ආ ගමන් මග
පුරා නිබඳ සවියක් වෙමින්
එකම මාලයක
මුතු ඇට මෙන්
කැටුව මේ කළණ සිත් සතන්
ඉතින්..
අවසරයි..
වෙන්ව යන්නට..
අතීත මතක තුරුළු කරගෙනම
අනාගත පවුර සිප ගන්නට..❤
සදා නොවෙනස් මා
සඳූ ..............

පිට ගෑණි ඈ..
හිතැති ආදර මව්පියන් හැර
කුඩා කළ සිට වැඩුණු
ගේ හැර
පැමිණි දා සිට ඔහු සමඟ
ඇය..
වුණා ප්‍රිය බිරිඳ ඔහුගේම..
උදෑසන සිට නින්දට යන තුරා ම
කරන්නීය ගෙදොර වැඩ
මඟ නොහැරාම..
කෑවද..බීවද..ලෙඩට..දුකට..
සලකන්නීය..
සනසවන්නීය..
දෙවැනි මව ඈය..
දුක සැප සම සිතින් දරා
සෙනෙහෙ පුදන්නීය..
ඔහු නමින් දරුවන් හදා
දුක් ගැහැට විඳින්නීය..
එනමුදු අවසන අසයි දොස්මුරය..
*උඹ පිට ගෑනී ය*👍
සඳූ#

නොකියා බැරිය..😜👍
ලයික් යොදා මා හට කරනා හරිය
කමෙන්ට් දමා මා දිරිමත් වූ වගය
සැවොම පිනවනා කවි පද වැල් ගෙතිය
"සැමවිට රැඳෙන් මා හා"..නොකියා බැරිය
*සඳූ*😜

මඟ බලමින්..🙄😴
රෑ සඳ නුඹේ රැස් පහසේ එතෙන්නේ
මීඳුම උතුරමින් හිත් පොඩි වෙලෙන්නේ
පාවෙන වලාවන් මොනවද කියන්නේ
කළුවර වලා අස්සෙන් හිමි පෙනෙන්නේ
රැහැයියන්ගේ ගී හඬ දුක පවසාවී
කඩුපුල්- කුමුදු මල් පාලුව මුමුනාවී
මගෙ ඇස් තාම මඟ බලමින් හිඳීවී
ඔහු එන මඟ සිතමින් දින ගනීවී
හීන් හුළඟ ලය තාලය තබමින්නේ
යාන්තමට වැසි පොදයක් වැටෙමින්නේ
වැසි පොද එක-දෙක වේගය
වැඩිවෙන්නේ
මඟ බලනා මගෙ ඇස් නිදි යහනට යන්නේ
*සඳූ*

ආදරයෙන්..❤
"ආදරෙයි නම් නිදහස දෙන්න..
ඔහුට කැමති දේ කරන්න..
හිර නොකර බලා ඉන්න..
ඔබට අවැසි තැන ඔබ රැදෙන්න.
ලං ලංව රැඳෙනවට වඩා..
සිත් වලින් බැඳෙන්න..
ඉතින් සීමා-වැට කඩුලු මොටද..
ඔහු නවතන්නට..
ආදරය පමණමයි අවැසි ඔවුන්ට..
සැනසී..හිනැහී..ඉන්නට.."
*සඳූ...*

😜
එක් ආදරණීය බැල්මකට පුළුවන්..
සතුට ගේන්න" ඇයට.."
එක් උණුසුම් සුසුමකින් පුළුවන්..
සැනසෙන්න "ඇයට.."
එක් මෘදු වචනයක් හොඳටෝම ඇති..
හිනැහෙන්න "ඇයට.."
ඉතින්..................
සීමා-මායිම් මොනවටද..
නිදහස දෙන්න ඇයට..
ඇයගේ ලෝකයේ කිරුළු පලඳින්නට..
බියවන්නේ කුමටද..
ඇයට බැහැ කවදත් "ඔබ" නොමැතිව ඉන්නට..😜
*සඳූ...

සිනහා බැලුන්..😊
"දෙඅතට ගත් සිනහා බැලුන්
දෙපස වැනෙයි-නැවත වැනෙයි..
රුදුරු සුළග පමණි ඔහුට..
නැත සුමට සිනිඳු මල් මාවත්..
යා යුතු මඟ රිදවාවී..
සිනිදු පාද..
ඇති-හැකි මැති නෝනලාට..
විකුණාවී ඔහු මුදලට..
ලැබුනොත් පමණි මුදල් යසට..
රැකගන්නේ බඩගෝස්තරය..
අව්ව- වැස්ස හුරු උනාට..
දැරිය නොහැක හිතේ ගින්න...
බොඳව ගියපු ළමා ලෝකේ..
මල් පූදිනවා දකින්න..
එහෙත් ඔහුට තව දුර ඇත..
මිලට ගන්න..
"සිනහා බැලුන්....සිනහා බැලුන්..."
සඳූ..

බඩගින්න..
දැනෙයි නම් කුසගින්නක් ඔබට
ලැබෙයි යහමින් රස-මසවුළු කෑම
එය මදිනම් තව තව ඉල්ලන් කෑම
පුරුද්දක් වීය නිවසේ සිටි සෑවොම
නමුත් අහර හරිහැටි නොලැබෙන ඈයෝ
සිටී මෙලොව කෑමට ආසා දඟයෝ
පිං අත් වෙනවා රස ආහර දුන්නෝ
නොකිළිටි කඳුළු වගුරා ඇය පිං පිදුවෝ
ඇති- නැති පරතරය කෙතරම් දැනෙනවද
නැති-බැරි එකා කෙතරම් පෑගෙනවාද
ඇති-හැකි එකා කෙතරම් මෙහි රඟනවද
මුදල, බලය කෙතරම් රජ කරනවද
දුක දන්නා කිසිවක් නැත දුක් දුන්නේ
බඩගින්නට නැත රස ආහර මැවුනේ
අසරණ මිනිසුනේ දුක් විඳ උපයන්නේ
ධනපති සපත්තුව යට වී උන් තැලුනේ
* සඳූ...*

හරිම අමුතුයි..
හිත රිදුන විට ඇස් කඳුළු පුරවගෙන..
ආදරේ විඳිනවිට කිරිදරුවෙක් ලෙසින..
ඉල්ල ඉල්ලා ආදරේ රණ්ඩුවෙන..
ගැහැණු හිත් හරිම බොලඳයි..
ආදරේ අබියස.......
විටෙක සැර වැර කෝටියක් මැද....
යලිත් සනසවයි ආදරයෙන් තුරුලු කොට...
බනින තරමට ම ආදරේ උතුරන..
පිරිමි හිත් හරි ම අමුතුයි...
ආදරේ අබියස....❤
සඳූ

තිත්ත ඇත්ත..👍
ජීවත් වීම, මරණය කාටත් පොදු ය
ජීවත් වූ කළ දී පිං රැස් කළ යුතු ය
පෙර පව් කර්ම කාටත් පල දී ලැබි ය
පව් පල දීම කාටත් ලේසියක් නැති ය
කරන කලට අකුසල් බෝ අය සිනා සිසී
විඳින කලට එපව් කම් සියොලඟ ම දැවී
සෙනෙහසින් බැඳී උන්නත් ජීවිතේ එතී
මරණෙන් කෙලවර වේවී ඒ සියළු ගතී
ආදර, සෙනෙහස නැත ප්‍රේත ලොවේ
අම්ම, තාත්තා, නෑ සිය කවුරු වෙතේ
මරණින් පසු නොලැබූවොත් මිනිස් වෙසේ
ප්‍රේත, ප්‍රේතිය යි ඉන්පසු නාම නැතේ
අපිට කරදරයි කපු අයියේ මේ අයගෙන්
මොකට එනවාද මෙහෙමත් අපි පස්සෙන්
අල්ලා හිර කර දාමුද බෝතලයේ කටකින්
කියලා කිව්වාලු හත් දවසෙදි හැඬූ කටින්
😜සඳූ..

සූර පප්පා..
"මා ආදරණීය මිතුර ජිම්පප්පා වෙත",
ඔයා මල්කුමාරි එක්ක සතුටින් ඇති කියලා මම හිතනවා..
වෙද පප්පා මියගියාට පස්සේ මෙහේ ගොඩක් දේවල් වෙනස් උනා..
අරිශ්ටේ හදන වට්ටෝරුව නැති වුන නිසා දැන් රෝමන් කාරයෝ එක්ක සටන අමාරුයි..
දැන් ගමේ හැමෝම සටනට සූදනමින්මයි ඉන්නේ..
රාත්‍රියට ඇහෙන වියෝ ගීත මට හැම වෙලේම අපේ මිතුරුකම මතක් කරනවා ජිම් පප්පේ..
ඔයා ගියපු දවසේ ඉඳලා චූටි කුකූට සාංකාව හැදිලා නොකා ඉඳල ම මැරුණා..
හ්ම්ම්...ම්ම්..කමක් නෑ..
මොනදේ උනත් ඔයා සතුටින් ඉන්න..
මීට සදානොවෙනස්
සූර පප්පා..😞❤