ඔබ..
ඔබ,
හිනාවක් නොව
හැමදාම හිනාවෙන්නට හැකි
කාරණාවකි..
හාදුවක් නොව
හිතම උණුහුම් කරන්නට හැකි
ශෘංගාරයකි..
දුකක් නොව
ජීවිතයම පුලුස්සා දැමිය හැකි
වේදනාවකි..
ප්‍රේමයක් නොව
මාවම පණ ගැන්විය හැකි
හුස්මකි..
ඔබ සහ උඹ(ඔබේ).. 🙏
ඉස්සර මතකෙක, තරවටුවකවත්
ඔබට #උඹ කියාගන්න බැරිවුනා
අදටත් හීනෙක, හිතිවිල්ලකවත්
#උඹ යැයි දෙස් තියාගන්න බැරිවුනා
ඉදහිටෙක කවියක, කල්පනාවකවත්
උපන් පෙමකට #උඹ ලියාගන්න බැරිවුනා
ඒකවෙන්නැති #ඔබ පලයන් කිව්වමත්
හා කියලා එකපාර යන්න බැරිවුනේ..