
ප්‍රාර්ථනා
නුඹට නුඹේ
ප්‍රේමය ගැන
පතන්නට ඇති පැතුමන්
එමට
ආත්මයම
සුවපත් කල
නුඹ සිරගත කරන්නට බැහැ
මට
දෙවියන් ඉදිරියේ
තවත් මොනා ඉල්ලුවත්
මැණික නුඹ .....,
නුඹ වෙනුවෙන්
නොදෙන්නට කියා දෙයක්
ඇත්තේම නෑ
මට

සෙනිහසින් කියවන්න
සෙනිහසින් ළඟට වී
දොඩමළු හැන්දෑවක
නුඹට හෘදයාංගම
ලියන්නට කිසිවක් නොමැතී
විරහව ගිනිගත්
මොහොතේ පටන්
ඉබේටම ලියවුණේ
අහලකවත් නැති කවී
මට තදින්ම විශ්වාසයි
නුඹට කෙසේවත්
මගේ ප්‍රේමාන්විත දැවිල්ල
අද හෙට නොදැනේවී
අනාගතේ දවසක
නුඹේ හදවත දැවුණූ මොහොතක
නුඹ මීට වඩා සෙනිහසින්
එය කියවාවී

හිරවෙච්ච සෙල්ෆිය
යෞවනය අත්විඳින
සුන්දරම සැමරුමේ
නෑ වගක් "සෙල්ෆියට"
කොහොමවත්ම තිබුණේ..
යකඩ කද යට කරන්
යනතුරුම විනෝදේ
මරු සමඟ සෙල්ලමද
කරන එකමයි පුදුමේ...
හිරවෙච්ච ලෝකයක
තනිවෙලා මැසවිල්ල
නැගුවාට මිණියකට
පණ එන්න බෑනේ...

නුඹ
නුඹ පෙර භාවයෙත්
ඔහොමයි 🍃
හමුවකට ඉඩ දී
සුසුම් ඇවිලුවා
සත්තයි ....🍂🍂