Nisadas / Writer / Asanka Costa

Writer Profile

    Circle Image
    Asanka Costa
    Nisadas: 7

...
...

Asanka Costa

My love Jesus

You are always my lord

...
...

Asanka Costa

ආදරෙයි මා ජේසු

ඔබ එක්ක තනි වන්න ආසයි මටත්..
මා එක්ක ඔබ ඉන්න හැමදාමත් ළඟින්..
ජීවිතේ සෝ සුසුම් සතුටින් දරන්..
ආදරේ දෙන්න දෙවි සමිඳෙ සයුරක් ලෙසින්..

සෙවනැල්ල සේ මා ළඟින් හිඳිනා
ජීවිතේ කිසිම දා මා අතැර නොයනා
ඔබම හැර වෙන කවුද එලෙස සිටිනා
ඔබයි සමිඳෙ මා ජීවිතේ සැමදා..

කදුලැල්ල පිසදා හසරැල්ල නංවා
ඔබයි ජේසු සමිඳේ මෙලෙස සිටිනා
මගේ ජීවිතේ සදාකල් ආදරෙන්
පුරවන්නෙ ඔබ පමනි ජීවිතේ සැමදා..

අසංකා කොස්තා🌺

...
...

Asanka Costa

මගේ ආදර අම්මා

නිමක් නැති පෙමක් නම්
මේ ලොවේ ඇත්නම්
ඔබේ සෙනෙහස පමණි
මගේ ආදර අම්මා..
දස මසක් කුස දරන්
ඔවා දී ආදරෙන්
සෙවනැල්ල වාගේ
නිරතුරැව මා පසුපසින්
පියමැනනේ ඔබ නොවෙද
මගේ ආදර අම්මා..
අද ලොකු ගැහැනියක වී මා
දිවි කතරේ පිය මනින විට
ඔබයි ශක්තිය වන්නෙ
මගේ ආදර අම්මා...
හෙට දිනයේ වියපත්ව
අතීතෙට එක්වෙද්දි
ශක්තියක් වන්නම් අම්මේ
මේ දෝනි හැමදාම
ඔබ පෙවු මව් කිරට
සදා ණයගැතිය මම
මගේ ආයුෂත් ගෙන
ජීවිතේ ගෙවනු මැන

🌹🌹අසංකා කොස්තා🌹🌹

...
...

Asanka Costa

රොබින් හූඩ්

පෙර දින දුටු ඒ හිත ඇඳි ඔබේ රැව
කාලය ගත වී ඇත අද වියපත්ව
ආසයි දකින්නට නැවතත් ඒ ලෙසම
අමතක නොවේ කිසිදින මට ඔබේ නම

අසංකා කොස්තා👑

...
...

Asanka Costa

ආත්මීය ප්‍රේමය

🌹🌹🌹 🌹🌹🌹🌹 🌹🌹🌹 🌹🌹🌹🌹
සංසාරේ පුරැද්දට
මේ භවේ හමුවෙච්ච
නාඳුනන ඔබේ පෙම
හදවතින් වැළඳගෙන
පාරමී පුරන්නම්
මතු භවෙත් මගෙ වෙන්න....
❤❤❤❤❤❤

...
...

Asanka Costa

ප්‍රේමය

නාඳුනන හිතක් ළඟ
නැවතිච්ච මගේ හිතට
මහමෙරක් තරම් විලස
දුන්නු ප්‍රේමය ඔබගේ
හිත පුරා වැළඳගෙන
මේ භවේ පුරාවට
සංසාරේ හැම භවයෙම
ඔබ මගෙම මිස වන්නට
පතන්නෙමි මුළු සිතින්
ඒ ප්‍රේමයේ නමින්...

❤❤❤ අසංකා කොස්තා❤❤❤

...
...

Asanka Costa

නිසල පෙම

සිනා සැඟවී දෙතොල ගොළුවී
වැලපුනෙමි සිතින් මම
පිදූ පෙම සිහිකරන්
අසරණයි මම තනිව
ඔබ නොමැති මේ ලොවේ
සසල වී බලා ඉමි
ඔබෙ රැව දැකගන්න
ඝන අදුරේ රැව වැසිලා
සුදු වැල්ලෙ සැතපීලා
කිසිදිනෙක යළි මවෙත
ඔබ එන්නෙ නැති බවද
දැන දැනම අඬ ගසමි
සිතින් මොර දී මම
හුදෙකලාවී
වෙන කුමක් කරම්ද මං
ඔබ තුරැලේ සැතපෙන්න
ඔබ ළඟට මා ගන්න
ඒ දිනය එනතුරා මං
බලා ඉමි ඇඟිලි ගනිමින්
අසංකා කොස්තා

Top writers

Stay in touch