Nisadas / Writer / SL SP

Writer Profile

    Circle Image
    SL SP
    Nisadas: 7

...
...

SL SP

_කේන්දරය_

ආදරය ගැලපුනි
'අ' යනු නොගැලපුනි

(විjay)

...
...

SL SP

_තාත්තාගෙ ආදරේ_

අම්මා පෙව්ව කිරිවල තිබුනා
තාත්තාගෙ සෙනෙහස

(විjay)

...
...

SL SP

_පෙට්ටි කඩේ_

රොටිය රවුමට
ලුණු මිරිස පදමට
ඉඟුරු එක්ක ප්ලේන්ටියට
පත්තු කරපන් සිගරැට් එක

(විjay)

...
...

SL SP

_පලවෙනි ගමන_

උඹව ඉස්සරහින් යවල
මං පස්සෙන් එන්න හැදුවෙ
උඹව මට පේන දුරින් තියන් යන්න

පාර දන්නෙ ඔයා කියල
ඔයා ඉස්සරහින් යන්න
මං පස්සෙන් එන්නම් කියල
උඔ කිව්වම මං ඉස්සර වුනා

රජා වගෙ ඉස්සරහින් ගියාට
නිතර නිතර පස්ස බැලුනෙ
මගෙ ලෝකෙම
පිටිපස්සෙන් එන උඹ වුන නිසා

(විjay)

...
...

SL SP

_ආදරේ_

මං හපලා විසි නොකර උඹත් හපලම
විසි කරපු
උඹ හපලා විසි නොකර මාත් හපලම
විසි කරපු
අප්පිරිය නොවූ තැනකට ආදරය උස්සපු
එකම එක චුයින්ගම් එක මතකද
තලු මරපු
(විjay)

...
...

SL SP

_කලින් වඩින බුදුන්_

මෛත්‍රී බුදුනි සෙල්ෆියකට අවසර?
LIKE එකකින් සාධුකාර!!!
(විjay)

...
...

SL SP

_නොදැනුවත්කමට පෙරදා_

අත්හැරපු මඟහැරපු නුඹ හිතපු
අත්හැරුනු මඟහැරුනු මම දන්න

(විjay)

Top writers

Stay in touch