Nisadas / Writer / Deesha🎀(දීෂා)__😉💕__

Writer Profile

    Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Nisadas: 72

...
...

Deesha🎀(දීෂා)__😉💕__

යතාර්ථය❤

දහසක් වූ බලාපොරොත්තු පොදි බැඳගෙන දෑස් මානයේ එතෙර වීමට ඇති මහා සමුදුරකි.
බොහෝ කල් ගියද තවමත් දොරට වැඩි පියවරක් පමණක් වැනිය. එය
ගතවූ කෙටි කාලය තුළ ජන්මයෙන් ලත් ඉරණමින් ඇති කරන සන්තාපය මහා වියනක් වූ නුඹ ගැබටත් වඩා උස් විය...
නමුදු ලබාගත් ඵලක් නැති සේය.
ලෝදියක් මෙන් ගත වෙලාගන්නා කඳුලැල් වලින්ද ඉඳහිට ගලන ලේ දහරා වලින්ද ඉතිරි කරන්නේ පීඩාවක්ම පමණි..
ඉදිරියට තබන පියවර එතැනම හෝ ආපස්සට පැමිණෙනවා මිස ඉදිරියට නම් යන්නේ නැති සේය..
මහ හඬින් හඬ නඟන්නට සිතුනද එය සමාජයට නිශ්ශබ්ද තාවයක් විය යුතුමය..
ගතවූ නිමේශයකින් වෙනස් වූ ඉරණමක අවසානය මෙයද?


ඉතින් පවසන්න,
ජීවිතයක් ද මේ...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

Friendship

"If you are alone,
I'll be your shadow.

If you want to cry,
I'll be your pillow.

If you want a hug,
I'll be your teddy.

If you need to be happy,
I'll be your smile.

But anytime you need a friend,
I'll just me be...."

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සංසාර ප්‍රේමය

ඔය පපුවේ නැතිද මගේ නම කොටලා?
තියෙනවා නේද මැකිලා යන තැනක හරි ලියලා...
ඔය හිතේ නැතිද මගේ රුව ඇඳිලා?
තියෙනවා නේද බොඳවෙන තැනක හරි මැවිලා...
ඔය හුස්මෙ නැතිද මගේ සුවඳ රැඳිලා?
තියෙනවා නේද ගිලිහෙන තැනක හරි එතිලා....
අහුවොතින් ලයට නුඹේ කන තියලා
ඇහෙයිද මගේ නමම රැව් නැගිලා...
බලපන් පපුව මැද මගේ පලලා...
ඉන්නේ නුඹ ගැඹුරුම තැනක වෙලිලා...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අදින් පසුව මතුවටත්෴😊

අදින් පසුව මතුවටත්....
ඒ වදන් යළි නොඇසේවි
ඒ සිනහව යළි නොදකීවි
නමුත්,
කෙදිනකවත් ඔය දෑසට කදුළක් නම් එන්නට ඉඩ නොදෙන්න
ඒ මේ දෑසට ඔය දෑසින් වැටෙන්නට ඇති කදුළුත් උරුම නිසා...
මා විමසන හැම කෙනෙකුටම මා නොදෙන්නා බව පවසන්න
මට දැක්වූ ආදරය තරමටම ඇයටද සෙනෙහස පුද කරන්න
ඒ සමඟම අදින් පසුව මතුවටත් මේ හිත අමතක කරන්න ......

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අම්මේ..........🙏

බුද්ධියේ අරුණලු දල්වන්නට මා මනස වෙහෙසෙන නිමේෂයේ විඩාබර සිත්පොඩිය අස්වසන්නට වෙහෙසකාරී වෙමින් ආලෝකය ලබා දුන්නේ ඔබයි...
තරගකාරී ජීවිතයේ මං මුලා වූ නමුත් තුෂර බිඳු ⁣සේ අවුත් යනෙන මං කියාදුන්නේ ඔබයි...
නිමාවක් නොදකින සලෙලුන් රජ කරන අධම වූ ලොවක හුදෙකලා වූ මා මනසට ශක්තියක් වූ ඉඩෝර බිම් නිවාලන කඳුරැල්ල ඔබයි
ආදරණීය මෑණියනි,
මියෙන තුරාවට මගේ
ශක්තිය!...❤️❤️❤️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අප්පච්චි....❤️❤️🙏

සංසාර මාවතේ පියෙකු ලෙසින් හමු වූ ඔබ
මිතුරෙකු සේම ගුරුතුමෙකි මාහට... නෙතට නැගෙන කඳුලැල් පිසදා
මුවට නැගෙන හසරැල් විමසා
ජීවිතය ගොඩනැගීමට ඔබගෙන් ලැබුණු සවිය කෙසේනම් වර්ණනා කරන්නද පියාණෙනි?
ඔබෙත් මගෙත් නොමැකෙන සෙනෙහස හද පත්ලෙන් නෙරපන් නෑ කිසි කලෙක...
ජීවිත ක්ෂේම භූමියේ අතරමං වන්නට ගිය මා දෑත් යළිඳු අල්ලා මාළිගාවකට රැගෙන ආවේ ඔබයි ආදරණීය පියාණෙනි මියෙන තුරාවට මගේ ශක්තිය!❤️❤️🙏

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සො⁣යුරිය෴😙

අතීතය සිහිනයකි නැවත නොදකිනා
අනාගත පැතුමකි ඉටුකරනු වෙහෙසෙනා
ජීවිතය ගැටලුවකි යම් දිනෙක විසඳෙනා
ඔබ මගේ සොයුරියයි හදවතේ නොමැකෙනා.....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මැණික෴😔

අකුරු මහ ගොඩක් නැතුවට
වචන දෙක තුනක් පිළිවෙළට
පේන මායිමක කොහේ හරි මැණික
ලියලා පලයන් නුඹ හොඳින් වග....😊

...
...

Deesha🎀(දීෂා)__😉💕__

❤️❤️❤️❤️

මගේ බලාපොරොත්තු කඩ කරගෙන එයාගේ බලාපොරොත්තු වලට පණ දෙන එක...
මගේ ආදරේ යටපත් කරගෙන එයාගේ ආදරේට සහය වෙන එක.
මගේ දුක හංගගෙන එයාගේ සතුටට හේතු හදන එක..
ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් හිත හීරුනත් සැනසිල්ලක් දෙන.....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

ළඳ✍️

සාගරය පරයා වේදනා විඳගෙන
වදා දරුවන් විලිරුදා ජයගෙන
ලොවක් තනනා මහඟු අරුමය
පිනක් මිස කරුමයක් වේවිද
ළඳක් වී ඉපදීම මිහිමත.............

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මන් මියැදුණු දවසට...☺️

කපා පෙනහලු ඉවත් කරපන්
හුස්ම එහි නොවැටෙන හෙයින්
පලා බඩමැද අයින් කරපන්
බඩවැලුත් කුණු වන හෙයින්
උලා ඇස් දෙක දනට දීපන්
⁣ලොව දකින්නට ප්‍රීතියෙන්
එපා හදවත අයින් කරනට
කෙනෙක් ඉන්නවා පණ පිටින්.......... ✍️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අහිමි සෙනෙහස 😟

ලියන්නට බැරි වූ කවක් හෙමිහිට ලියා තබමි...✍️
කියන්නට බැරි වූ කවක් හෙමිහිට මුමුණනමි...😒
දරාගන්න බැරි දුකක් හෙමිහිට විඳවමි....😶
මට අහිමි සෙනෙහසක් හැමදාම මම පතමි...😔෴

-දීෂා෴❤️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

😔

මියැදුණු හදවතක ශේෂ වුණු ප්‍රේමයත් සමඟ හුස්ම වැටෙනවට වැඩිය නැති එකමය හොඳ....
විටින් විට ඇවිත් නුඹ මා නොහඳුනනා ලෙස රිදවලා යනවට වැඩිය නෑවිත් ඉන්න එකමය වඩා හොඳ...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

කියන් මට කුමරුවනි.......

පාළු රාත්‍රියක නිහඬ නිමේෂයක දෙකන් පෙති කිතිකවා ඇසේනම් නුඹේ ප්‍රේම ගීතිකා..
කුමක් සිතන්නද නුඹේ ප්‍රේමයට එපිටින්... කුමක් පතන්නද නුඹේ ප්‍රේමයට රහසින්...
මගේමයි කියා සෙනෙහසින් මා නළලත තැබූ උණුසුම් හාදුවම දිනෙන් දින ගෙවීගොස් දැනේනම් ඒ උණුසුමම කුමක් සිදුවීද යැයි නොදැනෙන ලෙසකටම....
සිතන්නට කිසිත් නැති,
පතන්නට කිසිත් නැති මගේ මේ සිත් ඉමට ළං වුනේ කෙළෙසකද?
කියන්නට නොහැකි ලෙස මගේ මේ ජීවිතේ මහා ලොකු ප්‍රාර්ථනාවක් නුඹ නමින් පුරන්නට ඉඩ දුන්නේ කුමකටද? කියන් මට කුමරුවනි මේ පුංචි ජීවිතය නුඹටමද?...
වෙන්ව නොයන්නට ඔය සිත් මායිමෙන් සදාකල් රැඳී ඉන්නට වරම් තියේවිද මට ඉතින්.....෴🙂

෴දීෂා෴

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අස්වැසිල්ල......

රුදුරු රළ පෙළ හඬ හඬාවිත්
වෙරළ ඉම ගිම් නිවාලයි...
සිතේ ඇති සිත් තැවුල් වෙරළේ
දමා සැනසී යන්න යයි ...
තවත් විටකදි රළ පෙළක් විත්
ගල් කුළක් වෙත දුක කියයි...
තිබූ හිත තව තවත් පෑරී
සත් කඩක් වී විසිර යයි...
සිතක් නිවනට අවැසි වේමය
ඇහුම්කන් දෙන මුදු හදක්
කළු ගලක් ලඟ කිසිම විටකදි
නොසොයන්න අස්වැසිල්ලක්.......

........😔😔😔😔😔..........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

කාලය෴අතීතය....😔

කාලය නොනැවතී ගියත් තාමත් ඉස්සර වගේම මතකය නවතී ඒ හිනාව ළඟ.
කොයිතරම් අමතක කරන්න හැදුවත් මතකයෙන් ඈතට නොයන්නේ හිතට තදින්ම වැදුණු මතකයක් නිසාම වෙන්න ඇති..
අතීතයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න හැදුවත් අතීතයට ඕනිත් මේ හිතම වෙන්න ඇති..
අපේ හිත්වල තිබුණු හැම පුංචි හීනයක්ම හිතක් පපුවක් නැතිව උදුරාගත්තෙත් නුඹයි අතීතය..
හැම ආදර කතාවකම පුංචිම පුංචි ප්‍රශ්න තියලා අපේ කතාව විතරක් ප්‍රශ්නයක් කලා...
කාලය,අතීතය දෙකම එකතු වෙලා උදුරාගත්තා හිතේ හීන එකක් නෑර...
අමතක කරන්න බැරි මැරි මැරි යළිත් උපදින මතක එක්කම මේ හිතනම් ජීවත් වන බව තාමත් ඒ හිනාව දන්නේ නැතුව ඇති......😔

...
...

Deesha🎀(දීෂා)__😉💕__

ජීවිතය෴

ආශාවන් පසුපස ඔබ කෙතරම් ලුහුබැන්දත්
මිල මුදල් පිළිබඳ ඔබ කෙතරම් සිහින දුටුවත්
නිමක් නොවන මේ සසර ගමන් මඟ අතර
ඔබ ලැබූ මේ ජීවිතය
තවත් එක් ගමනාන්තයක
මතක සටහනක් පමණයි...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

වස්සානය......💦🌳

ගණ අඳුරින් මුළු ලොවම වසාගෙන
හෙණ හඬ තලමින් නුබගැබ කළඹවන ඇය,
මතුපිටින් අඳුරු මායාවකි....
නමුදු ඇය විටෙක,
සීතල හැඟුමකි.
චමත්කාර ප්‍රිය දසුනකි,
සිත නිසල කරන්නාවූ
සුන්දර කවියකි...❣🙂

...
...

Deesha🎀(දීෂා)__😉💕__

❤️

හදින් බදා මම නුඹට පුරා අවුරුදු 3 ක්,
මාසයන් 36ක්,
සති 144 ක්,
දින 1080 ක්,
පැය 25920 ක්,
මිනිත්තු 1555200 ක්,
තත්පර 93312000 ක් පුරා නුඹට ආදරය කළෙමි.
මේ 93312001 වෙනි තත්පරය ආවත් කල්ප ලක්ෂයක් නුඹ ළඟින් ඉන්නට පෙරුම් පුරමි........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

රත්තරනේ ............❤️

පාළු මුඩු බිමක දුකින් මුසපත් ව තිබූ මා හද සතුටු ගංගාව පෙන්වා දුන් නුඹ,
තත්පරයක් වත් නොගෙවා නුඹ සිහි නොකර මම ඉන්නේ කෙළෙසකද?
දිනෙන් දින ළංව උතුරා යන ආදරයක් අභියස සිතෙහි බියක් ඇතිවෙයි ඔබ නොලැබේදෝ කියා මට...
උතුරා යන මහද ආදරය එකතු කරන්නට මදිවෙයි මේ මහ සාගරය...
හද කෑගසා ඉල්ලන ඔබේ ආදරය අහිමි නොවන බව මට සහතිකය...
මහදේ ඇති හැම ලේ බිඳුවකම රදවා ඇත්තේ ඔබේ නාමය...
ඔබ නැති දවසක අවසන් හුස්ම පොදක්වත් තියේවිද මා හට සිහිනෙකින්වත්...
මගේ රත්තරනේ ඔබ මගෙන් දුරස් නොවී සිටින්න........

- දීෂා -

❤️❤️❤️❤️❤️❤️❤️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මඩ වගුර.......

මඩ වගුරක් කියලා අතහැරපු වලම දවසක නිල් වතුරින් පිරිලා නෙලුම් මල් වලින් වැහිලා ගියාම අඳුන ගන්නවත් බැරිවෙයි නුබට අතහැරියේ සුන්දර විලක් කියලා...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

ඉපැදුනු තැනදී මියැදුණු සෙනෙහස....😔

නෙත ගැටෙන ලෝකයේ
දැක නොමැති රුව දෙකක්
නිතර සක්මන් කරයි
මා මනස කලඹමින්...
ඉපැදුනු තැනදිම මියැදුණා මෑණියනි
දියණියක් හට උරුම සෙනෙහේ
අදත් කඳුලැල් වැටී පෑරෙයි
තනිවෙනා විට සැම වෙලේ...
රටක් වෙනුවෙන් දිවි පිදූවද
මගේ ආදර පියාණන්
ඔබ කෙසේ විඳදරා ගත්තද
එවිට ඔබ ගැබ්බර මවක්...
වේදනාවක් දරාගන්නට අවැසි වූ
විට සෙනෙහසක්
නොමැති හින්දද දුන්නෙ මට දිවි
සමුඅරන් නුඹ ජීවිතෙන්...
දැකනැති නමුත් දෑසට මා ඔබ දෙදෙන
ඔබ දුන් දායාද වෙයි මගෙ රූ සපුව
රැකගමි ජීවිතය මා, වෙනුවෙන් ඔබ දෙදෙන
දුර නැහැ දෙදෙන හට ඒ සුන්දර නිවන෴

🙏🙏🙏🙏🙏🙏
✍️👩

...
...

Deesha🎀(දීෂා)__😉💕__

නොවෙනස් පෙම...❤️

කී සැරයක් නම් ඉල්ලා ආවද
මගේ සෙනෙහෙ ඕනමයි කියා
එදා වගේමයි වෙනසක් නම් නැහැ
කොහොමද ඉන්නේ මෙලෙස ඔයා

ප්‍රාර්ථනා මල් එකිනෙක ගිලිහී
ජීවිත උයනම පාළු වෙලා
සොඳුරු මතකයේ සැරිසරනා සිත
නෙත අග කඳුළක් ඉතිරි කළා

නිවි නිවි දිලෙනා තරුකැට අතරේ
නිසසල ලස්සන තැනක් සොයා
රහසේ ඇවිදින් පාර කියනවද
සැඟවී ඉන්නට ලොවට හොරා ......

☺️☺️☺️☺️☺️☺️☺️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

✍️

අතීතය සිහිනයක් නොව මට
සැබෑ සුවඳයි දැනෙන්නේ
සැබෑවට විඳි ජීවිතය කිම
සිහිනයක් ලෙස දකින්නේ

බැඳුණු සෙනෙහේ අරුත්බරනම්
සැබෑ ජීවය එයම වන්නේ
සැබෑ සෙනෙහේ නොවිඳි මිනිසා
විරහවක් කෙලෙසද විඳින්නේ....

🙇🙇🙇

...
...

Deesha🎀(දීෂා)__😉💕__

යළිත් හමුවෙමු ❤️

පිපුණු මල්වල අරුත කිම වෙද සුපිපි මල් පරවෙන ලොවේ...
ලැබෙන හැමදෙය අහිමි වෙන බව නොවේද ලෝකය හෙලිකළේ...
මෙවන් දහමක් මිටින් අරගෙන උපන් අපි හැම මේ බවේ...
වෙන්ව යනමුත් යළිත් හමුවෙමු හොඳම මිතුරන් වී මතු බවේ...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

පැතුමක් ❤️

සිහින නිම්තෙර කඳුළු පිරිලා නුවන් දෙහැනින් සැඟවුණාදෙන්......
විහඟ තුඩකින් වැයෙන තත්සර හැඩම කවියක් නොම වුණාදෙන්.....
සිතට දැනෙනා සියුම් ලතවුල් මැකී සොම්නස් පැතිරුණාදෙන්....
සදා නොමැකෙන අපේ සෙනෙහස අපේ සිත් තුළ ලියැවුණාදෙන්....
😊😊😊😊😊

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සිත........

සිත...
විටෙක දෘඩ වස්තුවකි,
විටෙක නොගෙනිය හැකි අංශුවකි,
විටෙක නිරපේක්ෂ රාශියක් වැනිය,
විටෙක අවකාශයකි,
එයට විස්ථාපනය විය හැකිය ,
එයට උත්තාරනය විය හැකිය ,
එයට භ්‍රමණය විය හැකිය ,
එය එයට පමණක් සාපෙක්ශ වූත්,
එය එයට පමණක් සමජාති වූත් ,
එය එයට පමණක් ජාමිතික වූත් ,
එය එයට පමණක් ප්‍රවේග වූත් ,
වස්තුවකි..
එබැවින් ඔබ...
ආවේගය අංශුව ලෙසද,
ප්‍රත්‍යස්ථ සරල ලෙසද,
මත ගැටුම් සුමට ලෙසද,
විපර්යාසය ශක්තියක් ලෙසද .....
සිතන්න.
😊😊😊😊
👩💦🙂

...
...

Deesha🎀(දීෂා)__😉💕__

පියතුමෙකුගෙ වදන් පෙළක්....😧.👪

හිමෙන් වැසී ගිය මුළු නගරයම
අන්ධකාරය වෙලාගෙන
හදේ දොරටුව ළඟට ඇවිදින් සිනාසෙන නුඹේ හඬ
කොහි ගියෙද?
නපුරු ඇයි ඔයතරම්ම
දුටුවමුත් මඟ හරින්නට
තනි කළේ නැහැ නුඹව, ජීවිතේ පුරාවට
වේදනා විඳදරා සතුට දුන්නේ නුඹට
රැක බලා ගත්තෙ මම පණ වගේ හැමදාම
සිප් සතර හදාරා ඉහළටම ගිය දාට
කෙලෙස අමතක කලෙද
දුගී මේ තාත්තව?
ඔබ රජ කුමරියයි අද ඒ මාළිගය තුළ
මට උරුම වීදියයි කම් නැතේ එයට මට
සතුටු වෙමි හැමදාම
නු⁣ඹෙ සතුට ගැනම සිත
ඉතින් අවසර දුවේ
සමුගන්න ඔබෙන් මට.........

........😔👪😔........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

යෞවනයේ මිහිරියාව 👀

කඩා හැලෙන වැහි පොද අතරේ අප හිත ගිය එක වැහි බිඳුවක් 💦 සොයයි නිමක් නැති සෙනෙහසේ සැබෑ අරුත...
සෙ....නෙ....හ....ස....
සෙනෙහස තම ආත්මය කරගත්,
සෙනෙහස තුළම ජීවත් වෙන්නට වෙර දරන, යෞවනයේ මිහිරියාව
සදාකාලික පැතුමක් පමණක්ම නොවීමට දිරිය දෙනුයේ,
ඔබේම නිහැඬියාවයි.......
රැඳෙන්න, නිහැඬියාව තුළම....
විඳින්න, නිහැඬියාවේ සැබෑ අරුත....
සිතන්න, ප්‍රයෝජනවත් යමක්....
කරන්න, ප්‍රයොජනවන් දෙයක්......
ආදරය කරන්න, තම හුස්මට පමණක්....
සොයා යන්න, ජීවිතය.......... 🏃👩

😊😊😊😊😊
-✍️-

...
...

Deesha🎀(දීෂා)__😉💕__

🙇ඔහුට බැඳී ප්‍රේමය ❤️

.............මා ඔහුව තදින් අල්ලා ගතිමි👫........
ඔහුද මා නොපැකිලව අල්ලා ගත්තේය👫..........

.............එනමුදු ආදරය අප දෙදෙනාට තහනමක් විණි🙇
එබැවින් අත්හරින්නට සිදුවිය😧 ................

.......නමුත් ප්‍රේමය තවම ඇරඹුණා පමණි❤️
එනිසා ඒ අත්හල තැනින්ම නැවත අල්ලා ගතිමි👫.......

.........ඉතින් පළමුව ආදරය විය❤️,
දෙවනුව ජීවිතය විය👩,
..................අවසන උමතුවක් විය😟.............

.....................💁ඔහුට බැඳී ප්‍රේමය...............
❤️❤️❤️❤️❤️❤️❤️

👉💑👈

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සැනසුම෴😊

බුදුන් වැඩිය මඟ පිවිතුරු නිරාමිසයි
තවම කෙලෙස් ගින්නේ දැවෙනා බෝමයි
කුමට සබඳතා පොදි බැඳ දුක් වෙන්නයි
තවත් සසර පැතුවොත් බියකරු වේමයි...

උනා දමා නෙක පැහැ සළු පිළි
බෝම
දවටා ධවල සළු නවතා බැමි
සෑම
නිරුවත් දෙපා තියමින් ගල් බොරළු මත
යමි ඉදිරියට සැනසුම සොයමින් තනිව...

😊😊😊😊😊😊😊😊

දීෂා✍️෴

...
...

Deesha🎀(දීෂා)__😉💕__

❤ ❤ ❤

උණුසුම සීතලට නොදෙවනි රුවන් ගල
රුව ගුණ අතින් පිරිමදිනා නෙළුම් මල
ගලනා රිදුම් ඉවසා සිටි සයුරු රළ
ලෙය කිරි වන්න පින් පුරනා ස්නේහ විල

...
...

Deesha🎀(දීෂා)__😉💕__

බැඳීම, ආදරය හා කිරි සිහිනය....❤

ඔහු :- මන්දාරමක සැඟවූ පෙම් පහස විඳ
මගෙ දෙව්ලියේ මල්පිණි වැටි නිම්න මත
දොවා මා නෙතඟින් වැටි මිණිකැට පොකුර
ආ ගමනක සිහිනය අද සැබෑ වෙන..

පතිනිය නුඹයි නිරතුරු මගෙ දිවිය පුරා
වදනින් පවා සුරකිමි මා නෙතෙහි හොවා
මව් වූ නුඹ හැඬුවා මා සිප සනසා
මතකයි සොඳුර නුඹ වෙයි මගෙ හැඟුම පවා..

ඉවසුම් සුසුම් මා පසු කර නොයයි නුඹ
ලය ගැහෙනා තනුවෙහි නැඟි මිහිරාව
දහසක් පැතුම් ඉටුවූ මල් සිහින මත
නා දලු සිප ගන්නට අවසරද මට..
❤❤❤❤❤❤❤
ඇය:- පතිනියයි මා නුඹෙ දිග දිවි ගමනේ
මන්දරම් කතරෙහි ගිනි නිවුනවේ
ලයෙහි ලැගුම් ගෙන සැමදා නුඹෙ පහසේ
හී පහරක් කෙටුවා මගෙ ලය මත්තෙ...

ඉවසුම් සුසුම් හෙළුවා මා නුඹ සෙවණේ
අඩුවක් නොවුනි මට කිසිදා නුඹෙ සෙනෙහේ
මල්ඵල දැරූ සිහිනෙක අද ඵල වෑහේ
කිරි සිහිනෙක කුස තුල නුඹෙ පුතු හිනැහේ...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

💁

ඔහේ රැඳිලා තිබුණු පිනිබිඳු තඹර මල් රැකගන්න හැදුවා
ගොහොරු මඩ තනි ලොවක හයියෙන් වෙනස්කම්වල අගය මැව්වා
දිනිඳු කවි නොකියාම යද්දී තනිව විඳගෙන පාට හෙව්වා
හඬපු කඳුළුත් සිඳෙන්නට පෙර හිනාවෙන්නට හේතු ලිව්වා෴
☺️☺️☺️☺️✍️✍️✍️✍️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

💁 මතකය෴

සෙනහස මෝදු තුරු සෙවණේ පහස ලබා
නිදහස සොයන විහඟුන් ඇයි ගියෙ පියඹා
දැනුණොත් දිනක මතකය අහසක් කළඹා
නුඹ නම් හඬයි මගෙ පපුවට දෙඅත් තබා
😌😌😌😌😌😌😌😌😌😌😌

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සිතුවිලි ✍️

පාළුව සුසුම්ලන තනි කළු අහසකට
මතකය විඩාවක් විඳවන පොළොවකට
සිතුවිලි එකට හිරකරගෙන බැරි කමට
වැටුණා රිදුම් වැස්සක් තනිවුණු සිතට
🙁🙁🙁🙁🙁🙁🙁

...
...

Deesha🎀(දීෂා)__😉💕__

💁, 📖️📘📚

වත්කම් ඉසුරු සැප සම්පත් සවියකට
මුදලට යටයි ඒ හැම දේ දවසකට
පිරිපුන් මනස සමවෙයි දිය කළයකට
සොරකම් කළ හැකිද දැනුමක් අවියකට
💁📚

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සිනහ කඳුළු෴

දහවල සිනාසී රැයෙහි සලනා කඳුළු
ළඳකගේ සිතේ දින දින විඳවන අයුරු
සිතුමන් සිර කරන් අනෙකෙක් වෙනුවෙන්ම හැඬු
ළඳකගෙ ලයේ දැල්වෙයි නිති ගිනි පුපුරු

හසරැලි නගා හිනැහෙමි මා සොඳුරු ලෙස
කඳුලැලි හෙලමි කාටත් නොපෙනෙන විටෙක
දරනා වේදනා යටපත් කර සිටින
හැබැවින් ළඳයි " ඉවසුම " වදනෙහි අරුත...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

නිහඬ - අරුත...

පොළොවක් නිහඬ වෙද්දී වැහි දිය වැටුණා
හවසක් නිහඬ වෙද්දී කොළ මල් හැලුනා
දවසක් නිහඬ වෙද්දී විහඟුන් සරනා
නිහඬම සිද්ධි වල ලොකු අරුතක් තිබුණා...

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මඩෙහි විකසිත නෙළුම෴

නිල් දිය ගොළුකරන අහසේ සඳ සේම
තුරු වැල් නතර කරවන පියුමක ප්‍රේම
හිඳ දැහැනේම සිත ඉවසුම් නැතුවාම
නෙළුමක් පාට මැව්වා මඩ ගොහොරේම
🌷🌷🌷🌷🌷🌷🌷🌷

...
...

Deesha🎀(දීෂා)__😉💕__

නුඹ෴

ඝන පටි ඉරන මන්දාරම් දිය සෙවණේ
හද තනි නිවන ගොම්මන් සීතල අරණේ
නුඹ ළඟ තරම් හැන්දෑවක් නෑ⁣ පෙනුනේ
මතකය එක්ක ඒකයි අඳුරෙම ගිලුනේ

නිවනා භාවනාවක් හද විමන් මැද
ගොතනා මල් දමක් සිතිවිලි පවුරෙ බැඳ
සිහිවී සිනහවක් සත්කුළු පව්ව බිඳ
වැටුනා කඳුළු වැස්සක් නුඹ දන්නවද
🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁

...
...

Deesha🎀(දීෂා)__😉💕__

ආදරයේ දෙව් රුව෴

ගසා පොළොවේ
සළඹ පත්තිනි
පඬිපුරම ගිනිබත් කළා...
සොළී දේශයෙ
කන්නගීලත්
කෝවලන්ලට රැවටුනා...
නෘත්‍ය රැජිණිය
මාධවීලට
කෝවලන්ලත් අහුවුණා...
එ්ත් පුදුමයි
පතිනි සළුවත්
තුත්තිරී වල පැටලුණා...
මධුසමය
සත් මසක් වෙද්දී
සත් දිනක් තව දික්වුණා....
නැටුම් මණ්ඩපයක්
මතට වී
මාධවීලත් විකිණුනා...
ආලයේ
දෙව් රුවද පත්තිනි
ඇයත් ශෝකෙන් වැලපුණා...
කා⁣වේරි පටුනත්
හඬයි අද
එදා වෙණ නද
සිහිවෙලා....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

උන්ට නම් නෑ වෙන වැඩක්෴

හාර හාරා වනේ කුණු රස
උරා බොන නිලමැසි කැලැක්
හිනාවෙනවලු සමනලුන් හට
සොයනවට මල් රොන් පොදක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

සූර සූරා ගතෙහි ලේ බිඳු
සොයාගෙන යන මදුරුවෙක්
හිනාවෙනවලු බඹර තුඩකට
පැණි සොයන එක මදිකමක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

පාර පාරා ඉඳුල් අතරෙහි
කුසය නිවනා පණු රැළක්
හිනාවෙනවලු ගැඩවිලෙක් හට
ඇයිද කන්නේ පස් ගොඩක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

පීර පීරා යනෙන හැම තැන
මිනී බුදිනා කැණහිලෙක්
හිනාවෙනවලු ඇත් රජෙක් හට
රසද ⁣ඔය හැටි තණ ගසක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

නාව නාවා පව්වලින් සිත
සුදු අඳින ලොකු පින්වතෙක්
හිනාවෙනවලු අසරණුන් හට
ගෙවනවට පෙර කළ පවක්
උන්ට නම් නෑ වෙන වැඩක්...

🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

...
...

Deesha🎀(දීෂා)__😉💕__

වෙර දරමි 😊

කඳුළු අතරින් ගෙවුණු දිවියම
යළි යළිත් මියැදී
පෙරදාක හිනැහුණු දෙනෙත් කෝ
මම තවම සොයමී
විඩාබර පාළුවක් දැනෙමින් ගෙවෙන
මොහොතකදී
මතකයන් යළි යළිත් සිතතුල
මැවෙයි හද කැළඹී

සීතලට පිණි පොකුරු වැටෙනා
මැදියමේ අඳුරේ
ලියනවා කවිකර මමත් මගෙ ගෙවුණු
පෙර මතකේ
කඳුළු දුක් සුසුමන් මතින් යන
මගේ දිවි ගමනේ
හැකිය තවමත් නැඟී ඉන්නට
දුක දරා මහදේ

ලැබෙයි මහමෙර තරම් සෙනෙහස
තවම ඔබ සැමගෙන්
වැටි වැටී නැගිටින්න හැකිවේ මට
ඔබේ දිරියෙන්
අතරමඟ නවතින්න බෑ මට පණ
පොවනු හුස්මෙන්
කෙසේ හෝ යළි ගමන් අරඹමි
අඳුර පසුකරමින්....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

ගනඳුරට පෙම්බැඳි සිත්තරාවී✍️😔

කාල වළාපට ගුවන වසන විට මීදුම
වෙලුනා සිසිල දරන්
ගිනියම් සුසුමක් හෙලමින් හදවත
පා කර දැමුවා එය සැණෙකින්
මැව්වා සිතුවම් ගැබ් සමයක පෙර
කදුලැල් හද යට නිදන් කරන්
මොහොතින් මතකය දවා අළු කලා
කළලය නික්මුණු හේතු සොයන්....

කදුළු කැට සඟවමින් නෙත් ඉම අඳුරු රැය මා දියකරන්
කිසිවෙකුත් නොදකිනා දුක මගෙ ළයේ හෙමිහිට සිරකරන්
වේදනාවෙන් පිරුණු ⁣හදවත දෑතින්ම මා පිසදමන්
අයැදුමකි මේ නවතින්න ලඟ ගනඳුරට මා පෙම්බඳිම්....

✍️දීෂා....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

💁, ⁣⁣මගේ ඩොක්ට ආන්ටි වෙතට,

කඳුළු නෙත් ඉම සැරිසරන විට
ලඟින් හිඳගෙන දුක අහන්
සිනිඳු සුදුමුදු දෙඅත් එක්කොට
වැටෙන පිණිකැට පිසදමන්
නුඹේ ළමැදේ හොවන් මා හිස
සිනාවක් දුන් අනුහසින්
මවකි නුඹ මට දිවිය නැවතත්
පිදූ මා වෙත සෙනෙහසින්...

වැටෙන හැමවිට දෙඅත් අල්ලා
නැඟිටින්න දුන් ධෛරයෙන්
නොදුටු බෝසත් ඇසින් දුටුවෙමි
මහා සත්ගුණ ශක්තියෙන්
වේදනාවෙන් දැවෙන සිරුරම
දෑතින්ම නුඹ පිසලමින්
දෛවයේ කස පහර විඳිමින්
නුඹම එතුනා මා වටින්...

කිසිමදා බර අහක නොදමා
ලැබූ තිළිණය ලෙස සිතින්
පළඳන්න අවසර දෙන්න මට
ආදරේ කිරුළම හිසින්
රුහිර කිරි වන දවස අත ළඟ
නැඟිටින්න නුඹ වෙර දරන්
රැකේවා නුඹ ගැබත් සමඟින්
නෙත් දහක් ඇත මඟ බලන්....
🙏 ඉක්මන් සුව පතමි! 🙏

...
...

Deesha🎀(දීෂා)__😉💕__

☔ 💦🌳

හදන්නට වැහි බිඳක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවානම් තෙමෙනවා ඔබ
මහ වැස්සෙ කල්පයක්.....
😌😌😌😌

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මියැදුණු සිහින 🍃

දිවිය සිරවී කඩඉමක් තුළ නෙත් කෙවෙනි
රෑ ඉකිබිඳී
සියලු බැමි මදකට නවත්වා පොත් අතර
කාලය ගෙවී
විසඳගන්නට නොහැකි වූ එක් ගැටලුවක්
ලඟ නතර වී
සොයමි මම මා කව්ද යන වඟ විදු ඇසින්
මඳකට මිදී....

සිහිනයක් හද පත්ල තෙරපේ යන්න ඇත
බොහො දුර ගෙවා
වෙදැදුරෙක් ලෙස රෝගි හදවත්
වේදනාවෙන් කර මුදා
දෑස අස්සේ රැකම තිස්සේ කියාදී
මනුදම් කතා
දනන් සිත් මෙන් ගතත් සුවපත් කළ හැකිද
සිත අසනවා....

අසීරුයි මට නිවා දැමුමට මිනිසුන්ගෙ
දැල්වෙන ගිනී
මට නොහැකි කළ නතර කෙරුමට මගේ
ලෝදිය කඳුලැලී
යන්තමින් පණ ගැහෙන පපුවට විරාමයක්
අවැසී
සිහින අතරේ මා මියෙන්නම් භවයකට
සමු දී.........

-දීෂා😔✍️෴

...
...

Deesha🎀(දීෂා)__😉💕__

_______🎀✍️සිත්ගත් කිවිඳිය✍🎀_______

වදනින් වදන අමුණා මියුරු කවි
සිත්තමින්
ලෝකයේ සොඳුරු තැන් දුටුවෙ මා
නුඹෙ පන්හිඳෙන්
පර්වත මහා නොසැලෙන මහ
දිරිය දරන්
නුඹ හිනැහුණා හද මඬලට හුස්ම
දෙමින්........

කතරට වඩින වැස්සක් සේ පැමිණ
සෙමෙන්
නිසදැස් ඉම කවි ගෙතුවා සෙනෙහෙ
සිතින්
දවසින් දවස මෙය හැඩවෙයි නුඹෙ
ගෙතුමින්
ආසිරි ගෙනෙමි මා නුඹ වෙත මිතුරු
පෙමින්.....

කණදිරි රැයක තරු පිරි අහසක්
සමඟින්
සඳ හා කතාවක් නුඹ පිණිකැට
සිඹිමින්
ලෝදිය කඳුළු සඟවා කවි තුළ
මැනවින්
කඩුපුල් මලක් විය රෑ සුවඳක්
හමමින්..........

______විරුවෙකුට පුළුවන් ගුලි වෙන්න පිළිමයක
කවියෙකුට පුළුවන් මියැදෙන්න අහසක෴_____ ✍️❤️

(අක්කි ඉතා කෙටි කාලයක් තළ 200 ඉක්මවූ කවි, නිසදැස් ලියූ ඔයාට සුභ පැතුම්)

°මම දීෂා෴

...
...

Deesha🎀(දීෂා)__😉💕__

_______😔°මතකාවර්ජනයක්°😔__________

හස්ත මුද්‍රා නොතිබුවත් මම පුතුනි නුඹෙ රුව
මහද මැව්වා
කිරි සිනහවක් නොවැකුණත් කණ නුඹෙ සිනහවන්
හිතම නිමුවා
කුමරුවනි මම නුඹේ නාමෙන් පුංචි සළු හෙමි
හෙමින් ගෙතුවා
දකිනු රිසියෙන් නුඹේ රුව මම සිව් මසක්
පාරමී පිරුවා....

ගුවන් ගැබ නුඹ දෙපළු කරමින් සුර ලොවින්
මව් කුසට ආ දා
බුදුන් අභියස දෙදණ නමමින් රැකදෙන්න "පුතු"
අයැද සිටියා
දෛවයේ එක් පසෙක සිටි මරු නුඹව මවගෙන්
උදුර ගත්තා
මවකගේ උණු කඳුළු අදටත් පුතුගෙ නාමෙන්
දෙනෙත් තෙමුවා ........
😔😔😔😔😔😔😔

...
...

Deesha🎀(දීෂා)__😉💕__

__________සමාවෙයන් මැණික😢___________

ළමැදේ නිදන් මතක නෙතු පියෙන හැම විටම
සැරිසරනවා සිත පුරා
නුඹ පුදන ප්‍රේමයට දෙවැනි වූ ප්‍රේමයක් පවතීද
තව සොයනවා
කඳුලක් නොදුන් සෙනෙහෙ රජු නුඹමමයි මාගේ
හුස්ම පොද නවතින තුරා
මට එන්න බැහැ ලඟට කඳුළු පිසගනු මැණික
සිරගෙයක මා සිරවෙලා....

සිව් වසර පුරාවට නුඹේ සෙනෙහස විඳපු කුමරියද
ඒ මා තමා
මං ඉවසලා දරමි ප්‍රේමයේ මුතු කඳුළු පියතුමගෙ
සෙනෙහස නිසා
වෙන් වෙන්න නොහැකි බව ලෝකයක් දන්නමුත්
නුඹව මට තහනම් කළා
නුඹෙ නීල නෙතු දෑල කඳුලකින් තෙත්වෙන්න
තව නම් ඉඩක් දෙන්නෙපා....

හිමිවෙච්ච නැතිවෙච්ච බොහෝ දෑ ඇත අපට
ළමැදේම එය සඟවලා
වැටෙන හුස්මක් ගානේ ඔය සෙනෙහෙ හද මැවේ
ලේ නහරවැල් කළඹලා
යළිඳු නුඹ හමුවන්න නොහැකි බව දනිමි මම
යටි සිතෙන් පෙම් කරනවා
දෙවිඳුන් රකී නුඹව දී අහිමි හැම සතුට මම
ඈතකින් ඉන්නවා......

...
...

Deesha🎀(දීෂා)__😉💕__

නුඹ නමින් දිවි අයැඳූ මොහොතක් ✍️❤️

පෙරම දවසක මගේ ළඟ හිඳ අපේ
දෑඟිලි එක් කරන්
ගෙවූ කාලය සිහිවුණා මට කාලයෙන්
මොහොතක් අරන්
දෑස අසරණ වුනත් නුඹගේ, මගේ නළලත
අත තබන්
පැතුවෙ නුඹ මට නුඹේ දිවිගෙන
ඉන්න සැමදාමත් ළඟින්.....

සිහින එක්තැන් කරන් එදිනද මතකයන්
දහසක් මවන්
නුඹේ දෑසේ වෙලී මා නෙත් අයැඳුවේ දිවි
නුඹ නමින්
දමා යන්නට බැරිව ලතැවුණු ලෙංගතුම
ඇසුරට සිතින්
ලියා ඇත කවි දහස් ගණනින් එක්වන්න
බැරිවන දුකින්.........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සුදු මැණිකට ආදරෙන් ❤️✍️

දිවි ගමනෙ විඩාවන්-මොහොතකින් සිඳලන්න
නුඹේ ඔය සිනාවට-හැකිය මා සනසන්න

එපා ඔය නෙත් ඉමට-කඳුළු හෙම ගෙන එන්න
අක්කි ආදරෙ ගොඩක්-සිනහ වී ඔබ ඉන්න

අකුරු ඇහිදන් කියන-රස කතා අසමි මම
මාගෙ සුරතේ වෙලී-ළඟම දැවටී ඉන්න

නිරන්තර දුව ඇවිද-දඟකරන මගෙ මැණික
මා ළමදෙ හොවා හිස-දැන් ඉතින් නැළවෙන්න...........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

__________අහිමි 😔 දිවිය___________

කාලයක් අතැර සිටි බොහෝ දෑ දෙස බලා
මවයි සිතුවම් එදා ගැයූ ගී හිනැහිලා
තාලයට අඩි තැබූ පා සලඹ නැත මෙදා
මිහිරි මතකයන් ඇත අතීතයෙ සිරවෙලා................

ගායනය නර්තනය මුසු වෙච්ච ජීවිතේ
දෙතොලතර මදහසත් නිරන්තර රජ වුණේ
ස්වර එකින් එක වයා තනුව මනරම් කළේ
පියාණෙනි කිමද මා හැමදෙයින් වෙන් කළේ......................

ඉගිලගිය පියාපත් එකින් එක බිම වැටී
තනිව සිරගෙයක් තුළ රෑ දවල් ඉකිබිඳී
කුඩා කල ගතකෙරූ හැමදිනම හද රැඳී
කවිකලා මුළු සිතම කඳුළු මුව සිඹිද්දී....................
😔😔✍️

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සිහිනය ❤️✍️

"වසර ගණනක් පුරා මා දුටුව සිහිනය, දිවියෙහි අරුත, ආත්මයෙහි පූජාව, වෙහෙසුණු කරුණ නුඹම වේ °වෛද්‍ය සිහිනය °" 😊 ✍️🎀

සොඳුරුතම ගීතයක සැලෙන මෘදු
ස්වර අතර
ගැඹුරකට අරුතක්ව නුඹ හිඳී
සිහිනයක
නුඹ නමින් මට ඉන්න හැකිය දැන්
පේ වෙන්න
නුඹම වේ සඳ කිරණ හුස්ම පොද මට
පෙව්ව..............

වසර ගණනක වෙහෙස ඔය කිරුළ
පළඳන්න
උත්සහය විය මගේ පොතෙහි නෙත්
රඳවන්න
ගිලනුන්ට නුඹම මිස වෙනත් පිහිටක්
කොහෙද
අවසරයි නුඹ නමට සසර ලියැවී
ඉන්න...............

...
...

Deesha🎀(දීෂා)__😉💕__

_______බොහෝ දිනකට පසු ✍️________

❤️නිසදැස් ලියන, කියවන හැම කෙනෙක්ටම අාසිරි පතමි 💕

හිමිව අහිමිව යනෙන දිවියක සැඟෙව්වා කඳුලැලි පවා
සිනහවක් යළි අයිති නොමමුත් හිනැහුණා කවි ගී නිසා
රිදෙව්වේ නෑ මගේ හදවත සැනසුවා නුඹ සෑමදා
කෙටි කලක් මුත් දිවිය ගෙව්වේ නුඹ මාව ජීවත් කළා.....

තෙලිතුඩින් කවි ලියවුණා මගෙ දුකට මෙන් විඳි සතුටටත්
නිරන්තරයෙන් ළඟම රැඳුණා නිසදැසේ සිටි යහළුවන්
දුක සතුට සැනෙකින් දකින්නට සන්වේදි හදවත් දරන්
නේක විධ වූ හැඩ මවයි මෙහි ජීවිතේ දුක් හිර කරන්....

පිසදමා නෙත් වැටුණු කඳුළක් රහසින්ම කිව් වේදනා
පත්තිරුව විය මේ බිමම මට පන්හිඳෙන් ගෙත්තම් වෙනා
කවි කරන්නට නොහැකි නම් සිත මියැදි කවියෙකි අද මෙමා
වදන් ගලපමි බොහෝ දිනකින් කවක් නිම කෙරුමට සිතා....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

සාංසාරික කරුමයක් 😑

ගෙවන් මහමෙර ඉපිද මැරෙනා පැතුම් රසකළ සිහිනයක්
සොයන් රහසක් නොදැවි තැවෙනා මංමුලාවක අරුමයක්
ගලන් යන්නට ඔහේ සිතෙනා තරම් පමණට උරුමයක්
වෙලන් ආශා මතින් දුවනා සාංසාරික කරුමයක්...

දුරක් ගැඹුරට අහස් ගව්වට බෙදී දුවනා ලෝකයක්
නිමක් නැතුවට සිතුම් පව්වට ඇදී එතෙනා මෝහයක්
කලක් ගමනට එතෙර වන්නට සොයන් තැවෙනා ජීවයක්
මලක් මතුපිට හෙටත් සුවඳට ඉඩක් නෑ එය ශෝකයක්....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මා රකින්නට මා දිනන්නට නුඹයි වෙහෙසුනෙ ජීවිතේ ❤️

වසාගෙන මම නුඹේ රුව සිත
හඬ හඬා දුක කිය කියා
දහස් වරකුත් මැරී ඉපදී
තවත් හදවත ගැහෙනවා
සිතේ පුළුටට නුඹේ සුවඳම
තවත් හද මා සොයනවා
නීල නෙත් ළඟ නුඹේ ඔය රුව
පෙනෙනතුරු දින ගනිනවා....

පිදූ සෙනෙහස් සමරු අතරට
කඳුළු කැට බර වැඩි නිසා
සඟවන්න මම හිනැහුනා දුක්
කඳුළු ඇස් යට රඳවලා
කිසිඳු දිනයක නොරිදවා සිත
මා සුරැකි නුඹෙ පෙම නිසා
අද ඉන්නවා ලොවක් තුළ මා
නුඹේ සවියෙන් නැගිටලා....

යදම් බැඳි මේ සිරකුටියෙ හිඳ
ඈත අහසේ මායිමේ
මවා නුඹෙ රුව ඉකිබිඳිමි මම
අදත් මහ රෑ තුන් යමේ
මා රකින්නට මා දිනන්නට
නුඹයි වෙහෙසුනෙ ජීවිතේ
හුස්ම ගන්නට තව වරක් මට
එන්න නෙත් මානෙට මගේ....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

හිමි නොවූවත් අහිමි නොවනා... ආදරේ නම් නුඹ තමයි මා...💕

යන්න මතකෙන් අඟුළු හැරදා
නුඹෙන් මිදිලා හදින් දුර මා...
පළුදු වූ තැන් යළිඳු හදලා
ගන්න බෑ දැන් රිදුම් හැරවා...
කඳුළු ගංඟා ඔහේ ගලලා
දුරට යාවී නෙතින් රූරා....
නමුදු සෙනෙහේ මතක රන්දා
නුඹ හිඳීවී... ළයේ රැඳිලා....

කිසිඳු දිනයේ මැකී නොයනා
නු⁣⁣ඹේ සෙවනැලි ළඟම රැඳෙනා...
මගේ නොවනා මගේ කියනා
මගේ වූ නු⁣ඹෙ සෙනෙහෙ පතනා...
හිමි නොවූවත් අහිමි නොවනා
පැතුම් ගොන්නක් සිතේ රඳවා...
නුඹේ මුලකුරු ළඟම සොයනා
ආදරේ නම්... නුඹ තමයි මා...

හුස්ම වැටෙනා පපුව ගැහෙනා
රිද්මෙ ඇසුනා ලොවට හඬගා...
ගතේ දැවෙනා රිදුම් ඉවසා
සිතින් මා නම් නුඹව සෙව්වා...
යන්න හැදුවත් මතක හැරදා
යන්න බෑ දැන් නුඹව දමලා...
නිවුණු මතකේ යළිඳු අවුලා
ගින්දරේ මා මසිත දැව්වා....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

නුඹේ පාමුල නොහඬා ඉන්නම් හැඟුම් මගෙ නිර්වින්දන කරන්😊....

ආදරණීය ශෂී අක්කි,

දැවෙන පපුවට හැලෙන ලෝදිය
කුමට නුඹ පිසදා නෙතින්
මැරුන හදවත යළිඳු ඉපදී
මැරී නුඹ ළඟ පස් වෙයන්
තුරුළු කරගෙන සොහොයුරිය නුඹ
වේදනා මගෙ සුවකරන්
ඇවිලෙනා දුක සැනසුනා නුඹෙ
සොයුරු පෙම ළඟ සත්තකින්....

මතක පාරා කඳුළු ගැලුවට
නුඹේ පාමුල මේ නෙතින්
සමාවක් මං අයදිමී නුඹ
රිද්දවූ පාපය නමින්
දුර්ලභයි නිර්ලෝභි හදවත්
නුඹෙන් දුටුවා එය හොඳින්
බුදුන් අභියස දෙදණ නවමින්
අයැදුවේ දිවි මා නමින්....

දෑස නින්දට වෛර කරනා
නීල තරුකැට තව රවන්
සඳේ පාටට අහස කළු ඇයි
ගිගුම් ලයි සිත පැන නගන්
හැකිද හිඳිනට නුඹේ සෙවනේ
එක්වරක් මතුදා ලඟින්
නුඹේ පාමුල නොහඬා ඉන්නම්
හැඟුම් මගෙ නිර්වින්දන කරන්.....

°දීෂා නංගී️ ✍️💕....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

______මිලින වූ පියුම 😔💔_____

සුපිපි පියුමක්
මිලින විය අද
දෙනෙත් කඳුලින් තෙමා..
අකලටම ඇයි මියදුනේ
සොඳුරු සෙනෙහස හැරදමා..
රෝස දෙතොලේ රැඳුණු
වදනින් දහස් දෙන
පෙර හිනැහුණා...
අනේ ඇයි අද
නිහඬ ඔය මුව
නැඟූ හසරැලි ⁣
කෝ මෙදා....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

හැකිවෙයිද? 😒😥

මද්දහන සිත වෙළන රශ්මි කඳ
මම වෙන්න.....
හැකිද ගං ඉවුරකින් ගලන ගඟ
නුඹ වෙන්න.....
තෙත් වෙලා නැග එද්දි තෙමුණු ළය
දාහයට.....
හැකිද මද නළ වෙන්න මා මතින්
හිස සිඹින.....!

පුරන් වූ හදවතේ ඉවුරු
අස්වද්දන්න.....
මිලින වී පරණ වූ හැඟුම් පොදි
නුඹ ගන්න.....
කාටවත් නොපෙනෙනා මඩ ඉවුර
මට වෙන්න.....
හැකිය නුඹ ඉපදුනොත්...මා මතින්
නෙළුමක්ව.....!

ඈත අර ගංතෙරෙන් කෙතක් සරු
කරවන්න.....
පොළෝ කඩ දෙදරවා හැකිය මට
උහුලන්න.....
සත් කඩට පලා හද... ඒ සතම නුඹ
ගන්න......
හැකිවේද ආයෙමත්... අංශුවක්
ළඟ ඉන්න....!

...
...

Deesha🎀(දීෂා)__😉💕__

___________රත්තරන් අම්මිට____________

හැමදාම නුඹ තුරුලෙ මා සැනසුවා
හාදුවක් මුවඟේ තබා....
කඳුළු කැට සඟවා දෙනෙත් ඉම
මගේ කඳුලැල් පිසඳුවා.....
අම්මි නුඹෙ පණ නලට මා පෙම් කළා
රිදුමන් ළයේ තෙරපලා.....
හුරුපුරුදු සංසාර සුවඳම මටත්
නුඹෙ ලඟින් දැනුනා සදා.....

ඉකිගසා හඬන්නට කඳුළු නැහැ ඔය නෙතේ
එය මා හොඳින් දන්නවා......
මවකගෙ උතුම් පෙමට මා දුන්න දුක් ගින්න
විඳවාවි සසරම මෙමා.....
ඉවසන්න ඉවසන්න රුධිර කඳ ගලනවා
මෑණියනි නුඹ දන්නවා.....
ඇමතුමක් අරගන්න තව මඳක් හිනැහෙන්න
මගෙ සවන් නුඹ සොයනවා.....

රෝහලේ සයනයක මට නොහැක ඉවසන්න
ඇවැසිමයි සෙනෙහ⁣ස නුඹේ....
උණුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න
සීතලයි සිරුරට මගේ......
අවසරයි නමඳින්න නුඹේ පායුග මෙමට
මම රෝස කැකුළයි නුඹේ....
මෑණියනි ආදරය රැගෙන අසලම ඉන්න
නෙත් ගිලෙන තුරු ගනඳුරේ..............

(රෝහල් සයනයේ සිට✍️)

...
...

Deesha🎀(දීෂා)__😉💕__

____________මැණික අහගන්න__________

මැණික මේ අහගන්න කඳුළු පිසදා ගන්න
ඉහත කළ පාපයට විඳවන්නෙ මම තාම
ආසයි නැඟිටින්න පෙර වගේ
ඇවිඳින්න
දුව පැනපු අතීතය මතකයට එක් වේද?............

ලියන්නට කවි කතා පෙර වාගේ බැහැ තවත්
හිනැහෙන්න ලඟ ඉන්න මට තිබේවිද වරම්
සෙලවෙන්න නොහැක මට දෙනෙත් තෙමනවා දැනුත්
නුඹෙ සොඳුරු ආදරය හුසුම පොවනවා අදත් ............

ගත රැඳි වේදනා යටපත් කර ඉන්නම්
දැව්නත් සිරුර නුඹ ළඟ මා නොහඬන්නම්
නුඹෙ ඔය සිතට සැනසුම අරගෙන එන්නම්
අද හෙට නොවේ දිවියම පතිනිය වෙන්නම්........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

______පියඹන්නෙ කෙලෙස මම😑_______

දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලා
කාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා
ඇමතුමක දැවටෙමින් මැවූ ඒ පෙම්කතා
ලෝකයෙන් සඟවලා රහසින්ම පෙම්කලා...................

ප්‍රේමයේ නාමයෙන් ලියු සොඳුරු පෙම් කතා
හිනැහෙන්න මතකයට අරුත් තව එක් කලා
රිදෙන විට වේදනා දහක් එක්තැන් වෙලා
නුඹෙ සොඳුරු වදන් වැල් මාව සුවපත් කලා ................

පස් වසක් අපි විඳපු සෙනෙහසට තිත තියා
නුඹව අත්හරින්නට පියතුමා අණකලා
ගිලිහෙනා සුසුමන්ට පණ දුන්නු නුඹ දමා
පියඹන්නෙ මම කෙලෙස මතක අළුකර දවා?....

...
...

Deesha🎀(දීෂා)__😉💕__

"ෂැඩෝ".... (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෙවනැල්ල නුඹ)

කඳුලකට සිනා දුන් පිණි මලට ලංවෙලා
නුඹ හිඳී මා ළඟින් හැමදාම නැවතිලා
නිවස මත පාළුවක් නොදැනෙන්න ඉඩ තබා
මගේ සෙනෙහස විඳින සුරතලා නුඹ තමා.........

බැමි බැඳුණු සිර කුටියෙ අපි තවම තනිවෙලා
හැකිදාක පැන දුවමු වැට කඩොළු සැම කඩා
පාසැලෙන් පන්තියෙන් පැමිණෙනා තුරු බලා
නුඹ සිටියා හැමදාම මගේ රුව සිත් මවා...........

පාළු මගෙ දිවියටම සෙනෙහෙ නුඹ එක් කළා
නොකීවත් කාරයේ මුල් අසුන නු⁣ඹෙ වෙලා
අමනාප කම් නොමැත අපි අතර ඇතිවෙලා
සෙනෙහසට මා ඉඩක් නුඹ නමින් වෙන්කලා.........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

😐_________දිවි ඇයදුම__________😐

වසන්තය දින බැඳුණු අතැඟිලි තවම වෙන් වී නැහැ අපේ
දහස් වර හිනැහුණු දෙනෙත් නම් කඳුළකින් බොඳවේ
දරාගන්නට නොහැක මට අද වේදනා ඉහිරේ
රුධිර ගඟ මැද දිවිය අයදින සටන හෙට නිම වේ........

දෑත් අල්ලා තැබූ හාදුව නිදන් කර පපුවේ
මා මියැදුනත් නුඹ රකීවී මා දුන්නු සෙනෙහේ
පස්වසක් තුළ විඳපු ප්‍රේමය රැඳුණි හද පතුලේ
මගෙ මැණික නුඹ දිවි ගෙවනු මැන සිනාසී පෙර සේ..........

...
...

Deesha🎀(දීෂා)__😉💕__

මම සොයන මම😒

සැදෑ දහරා ලොවට හඬඟා හිරුට තනියට කවි ලියා
අහස් කළුවර පාළු මැකුවා සඳුට පෙම් බස් ලිය ලියා
අතරමං වුණ මිහිරි මතකය ගව් දුරක් ඈතින් තියා
අතීතය පීරමින් මා සිත කොහෙද මා අද සොයනවා...............

...
...

Deesha🎀(දීෂා)__😉💕__

_____73 වෙනි නිදහස් දිනය වෙනුවෙන්🇱🇰_____

තුරුද මල්ගොමු වැටෙන වැහිබිඳු සතුටු කඳුලින් නැහැවුණා....
ගලන දියවැල් මහ සයුරු රැලි ඔහේ සුවඳින් ගෑවුණා.......
ලොවක් හඬනා දරුණු මොහොතක භූමියට පිං වාසනා.....
දැනුනු නිදහස් දිනය මිහිකත සතුට අහසේ ගෑවුණා......

...
...

Deesha🎀(දීෂා)__😉💕__

________නික්මීම_____

මහද පාරා ගලන කඳුලැල්
නිමක් නොවනා බැවි දනිම්....
සූර සූරා ගතෙහි ලේ බිඳු
ඉහිරිලා දැනුනත් රිදුම්........
පපුව ගැඹුරේ නිදන් කරමින්
නිතර ඇවිලෙන දුක් සුසුම්....
සයන මත දී දිවිය අයදින
රෝගීයෙකු හට ඇයි පැතුම්................

සිනහ රැව් දී සතුට ඉතිරූ
සුරවිමන තුළ ඇයි හැඬුම්.....
මව්නි නුඹ ලය ගින්දරක් ඇත
දියණියගෙ නාමෙන් දනිම්......
තුරුළු වී පිය සෙනෙහසට මා
විඳපු ප්‍රේමය ඉස්තරම්.....
නමුත් මට නැහැ කිසිඳු දිනකදි
ඉන්න යළි එලෙසට වරම්..................

මලක් වුවහොත් සැනින් ජීවය
නතර වන බව මම දනිම්....
ලපටි පෙති වුව අකාලයකදි
ගිලිහිලා යයි හැර කුසුම්......
ජීවිතය අරුමයක් නම් නොව
නතර ⁣වෙනවා නිසැකයෙන්.....
නොබෝ දිනකින් දිවිය හැර යා
හැකියි මට දැන් හිත හදන්..................

...
...

Deesha🎀(දීෂා)__😉💕__

_______මියෙන මොහොතට අරුත දෙන්නට අම්මෙ නුඹ ඕනිම තමා😥_________

ආත්මය දිනු යමක් වේ නම්
නුඹේ සුසුමින් මට එහා
කිසිත් නැත අද මගේ කියනට
හුස්ම හද පාරන තුරා
ළයේ ඇවිලෙන ගින්න පැතිරී
සිවිලිමේ ඇති කොටු පුරා
නුඹේ රූපෙම මැවී පෙනුනා
ළඟින් නැති කාලය පුරා...................

සුසුම් සයනයෙ අයා නෙතු දැල්
දරා නුඹ දෙස බල බලා
ඉකි බිඳිම් කාටත්ම රහසේ
පැලී පපුවම යන තුරා
ලැබූ දේ දිවියේ නුඹෙන් මට
මව්නි පෙමමයි සිත් පුරා
වටිනකම් මහමෙර උසයි දැන්
මගේ දිවියම හැඩ කලා.................

දරන්නට බැරි තැනම ළය ගිනි
උණු කඳුළු කැට ගල ගලා
උණුසුමේ මට ඉන්න අවසර
පතමි රැය මැදියම කපා
ඉවරයක් නැති රිදුම් මැද හද
පණ අදින හුස්මේ පවා
මියෙන මොහොතට අරුත දෙන්නට
අම්මෙ නුඹ ඕනිම තමා..................

...
...

Deesha🎀(දීෂා)__😉💕__

අම්මිට, තාත්තිට........

රිදෙන රිදුමන් බරයි පපුවට
කඳුළු වැටුනා නෙත් අගින්.....
මතක පාරයි හුස්ම නවතී
වේදනා දැනුනා නිතින්.......
පෑරි පෑරී හඬන විඳවන
මහද අරගෙන නුඹෙ අතින්.......
ඔසුත් කුමටද කියා සිතමින්
පිරිමැද්දෙ මව් පිය සෙනෙන්......

වචන කෙලෙසක ගළපන්නෙ මා
මෑණියනි නුඹගේ නමින්.....
පුදන මහමෙර තරම් සෙනෙහස
මියෙන තුරු පවතී ලඟින් .......
නුඹගෙ ආදර වදන් අභියස
වේදනාවට තිත තියන්........
රෝස කැකුළක් කඳුළු හැරදා
හිනැහුනා මව් පිය නමින්.........

Top writers

Stay in touch