
සිත සනසන හද පුරවන අකුරු හතර අ ද ර ය ... ❤❤️
සිත සනසන
හද පුරවන
අකුරු හතර
අ ද ර ය ... ❤❤️

අවරගිරිට හොර රහසේ නෙතු දැහැනට මන්මුලාව රෝස කොපුල් රත් කරගෙන මත් වු එකියක විලසට කවුරුද සෙව්වේ...😢
හෘදය ඉල්ලා හැඩු ඔබ
අයිදෝ නාවේ...💔

අසම්මත පෙම💔
අසම්මත පෙමක් ඇය
සම්මතයි කියු කලට
වේද එය සම්මතය
පෙම්වතුන් මුලාවන...
චණ්ඩාල අශෝකම
සාලියට බැදි පෙමට
සම්මතයි කියු ඇයම
රැඩිකල් සිතුවිල්ලට
එපෙම අසම්මත විය
ඇයට...💔💔

සිංහ පුතෙකි ඔහු
දෑතේ කරගැට
නැත සුව විදලා
දෙපයේ රිදුමන්
නිති රැදිලා
නිදිවර්ජිත නෙතු
තෙදඔද වැඩිලා
සිංහ දේශයේ
සිංහ පුතෙකි ඔහු
දේශය සුරකින
රණවිරුවා...

දෙවසරක පෙම්කව 💑💑
දළුලමින් ඵලදරන..💕
කෝඩුකාර පෙම්කවට..💕
දෙවසරක් ගෙවීගොස්
නොදැනීම ..💕
ලැබුනු ඒ අවසරින්
පතමි පැතුමක් ..💕
මංගල අෂ්ඨක නද මැද..💕
රන් හුයෙන් දෑගිලි බන්දා ..💕
පෝරු මස්තකයෙහි .💕.
පුංචි මනාලිය වන්නට ...💕
මතුදිනෙක නූඹේ ...👰🤵