Nisadas / Writer / නිමාලි

Writer Profile

    Circle Image
    නිමාලි
    Nisadas: 4

...
...

නිමාලි

ආරාධනා ♥️

කදුලක් නොවන්න කිසි දින නෙතු අගින් කඩා හැලෙන..
කුසුමක් නොවන්න කිසි දින පෙති හැලී මියදෙන...
සදක් නොවන්න කිසි දින හිරු උදාවෙන් සැගවෙන...
සෙවනැල්ලක් වන්න සැමදා ලග රැදෙන....

...
...

නිමාලි

නුඹ .....♥️.....

වියරු හදක් තුල පාවී යන
සිහිල් මද නලකි ඔබ
වියලි කතරෙහි රුදුරු බව බිදින්නට පැමිණි
සුනිල් දිය බිදකි ඔබ
නොයිදුල් සුපැතුම් පොදිබදිමින්
මිලින වන්නට ගමන් ඇරඹුවද
හසරක් සෙවිය නොහැකි
මංමුලා වූ මාවතක
ස්වප්නයක් පසු පස ලුහුබදිමින්
ඉදිරියට පියමනින්නේ ....
අඩවන් වූ නෙතින්
දක්නා ලද ස්වප්නය
සැබෑවක් නොවන බව
මසිත කොදුරන්නට වුවද,
පැහැදුල් ප්‍රාර්ථනාවක්
සිතහි සගවාගෙන
එය මුදුන්පත් කරවන්නට ද
ස්නේහය නැමැති ඕවිල්ලෙහි
ලැගුම්ගන්නට
දරන ලද වෑයමක් ලෙසිනි.....

...
...

නිමාලි

නොපෙනෙන සත්‍යය ♥️👀

සිනහ බස් ගොතමින්
රන්ඩු සරුවල් කරමින්...
මිතුරුකම් පාමින්...
හිදිමු සැමදා සහෝදර පෙමින්..

මියෙන තුරු හද පුරා...
සිත් රිදුම් නොතවරා...
හිදින බව සැරිසරා...
කියයි හිස්බස් කට පුරා...

විස්වස් කල හැකිද ආදර සොදුරු වදන්...
විස්වස් කරනු මුව වෙතටම හෙලන වදන්....
පෙම් බස් අතර සැගවී ඇත කුරිරු නුවන්...
දරදඬු බසට නැත රහසින් යුතු දෙනුවන්...

එය එලෙසයි මෙය නොපෙනෙන කිව නොහැක...
විසිතුරු දෙයක්දැයි පෙනුමෙන් කිව නොහැක..
සිර කුටියක සැගවී ඇත සිතිය හැක....
අදුරින් මිදුනු මනසක් එහි තිබිය හැක...

...
...

නිමාලි

ඇස් බැන්දුමකි පෙම 🖤♥️

නිසොල්මන් හදක් සංසල නොවන්නේ..
සිසිල් ඉමක් නිසලව පාවීයන්නේ..
සුපෙම් සුසුම් ඉකි බිදිමින් හඩන්නේ..
නුරා සෙනේ හද පත්ලෙන් උතුරන්නේ...

මිලින නොවූ සුපහන් මල් කොදෙව්වේ
සිහින වඩන රූ රවටන මිහිරාවේ..
ඇස් බැන්දුම් සගවන ඝන වලාවේ..
නෙත් කදුලින් රවටයි මංමුලාවේ...

දෛවය නම් පහුරට සහයක් වෙන්න..
පෙම නම් සැඩ මාරුතයක් එක් වෙන්න...
ගං තෙර වෙත නිසගව පිය මනින්න..
කෙලෙසක වෙද මරු සිතැතිව දකින්න...

Top writers

Stay in touch