Nisadas / Writer / ජිත්ම කල්හාර

Writer Profile

    Circle Image
    ජිත්ම කල්හාර
    Nisadas: 7

...
...

ජිත්ම කල්හාර

අසම්මත පෙම...

නැගී හිරු බටහිරින්
එලිය අදුරට හුරු වෙලා..
හමුවීම වෙන්වීම අතරෙහි
සතන් හිස්තැන් ඇති වෙලා.
සුමුදු වූ සිතුවිලි අතීතය
අද බිදෙන් බිද රළුවෙලා
අසීමිත මතකයන් දෙකකට
විෂ්ව රීතිය මැදි වෙලා..
බදා කෙතකේ පැමිනියත්..
පැමිනියත් මරු සිතුවිල්ල සේ..
නුබට බැදි ඒ කුලුදුලේ පිපි..
ප්‍රේම සිතුවිලි හදවතේ..
නිමක් හිම් නැත කඩුලු මායිම්..
කඩා බිද සිත හිතුමතේ..
සිතුම් වැල් දම් රනින් ඔප සේ..
සිතුවිල්ල නුබමයි හදේ..

...
...

ජිත්ම කල්හාර

දුක

කය:දුර යන්න හිත දෙන්න
බැහැ නේද බං ඇගෙන්
සිත:බැහැ මචං මට ඉන්න
හිනැහෙන්න නැහැ වරම්
කය:මට ඇහැකි ඇය නැතුව
හිනැහෙන්න ඇති තරං
සිත:නුබ කොහොම හිනැහෙන්නෙ
ඇය නුබේ පණ තරං
කය:මට හැකිය සැනසෙන්න
මත් විලේ කිමිදෙමින්
සිත:උබට නං ෆුන් තමයි
මට ඉතිං දුක තමයි
කය:ඔවු මචං මට හුරුයි
වැටි වැටී නැගිටින්න
සිත:කට වහං සැතපියං
මගෙ ලගින් දුක අහං.

...
...

ජිත්ම කල්හාර

නින්ද සමග ඇය

පැමින සිත්මඩලට සෙමින්
නොරිද්දා මම ආදරෙන්
ලංව සැතපුනි නින්ද යන තුරු නෙතු
නෙතුපියන් දෙස යොමු වෙමින්..

මන්ද සොදුරි මේ තරම්
අහින්සක මුව මදහසක්
බැහැනෙ මැට්ටියෙ මේ තරම්
ඉන්න බලමින් නිදි මතිං....

තනිව නුබ නං හිනැහෙති
මටත් දැං ඉන්නට බැරි
හාද්දක් මම තියන්නද අද
හෙටම නුබ හට බැලුවැකි...

පියන්නට මට හිරිම ලෝභයි
නෙතු අද්දරත් නුබව දිස් වෙයි
පිස්සු කෙල්ලේ නුබත් හරියට
මටම මැවු දෙවු දුවක් වාගෙයි..

සෙවු..❤😘

...
...

ජිත්ම කල්හාර

මගේ නුඔ

සිතුවිල්ලක් පමනක්ද මම ඔය හිතට
මතකයක් විතරක්ද මම ඔය හිසට
නිමැයුමක් විලසක්ද මම තෙතට
කදුල නං වෙන්පො මම ඔබේ පෙමට

රසදුනක් විය නුබව ⁣මම නොදුටු කිසිදිනක
මිහිරියද නුබම විය සිහිනයක මතුදාක
සැසි සරමු අපි නිබද එක් නොවන සිතුවමක
සද සාවි අත වනන බවයකදි එනදාක

දිනෙක එක් වෙන්න සිත
ලං වෙලා නුබට වත
⁣සිහිසුන්ව පෙමක ගොත
අප කිමද රස මුසුව ගත

සුසුමක්ව දැ⁣වටෙන්න
හද ලගින් තැවරෙන්න
නෙත කදුලු සරසන්න
ම⁣ගෙ අසල නුබ ඉන්න...

...
...

ජිත්ම කල්හාර

අන්දර මායිම

අන්දර මල් පිපුන අපේ
ඉදිකඩ සුන්දර මනරම්
ඇඹුල් පේර ගස් යන සිට
ඵල නෙලන්න සිතුව අගෙයි
දුව පැන නටමින් ගයමින්
සිට එලි පැන දිවුව තමයි
සුන්දර මතකය එලෙසයි
අපි නං දැං හරි නරකයි

...
...

ජිත්ම කල්හාර

නුබ

චංචලයි නුබ නිසංසල මගෙ
සිත් මඩල තුල දිවි තුරා..
තැනක් නොතැනක් නැහැනෙ
මතකෙට යන්න එන්නට
නුබෙ නුරා..
හෙරක් බං උබ හොරෙන් කාටත්
ගන්න මගෙ හිත නොකඩවා
යන්නෙ නං නෑ දුම්මලක්
ගැසුවත් ඉන්නෙ හිත යට
කොදුරලා..
කුනිතන්ට නුබ තමා
හරි හපනි මගෙ ලග දැවටිලා
ඉතිං මොකටද මැට්ටි අද මේ
හැංගිලා ලැජ්ජාව පෙන්නා.

...
...

ජිත්ම කල්හාර

මරණය

පුතේ එක දොයිතුවක්
අතේ නැති කාරියක්
ගතේ නැත වීරියක්
සිතේ ඇත මහමෙරක්.

වීදි මාවත් මාව අදුරයි
තනිව මම එහි සැරිසරයි
සිතුවෙ නැ එක වේගයයි
ගැටුනි මා ගත නිසසලයි

ගාතයක් පන නෑ අනේ
ලේ උනයි දහදිය ⁣ලෙසේ
රෝහලේ ඉදිරියෙ මෙසේ
සිටිම් ටොලියක අද මෙසේ

කවුරුවත් නෑ මාව දැක්කේ
රුදිරයෙන් නැහැ වෙන්නෙ සිත්සේ
පනත් නෑ මට වැතිර ඉන්නට
මාව අරගෙ යමං මරුනේ..

පැමිනඑක සුර දූතියක්
කනට කොදුරයි භිතියක්
සලිත වෙයි හැම නහරයක්
දැනෙයි දැං නං මර බියක්

සිටින මා වැතිරී ඇදේ
වෙලයි කිසිවක් භාහුවේ
දැනුනෙ නෑ මට රිදුනෙ නෑ
මතක මම රෝහල් ඇදෙ..

පපුව හෙමිහිට ගැහෙනවා
සිරුරෙ මස් දලු හැපෙනවා
ගතට කිසිවක් හැගෙනවා
කුමක් හරි මට පෙනෙනවා

රෝහලම හරි පාලුවයි
මා තනිව වැතිරී සිටියි
මටම පුදුමයි මාව දිස්වෙයි
මගේ සිත වෙන් වෙලා වාගෙයි

Top writers

Stay in touch