Nisadas / Writer / Shashii Prasadi

Writer Profile

    Circle Image
    Shashii Prasadi
    Nisadas: 22

...
...

Shashii Prasadi

ආදරය

එක් සැදෑවක නුබෙ රුව ඇදි
රන් වලාපට සේ
ඉතින් මා ගෙත්තම් කරන්නද
ලොවට නොපෙනෙන සේ
ඈත කදුකර මුදුන් සිපගෙන
ඇදෙන සුලගක් සේ
ඇවිත් නුබේ ඔය රුව තෙමන්නද
සිසිල නොදැනෙන සේ

ශශී❤️

...
...

Shashii Prasadi

❤️❤️❤️

වැසි වසින සීතලට ගුලිවෙන්න නුබ ලගම
දෙතොල් පෙති නුබෙ මුවේ දවටන්න ඉඩ දෙන්න
සිහිනෙකට නෙතු පියන් වසාගෙන සැනසෙන්න
මේ සීත කලුවරේ හැගුමන්ට ඉඩ දෙන්න
සීතලෙන් හිරි වැටුනු මගෙ කොපුල් සනසන්න
උනුසුම්ම හාදුවක් ආදරෙන් මට දෙන්න
සැමදාම අපේ සිත් ප්‍රේමයෙන් පිනවන්න
අන්ධකාරය මැදින් මද පවන වී එන්න

ශශී

...
...

Shashii Prasadi

අම්මා

දිය පොදයි ඔබ වියරු කතරට සිසිල ගෙන ආලූ
තුරු වියන් ඔබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ
මහ සයුර ඔබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ
මියුරු කව ඔබ හඩන මගෙ සිත නිතින් සනසාලූ
පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ
අසමසම ඔබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ
හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ
මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ

ශශී

...
...

Shashii Prasadi

අම්මා

දිය පොදයි නුබ වියරු කතරට සිසිල ගෙන ආලූ
මහ සයුර නුබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ
තුරු වියන් නුබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ
මියුරු කව නුබ හඩන මගෙ සිත නිතින් සනසාලූ
පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ
අසමසම නුබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ
හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ
මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ

ශශි

...
...

Shashii Prasadi

😐

නිසන්සල රාත්‍රියක
නිහඩ වූ නිමේශයක
අවදි වී මගේ සිත
හඩයි අසරන විලස
හඩන මගෙ හදවතට
නුබ පමනි සතුට අද
එන්න මා හද විලට
අවසරයි නුබට අද
ජීවිතේ ඇති තුරා
හැර නොයමි කිසි විටෙක
නැද්ද අවසර තවත්
ලන් වෙන්න නුබ වෙතට...

...
...

Shashii Prasadi

❤️

වැසි වසින කල සොදුරු වූයේ
වෙලේ ඉපනැල්ලයි
සුලන් හමනා විටෙක දුටුවේ
තුරුලතා රැගුමයි
මියදෙනා තුරු හිතේ ඇත්තේ
එකම එක පැතුමයි
දිවි තුරා තුරුලටම වීලා
නුබේ ලග ඉන්නයි

ශශී

...
...

Shashii Prasadi

එකමත් එක දවසක

සුදු පාට මීදුමට මුහු වෙච්ච
මද සුලග
දග කලා උනුහුමට දැවටිලා
අප ලගම
ඈත කදු වලලු මැද තනිවෙච්ච
කෝවිලට
පියමැන්න හැටි නුබට මතකයිද
මගෙ සොදුර...
අතින් අත පටලවා ගුලිවෙලා
උනුහුමට
නෙතින් නෙත දල්වලා ලන් වෙලා
සිත් ගැබට
කදු යාය නිම්නයක තනි වෙලා
අප දෙදෙන
වින්ද ඒ මිහිරි සුව නොවේ අමතක
හදට...
සීත මිහිදුම් පොකුරු ඈත කදු
සිපගත්ත
නීල තණ පලස මත වැහි බින්දු
වැතිරිච්ච
සෙනෙහසට සිසිල දුන් මනමාල
පොද වැස්ස
පිබිදුවා මන හැගුම් මගෙ හිතේ
හැන්ගිච්ච...

ශශී

...
...

Shashii Prasadi

😐

සරා සද මල දිලෙන අහසෙහි
නුබේ රුව ගෙත්තම් කලා
සදට හිනැහෙන තරු පොකුරු මැද
නුබේ නෙත් මට හිනැහුනා
රැහැයි හඩ ලොව ගයන ගීතය
සිතට විරහව එක් කලා
මැවෙන පෙරදා මතක සිතුවම්
සිතම මගෙ අසරණ කලා

ශශී

...
...

Shashii Prasadi

😔

සිහිනයක සිත දුරක රන්දා
නීල ඉදුවර දෙනෙත් සැලුවා
නුහුරු නුපුරුදු හැගුම් අවුලා
සුලග වී නුබ ඈත ඇදුනා...
මතක ගුලිකර සුසුම් හෙලලා
මුලු රෑම ඉකි ගසා හැඩුවා
පවන මුමුනන කවිය ඇසිලා
නිදන සද මල කදුලු සැලුවා...
නුබේ සෙනෙහස දැනෙන හින්දා
අතැර යන්නට ලෝබ හිතුනා
ඒත් ඇය නුබ ලගම හින්දා
ඉතින් යන්නම් මතක හැරදා...

ශශී

...
...

Shashii Prasadi

අයියා

නුබ දුරු රටක යන්නට ගිය ඒ
දවසේ
මන් මුලු රෑම ඉකිබිඳ හැඩුවා
රහසේ
මතකෙට නැගෙන විට නුබෙ පෙම හැමතිස්සේ
දුක හිතෙනවා ගෙවෙනා හැම
තත්පරයේ

නුබෙ සෙනෙහසට උපමා නෑ
පබදින්නේ
මවුපිය සෙනෙහෙ තරමට එය
වැජඹෙන්නේ
මේ මුලු ලොවේ නැත කිසිවක් මට
අගනේ
නුබ හැමදාම මගෙ මුලු ලෝකෙම
සොයුරේ

ශශී

...
...

Shashii Prasadi

❤️

මුදු පින්න තාම සීතලයි නගේ
මගෙ හිතට පාලු දැනෙනවා වගේ
දැවටෙන්න ලගම මීදුමක් වගේ
කොදුරමුද ලොවට රහස් ගැන අපේ
පාන සිනා හුරතලෙන් වගේ
ලැසි කොමල ගමන් මදහසක් වගේ
නෙත් විලට පිපුනු සියපතක් වගේ
සුර දෙව්දුවකගෙ සිත්තමක් වගේ

❤️❤️❤️

...
...

Shashii Prasadi

😒

නිල් අහස පුරා නුබේ රුව මවලා
සිත සැනසුවා මන් හිමි නැතත්
ආදරෙයිනේ කියා...
නෙත් මානයේ නොමැති වුව
සිත් මානයේ රැදීලා
නෙතු පියවෙනා සැනින් දැහැනක්ය නුබ
මා වසග වීලා...
වෙන් වෙන්න බැරි අයිති නැති බැදීමේ
පහසෙහි රැදෙමි
පියමන් කල නොහැක
මතකය හැර දමා...

ශශී

...
...

Shashii Prasadi

පමා වී ආ වසන්තය😔

නිදි නැති තරු නෙත් කදුලු සලද්දී
නුබ නොනිදන බව මට දැනුනා
සුසුමන් දිය වී හැගුම් දැවෙද්දී
මුලු රැය සිහිනෙක නුබ පෙනුනා
හිමි කර ගන්නට වරම් නොමැති මුත්
නුබ මා ගැන පමනක් සිතුවා
ප්‍රේමය සිත ලග හඩා වැටෙද්දී
කදුලැලි සිර කර මා දැවුනා
හිමිකම සොයනට සසර දිනකදී
අවසර දෙන්නම් නුබට යලිත්
කාටත් කලියෙන් නුබේම වන්නට
පෙරුම් පුරන්නම් සිතූ ලෙසින්
ප්‍රේමය නොහැගෙන සේ මා උන්නට
සමාව දෙනවද නුබේ සිතින්
සොදුර ඉතින් මට නුබ හැර යන්නට
අවසර දෙනවද මතක වලින්....
😓😓😓😓😢

ශශී

...
...

Shashii Prasadi

😒

සෙනෙහෙ සිත්තම් කරන නුබේ මන හැගුම් ලග...
නොසැලෙනා මගේ හිත සසල විය මොහොතකට...
දග කරන නුබේ ඇස් මගේ රුව ලග නිතර...
සිපගන්න අවසරද සිහිනෙකින් මගෙ සොදුර...
නුබ මගේ නොව හැගෙන අදුරු ඒ නිමේෂය...
කල්පයක් සේ දැනෙයි කදුලු දෙන ඇස් වලට...
හැන්ගෙන්න නුබේ ඔය සොදුරු හද විල් පතුල...
කාටවත් නොහැගෙන්න පින් පුරමි හැමදාම...
ආකහේ හැමදාම දිදුලනා සද ලගට...
තරුවකට කෙලෙස නම් ලන් වෙන්න හැකිවේද...
දුරින් හිද සැනසෙන්න මගේ දුප්පත් හිතට...
අපේ ලස්සන මතක හැමදාම මට දෙන්න...
බොලද මගෙ හදවතට හැම මොහොතෙ පෙම් කරපු...
නිබදවම ආදරේ නොඅඩුවම පුද දුන්නු...
මියෙන තුරු ආදරේ දලුලන්න පින් කරපු...
මගේ පණ මගෙ වෙන්න මතු බවෙකදී නුදුරු...

ශශී

...
...

Shashii Prasadi

සිහිනය

සීත මිහිදුම් සලු එලා
පබලු පිනි කැට වපුරලා
නුබේ සිත දගකම් කරනවද
මගේ නෙත් මත පැටලිලා
සිහින තරු දෙස නෙත් යොමා
හැගුම් සුසුමක දවටලා
කොපුල් තලයට හාදු දෙන්නද
ආදරෙන් තුරුලට වෙලා...
සුලග මුමුනන පෙම් කතා
මගේ දෙසවන රදවලා
සිතින් නුබ මගෙ ලග ඉන්නවද
හන්තාන සේ නොසැලිලා
අදුර මැද මුලු රැය පුරා
එලිය දෙන සද වගෙ ඔයා
නුබ මගේදැයි මට කියනවද
හෙමින් සවනට කොදුරලා...

ශශී

...
...

Shashii Prasadi

ආදර තාත්තා

දහදිය කදුලු මිනි මුතු විය නුබෙ පෙමට...
කරගැට පිපුනු අත් රලු විය විදි
දුකට...
රිදුමන් නොදී මා සැනසූ
හදවතට...
නුබ මගෙ තාත්තා වූයේ පෙර
පිනට...
ගොතනට එකින් එක පදවැල් නැත මැවුනේ...
නුබේ ගුණ ගයන්නට ලෝකය මදි සිතුනේ...
මහමෙර හිසින් අරගෙන නුබ දුර
ආවේ...
නුබෙ සෙනෙහසට උපමාවන් නැත ගෙතුනේ...
දිවියම මගේ හැඩ කෙරුමට නුබ වෙහෙසී...
දුක් කම්කටොලු වින්දා නොඅඩුව
පේවී...
දිනුමක් ලදොත් ජීවිතයේ මතු
දිනෙදී...
ඒ නුබ නිසාමයි පෙම්බර
අප්පච්චි...

ශශී

...
...

Shashii Prasadi

නුවර අහස යට 😒

ඇවිද යන්නට තෙරක් නොපෙනෙන සසර මග හමුවේ
ඇවිත් නුබ දුක තුරුල කරගෙන මගේ පන සම සේ
මගේ හිමිකම මටම හිමි නැති විඩාබර ගමනේ
ඉතින් නුබ ලග කෙලෙස ඉන්නද අයිති නැති සෙනෙහේ
අදුර පිරි මුත් සදක් නැති මේ විසල් ආකාසේ
තරුත් නොනිදා සද වඩින තුරු බලා ඉන්නා සේ
සියුම් හැගුමක් කදුලු අස්සේ කොපුල් සිප රහසේ
පැවසුවා මට එපා දුවනට මිරිගුවක් පස්සේ
සීත පවනක් නුබේ වේශෙන් පැමිණ ගත දැවටී
අසුරු සැනෙකින් හැන්ගුනා මේ නුවර කදු අස්සේ
මිරිගු දිය ලග හඩා වැටෙනට නෙතට අවසර දී
නික්ම යන්නම් අදුරු මතකෙන් සසර මග සමු දී

ශශී

...
...

Shashii Prasadi

😒

දෑතම දිගුකර දිවුරුම් දුන්නට කිසි දින හැරදා නොයමි කියා
ඒ දිවුරුම අද කදුලක දැවටී පවනේ පාවී යයි රිදවා
සෙනෙහස විදිනට නුබගෙන් මොහොතක් මට අවසර නැති බව දැනිලා
නුබ දුර ඈතක පාවී යනු දැක මගෙ සිත සුසුමින් වට කෙරුනා
පෙරදින හමුවී දොඩමලු වූ ඒ සුමිහිරි මතකය අවදි වෙලා
වසන්තයට පෙර ගිලිහුනු කැකුලක් හැගුමන් ලග අද වැද වැටිලා
උයනක වැතිරුනු සීතල පිනි බිදු තුශර හිමේ අද තනිවීලා
ඈතින් පෙනෙනා බොද වූ සිතුවම මා ලය කුසුමේ පරවීලා
පාලුව තනිකම සතර දිගින් විත් විකසිත කුසුමක් ගත වෙලුනා
හැන්දැවක පිපි සමන් පොහොට්ටුව නටුවෙන් ගිලිහී බිම වැටුනා
දෙලොවක් අතරේ සරන මගේ සිත නුබෙ රුව ලග විත් නතර වුනා
ආපසු යන්නට පෙර එක මොහොතක් සුවද තියන්නද දෙතොල් නුරා
ගොම්මන් අදුරේ සිසිල් සුලග වී නුබ මගෙ සවනට රහස් කියා
ඇසිපිය සලනා එකම නිමේශෙන් නුබෙ හඩ දුර ඈතක රැදිලා
පියවෙන දෙනුවන් නුරා මතින් දැන් සයනේ ගුලි වී ගිලන් වෙලා
සුරගන වේශෙන් මා මැවු සිහිනය අද මට නොකියම දුරස් වෙලා

ශශී

...
...

Shashii Prasadi

🙄

අතින් අත යන දුහුල් මලකට
ලොවක් ගැරහුම් කලද කොපමන
ඇගේ ලය මත පිරුනු ගින්දර
ලෝකයක් හට කෙලෙස වැටහෙද
අතීතය වත්මනට පැමිනී
අනාගතයම දවා අලු කර
ඇගේ සිත ගත නොනිමි කදුලක
පැටලවීමට කවුරු වග වෙද

ශශී

...
...

Shashii Prasadi

😥

සද තනි මකන සැන්දෑ බටහිර අහසේ
පඩු පැහැ තාරකා ඇයි නිවි නිවි දිලුනේ
ලියකම් මවන තරු සිත්තම් මන දසුනේ
නුබෙ නෙත් සගල මට ඇයි මැවි මැවි පෙනුනේ
පිනිබිදු සැලෙන සීතල හිරිගඩු පින්නේ
සිසිලස නොදී හදවත ඇයි ගිනි ගන්නේ
හෙමිහිට නැගෙන ඉර මල සුන්දර අඹරේ
මට ඇයි සිතට සැනසුම නොම ගෙන ආවේ
පෙම් ගී ග්‍යන සියොතුන් කැල සතර දිගේ
නැවතුම නොදී ගලනා ජීවිතය දිගේ
මිහිදුම් නැගෙන නිසසල පිවිතුරු උදයේ
මේ හැමතැනම නුබෙ රුව ඇයි මට පෙනුනේ

ශශී

...
...

Shashii Prasadi

💙

ලවන් නෙතු යුග පෙමින් ඇලලෙන
සවන් පෙති නුබෙ හඩින් රැව්දෙන
සුසුම් සිරකර දවන ප්‍රේමය
සිතින් හැරයනු කෙලෙස මම අද

ශශි

...
...

Shashii Prasadi

❤️❤️❤️

වසත් සමයක සොදුරු සවසක
නුබේ නෙත් මා නෙත ගැටුනු කල
පුරුදු ලෙසකට නුබේ රුව මට
සත්තමයි සසැලුනා හදවත
නුහුරු නුපුරුදු හැගුම් ගොන්නක
පැටලුනා මා සිත් පියුම් විල
දමා යන්නට නොහැකි තරමට
පෙම් කලා මන් මටත් නොදැනිම
සසර මග මුනහැහුන විලසක
නැවතුනා මගෙ සෙනෙහේ නුබ ලග
පෙමින් සෙනෙහෙන් ගෙවී කාලය
සිවුවසක් ගතවෙලා නොදැනිම

ශශී

Top writers

Stay in touch