
ජීවිතය
ම්ම්ම්..ඇත්තටම ජීවිතය හරියට බාගෙට ලියවිච්ච කතා පොතක් වගෙ,,
අතීතය ලියවිලා, වර්තමානය ලියනවා, අනාගතය ලියන්න හිතනවා👩🌾

දුරස්ථ නුඹ 😢
ඔය උරහිසට හිස තියාන
හිඳිනට එක් තත්පරයක්.😢
පුළුවනි ද පැමිණෙන්න
පාළු මගෙ ලොවට වී එළියක්..
සයුරෙන් එහා⛵,
ගෙන එන්න සැප අපේ ලොව වෙත, ගියත් නුඹ මා තනිකර...
මැණික නුඹ දන්නෙහි ද...
නුඹයි මගෙ මුළු ලොවට සතුට😘..
දුටුවත් මා ඔය රුව
පුළුල් කොම්පියුටර තිරය මත.
ස්පර්ශයයි නිතර ඉල්ලන්නෙම මේ සිත...
කල්පයකි මා හට නුඹෙන් දැනෙන ඒ ගැඹුරු උණුහුම💗.
❤️❤️චූටි හාමිනේ❤️❤️

අප්පච්චී❤️
සෙනෙහෙවන්ත ඔය දෙනෙත
කෙමෙන් වී විඩාබර.
රළු කෙහෙරැළි පිරුණ නමුදු දැන් සැඟව ගිය.
පුළුල් වූ උරහිස ක්‍රමයෙන් වූ වකුටු.
ගාම්භීරව තිබූ සිරුරේ සම් සිඳී ගිය.
මහන්සියි නේද මගෙ අප්පච්චි
දැන්වත් ටිකක් හුස්ම ගනිමු ද
බිම තබා නුඹෙ වගකීම.👨👧👴
❤️❤️ආදරණීය දෝණි❤️❤️

සැමියා බිරිඳගේ දෙවියාය.
රක්ත වර්ණ වූ දෙනෙත්
මිටිමෙළවූ අතැඟිලි
සෙළවෙන දෙකම්මුල්
ඉලිප්පුණු නහර
සමන්විත තරහව
නුඹ දැන් සිංහයෙකි
ඇඟට කඩාපැණ ලේවල පහස විඳින.
නැත,,,
නුඹ මහ බියගුල්ලෙකි
නුඹ කියන අමෘතයෙහි පහස විඳ ඇවිදින්,
සිනිඳු මලකට තඩිබාන.
🍁🍁🍁🍁

❤️❤️අම්මා❤️❤️
අතේ ඇඟිලි පහම එක වගෙ නෑනෙ දූලා පුතාලගෙ අප්පච්ච්...
...............
පුංචි සන්දියේ,,,
දිනක් අපි පස්දෙනා ලොකු රණ්ඩුවක් වුණා
එකිනෙකා හපාගෙන කොනිත්තා ඇස් රතු වුණා
තාත්තා පැමිණවිත් නඩුව දිග හැරවුණා
ඒ වෙලෙහි මයෙ අම්මා ඔහොම කියනවා ඇහුණා.
...................
ඇත්තටම ඒ වගෙම අදත් අප රැස් වුණා
බහින් බස් වී රණ්ඩුවකින් අවසන් වුණා
දික් කර ඇගෙ නෙරිය පිසදා සෙමින් කඳුළු
මේ අප දෙන්නාගෙ දරුවො නෙව පැවසුවා....
..................
සිතන විට නිවි සැනසිල්ලෙ,
අම්මා👩👧👦 කොහොමද නෑහෙන්නෙ ඔබ
දරුවන් මත්තෙම මේ තරමට,
ඇඟිලි පහ එක වගේ නොවුණත්
ශක්තිමත් දෑතකි නුඹ
ඒ ඇඟිලි පහ එක් කරන.
ඒ නුඹෙ නොවෙනස් ආදරය අප සැම අතරේ බෙදී ගිය.❤️
🍁🍁🍁🍁

😢
අනෙ නිදි දෙව්දුව
වඩින්න මගෙ යහනට
ඇතුළු වී මගෙ හද ගැබට
කරකවා අඩුවන්නට මේ හදවතේ ගිගුරුම් හඬ
තවත් බැහැ හඬන්නට
මහන්සියි හරියට..............💗
🍁🍁🍁🍁

🥗🍳 බොජුන් 🧀🥪
නාස් පුඩු මන්මත් කර..
සංඥාව දී පාදවලට..
හොරැහින් ඔබා දිව පිනවන..
ඒ ගමන් සිත කළඹන..
ඇතුළු වී උදර රාජයා වෙත..
නිවාලයි ගින්න මා බඩෙ කැකෑරෙන..
වෙනයම් දෙයක් වේ ද
කෑම🥪🥪 කෑමම🧀🧀🍳🥗 මිස
🍁🍁🍁🍁

උණුහුම 👩❤️👨
සීතලම සීතල පිණි බිඳිත්ත
දැවටෙන්නටමයි වැර
අනුකම්පා නැද්ද නුඹට
සීතයි මට බොහොම
එපා දැවටෙන්ට නුඹ
උණුසුම නෑ මා ළඟ
සිටියනම් මා හිමි සඳ
ඔච්චම් කරයි නුඹට
දවටවා මා ගත උණුසුම
❤️❤️චූටි හාමිනේ❤️❤️

කූඹි පවුල🐜🐜🐜 🐜
කොහෙද යන්නේ..
මේ උදැහැනැක්කෙ.....
කදමලු බැඳන්..
නෑයො බැහැදකින්නට දෝ....
බැලූ විට ළං වී පහළ උලුවස්සේ,
මංතුමි බිඳ දැමූ,
පුංචි රජ මැදුරෙන්,
රැගෙන තම නොමේරු දරුවන්...
කුහුඹු පේළියක්
දුවන්නෙ හැල්මේ.........
කුහුඹුවන්ටත් ඇත්තෙ මට වගෙම පවුලක්...
ආයෙ නම් නෑ වන්නෙ තවත් මගෙන් වරදක්...
සමාවුව මැනවි මට කුහුඹු යහළුවන්නේ,,
නැවත මේ පැත්තෙ ආවට කම්නැත්තේ...
🍁🍁🍁🍁

මං ආසයි🍁
මං ආසයි ලස්සනට ගයන්න
මං නොලියූ කවියක්..
මං ආසයි ලස්සනට වයන්න
මං නොසිතූ තනුවක්...
මං ආසයි ලස්සනට පාට කරන්න
මට අයිති නැති චිත්‍රයක්...
මං ආසයි මවන්න
ලස්සනම ලස්සන හීනයක්...
මං ආසයි ඒ තුළින් සුවපත් කරන්න
කැඩී බිඳී ගිය අන් හදවත්.
🍁🍁🍁🍁

ගම්මුන්ට ඕන විදියට ජීවත් විය යුතු ය😆
දැන් ඉතින් මක් කොරන්නද..
ගමේ ඉස්කෝලෙ ම තමයි...
ළමයා නම් අපේ අක්කාගෙ
දක්ෂයි නොවැ ..ඉහළින් සමත්..
කමක් නෑ බන් කුඹුරු කොටන්නට බැරිය බොට මහ උන්දැ එක්ක..
ප්‍රතිඵලේ දැනං යන්නැ..උදෑසනින් ආවෙ මං..
එහෙනම් ගොහින් එන්නම්..
..........................
ගම්මුන්ගෙ කතා බෝමයි....
ශිෂ්යත්තෙ ෆේල් මං.
සිත නම් සලිත උනා
මං ඉතින් පුංචි නොවැ
ඒත් නැහැ වැටුණෙ මං
ගියා සැමදා ගමේ පාසල්
ලැබුවා දැනුම් සාරේ..
සාපෙළ පාස් මං.
කනිටු විදුහලින් රැගෙන සමු
ටවුමෙ ඉස්කෝලෙ ගියා නොවැ මං
නැහැ තැනක් මට ගමේ දුප්පත්
සැලුණෙ නැහැ මං ලොකුයි නොවැ දැන්
උගත්තා මං පිනෙන් මව්පිය
ලබාගත්තා දෙවන අභිසෙස්....
උපෙළ පාස් මං.
ජ'පුර මෑණිගෙ තුරුලෙ සිව් වසරක්
තිබුණෙ නැහැ කිසි කලෙක බේදයක්
සහෝදරයන් සේ එක මව්ගේ
රොක් වුණා සැම දේට එකාමෙන්
ලද මහා පන්නරය අභිසෙස්..
ලබා ගත්තා උපාධිය මං.
::::::::::::::
නමුත් නැහැ නැවතුනෙ කතා නම්
කෝ පුතේ ගත් උපාධියට ජොබ්?🙄😁
🍁🍁🍁🍁

මලක් වෙන්න ආසයි🌸🌸🌷
සුමුදු වූ නුඹෙ පෙති
සිපගන්නමයි සිත
නමුත් මං හරි බයයි
රිදේවිදෝ නුඹහට.......
බඹරු නම් බෝමයි
නුඹටමයි උන් පොර
එපා නුඹ රැවටෙන්න
රොන් ගන්න ඔය චාටු.........
උදය හිරු එළියටත්
ලැජ්ජාවෙන් ඉපිළෙයි
බලාන ඉන්නට සිතෙයි
වශී වී ඇත මා නෙත්.........
විහිදුවා සුවඳ දසත
පුබුදුවා සැම මන නෙත්
හැකි වේ නම් මට වන්න
නුඹ ලස්සන මලක් වැන්න........
🌷🍁🍁🍁🍁🌷

කොරෝනා නුඹත් හරි නරකයි
කොරෝනා නුඹත් හරි නරකයි
අත් හෝදන්න පුරුදු කළාට වැඩක් නෑ
පුලුවන් නම් හෝදපන්
මිනිස් හිත්වල බැඳුණු මළකඩ බෝම......
🍁🍁🍁🍁

🍁තනිකමට හුරුවුණා මං🍁
සිතුවිලි දැහැනක අතරමංව
තනිවී හිඳින කල
හද දොරටු විවර කර සෙමින්
ඇසුවෙමි මම
අකමැතිද ආලෙන් වෙලෙන්න
තව එක් වතාවක්.
ලබ් ඩබ් ලබ් ඩබ්
.......................
මොහොතකට නතර වී හද
එක් වී ඇය මොළකරු හා සමඟ
පැවසූහ මට කිපී,
කලින් කළ කැපුම්
තවමත් මහන බව
🍁🍁🍁🍁

🌹💔
ඉරි තැලී ගිය ඉඩෝරයට
වීය වැහි බිඳුවක් නුඹ මට,
නුඹෙ වැහි සිසිල ලැබ
තෙත් වීය කැකැරුණු හද බිම,
කර්කෂ රෂ්මිය පහව
ලැබුණු ආලෝකය සුමුදුව,
ලද සුවය අපමණ
නුපුරුදු වසන්තයකි සැණෙකින,
ලියලා වැඩෙන දලු
මෝරන්නට මත්තෙන්
ලද වසන්තය නිමා විය,
ඇයි නුඹ ගියේ මා අතහැර.......
අතරමග දමා ගිය
නුඹ තවත් එපා මට
වසන්තය එපා දැන්
ඉඩෝරය හුරු පුරුදුය.
🍁🍁🍁🍁

සිතන්නට යමක්👍
ඇතුළතින් පිපිරෙන
පිටතින් නිවිච්ච
මිනිසුන් පිරි සමාජයකි
කොතැනත් බොරුව රජ කරවන...
උපදෙස් දසත
පැතුරුවත් නිතර
දරන්නෙ ලුහුඩු මත නම්
හිස් වචනෙකි අවකාශෙක.......
වසාගෙන හිත ඇති කලු
කරන්නෙ අහිතකින් නම්
කුමකටද අඳින්නෙ
ඔයතරමටම රෙදිපිළි සුදු......
කියන්නෙ මෙහෙම නම්
කරන්නෙ එහෙම නම්
කුමකටද එසේ නම්
රඟන්නෙ නැති නාඩගම්......
හැමතැනම තරඟය
දුවන්නෙ හැල්මෙ
මඳක් නතර වී බලව
තව දුරයි නුඹෙ නිවන......
මේ කුරිරු සමාජෙන්
මිදෙන්නට හැකි ආගම් ද
ගරා වැටෙමින් ඇත
ඇස් පනාපිටම.......
නැත තවත් අන් සරණක්
නුඹට නුඹ පමණය
අත්හැර රුදුරු නරක
ජීවත් වෙයං හැකි පමණ හොඳට
මාරයා නුඹෙ අතළඟ ය...........
ආවදා මාරයා
දමා රැස් කළ වස්තූ
යන්නට වන්නෙ
හිස් අතින් නොවෙදෝ......
භෞතිකව මෙන්ම මනසින්
කළෙත් සිතුවෙත් හොඳ නම්
නොවරදී කිසි කලෙකත්
ලැබෙයි ඉන් එහි අනුසස්......
🍁🍁🍁🍁

ඇසෙන දකින දේවල්වලටයි කිව්වෙ ඕං
පෞද්ගලිකත්වය නොදත්
සමහරක් නළු නිළියන්,
ගායක ගායිකාවන්
රූප පෙට්ටි තුළට විත්
තමන් ගැන තතු සියල්
වාචාලව දොඩවා,
පසුව ඔවුහු කෑ ගසති
කුමකටද උඹලට
අපේ පවුලෙ දේවල්...........
සමහරක් ප්‍රේක්ෂකයන්
වචනයක් පිට වූ සැණින්
කැමති නොවැ අවුස්සන්න
ගඳ ගහන කුණු ගොඩවල්.....
උන් උන් දත යුතුය
ප්‍රශ්න නැති ගෙයක්
නොමැත කිසි කලෙකත්
අකුරු ගැළපූ මගෙත්
ගෙදර හරියට ප්‍රශ්න නොවැ.....
🍁🍁🍁🍁

මනමාලියකි ඈ අද👰
රන්වන් භරණින් සැරසී
උඩරට නෙරියෙන් හැඩව
නළල් පට සිරස
දෙපස හිරු චන්ද්‍ර
මනමාලියකි ඇය
පෝරු මස්තකය මත..
ඈ මගෙ යෙහෙළිය
ඔහුගේ මනාලිය
රූ සපූව අලංකෘත
සොඳුරු රුවැත්තියකි අද..
යෙහෙළියේ නුඹ ඈත්ව
පිය නගයි නව කැදැල්ලට
සුබ පතමි හදවතින්ම
වාසනාවන්ත යුගයකට..
🍁🍁🍁🍁

වීදියේ තනිවූ ඇය
වාරු නැත මට
පියවර නගන්නට
අල්ලාගනු මැන
දෑත මගෙ වෙව්ලන
තවත් නම් බැහැ
ගොදුරක් වන්නට
මිනිත්තුවකි හසු වී
එක් තිරිසනෙකුට..
ඊයෙත් එලෙසය
අදත් එලෙසමය
හෙටත් එලෙස නම්
රැගෙන යන්න මා
නොමිනිස් ලෝකයෙන්
කාමයෙන් මත්වූ
දුදනන්ගෙන් ඈතට.
මව්පිය සෙනෙහස
නොලැබුණු මා හට
නැත කිසි සරණක්
මිය යනු හැර තව.
නිවන් යන්න පින්
නොකළත් මේ මං
පතමි නොලබන්න
නැවතත් උපතක්........
🍁🍁🍁🍁

🥵🥵🥵
නාස් කුහර හිර කරවන😤🤧
නෙතින් අග්නි පිටවන😠
හිස පුපුරා🤯
මුළු ගතම වෙව්ලවන🥴
"හිසරදය''
නුඹ නම් මහ කරුමයකි 🤕
මගේ ඉහටම පතබෑවුණ🙄🤪
🍁🍁🍁🍁

💔🤔??
ලියැවූ දහස් පදවැල් අතරේ
ගැයූ දහස් ගායනා අතරේ
කියැවූ මහා පුස්ථක අතරේ
නැරඹූ දහස් සිත්තම් අතරේ
විරහවට ඇයි මෙතරම් හැඟුම්
විරහවට ඇයි මෙතරම් ඉඩක්.....??
🍁🍁🍁🍁

🌵🌵
වසන්තය නොආවත්
වැසි බිඳු නොලදත්
කටෝර සුළං වැදුණත්
ඇයට කම් නැත කිසිත්..
පිටතින් ගොරහැඩි
නමුත් ඈ ලස්සනට
රළු පොළොවෙ හිනැහේවි
ඇත්තටම අපූරුයි..
වසන්තයම එනතෙක්
නොඉද බලා හිඳ තවත්
වෙයන් නුඹ පතොක් මෙන්
හුරුවෙච්ච ඉඩෝරයටත්...
🍁🍁🍁🍁

🙏🙏🙏
බෝ පත් සෙලවෙන
සිසිල් සුළං හඬ
නාදයයි ඝණ්ඨාර
දසතින්ම පැතිරෙන
වැලි මලුව රැව් දෙන
සුමිහිරි බණ පද
නිවයි මා සිත
පිනෙන් බර කර
🍁🍁🍁🍁

හිස් වූ ජිවිතය
මැවූ හීන හීනයක්ම වෙද්දි
පැතූ දේ නොලැබෙද්දි
නොපැතූ දේ ලබද්දි
නොසිතූ දේ සිදු වෙද්දි
සිතූ දේ නිෂ්ඵල වෙද්දි
දැනුනෙ හරි හිස් බවක්
මහ පොළවට බරක් වෙද්දී..
කියන්නට දහසක් ඇතත්
තෙපලන්නට වචන නැති නම්
කෙසේ නම් තුටු වෙම්ද
ගොලු වී ඇත අද මං...
දෛවය හරි නපුරුයි
තැලූවත් කෙතරම්
රත් කළත් ගිනි උඳුනෙන්
මුවහත් නොවේ මං....
🍁🍁🍁🍁

😔
එක් බැඳීමක් රැකගන්න
හොඳම බැඳීමක් කැපකරන
ආවස්ථික පිරිවැයකි
හැමදෙයක් මත රැඳුණ