සුදු දෝණි🌸💝
ගැබ පිරුණු දා
නුඹේ ජීවෙන්
දැනුනා හිතට
අමුතු හැඟුමක්
දකින්නට නුඹෙ
කිරි කැටි සිනාවන්
හීන මැව්වා
ඇඟිලි ගනිමින්,,,,,,,
පෙරුම් පුරනා
දිනය එලඹී
ගතට දැනුනා වේදනාවක්
දිවියෙ ලස්සනම දවසක
අතට ලැබුණා රෝස කැකුළක්
ලස්සනයි ඈ බෝනික්කි වාගේ
රෝස පෙත්තක් වගේ සුමුදුයි
ජීවයම ලේ කිරි පොවා දුන්
නුඹයි ඒ මගෙ සුදු දෝණියයි
💗කිරි කැටි පුතු💗
පොවා කිරි තන අගින් වෑහුන
හොවා ලය මත සෙනෙහෙන් පණ
සුර ලොවින් මා ළඟට පැමිණුන
මගේ කිරි කැටි පුතු ඔබයි සඳ
උස් මහත් වෙයි පුතු දිනෙන් දින
පා තබයි මා අත් වාරු ගෙන
කිරි සිනාවයි මුවේ රැන්දුන
පින් කඳයි පුතු හිත පිනා යන
ඇස් වලින් කෝලම් කරන්නේ
අක්කිටයි කරදර කරන්නේ
තාත්තිගෙ නම් දඟමල්ලනේ
අපේ කිරි කැටි පුතු ඔබයි නේ
🌼🌼සනු🌼🌼