Nisadas / Writer / Niලntha ..✍️poetry Is My Life ..✍️

Writer Profile

    Circle Image
    Niලntha ..✍️poetry Is My Life ..✍️
    Nisadas: 11

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

ඔයා මගේ

ආත්මයම මා පසු පස පියමැන්න
ඉමක් නොවෙන ආදරයක් මට දුන්න
දෙනෙත් මගේ අඳ උෟවත් ඔබ ඉන්න
සෙනෙහෙ නුඹයි ආත්මයම මට දුන්න ..

සසරෙ කොතන හමු වූවත් අපි සොදුර
කතර නුඹයි සසරෙම දිය වී නොයෙන
නිබඳ හදෙහි ගැඹුරෙම සිර වී සිටින
මැනික ඔබයි මගෙ දිවියම ජීවත් කරන...

රෝස දෙකමිමුල් පිරිසිදු වත කමල
ආලෙ දුන්නෙ හදවත නිමකින් නොවෙන
නීල නෙතග හැමදාමත් මගෙ වෙන්න
පතමි නිබඳ හැමදාමත් මගෙ වෙන්න...

නිලා...✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

තල් අරනේ..තනි වෙලා මම..🌴

හිරු මිලිනව යයි අදුරට ඟනදුර එලියක එතිලා
තල් අරනේ සිසිලස මට ගෙන එයි සුලඟක වෙලිලා
උනුසුම මම විද ගන්නමි අවි කඳ තුරුලට කරලා
ඔබෙ වත මම ඇඳගන්නෙමි සද මත සිතුවමි කරලා...

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

🍁යෞවන ලෝකේ...හිනහෙන කෙල්ලේ..🍁

සිහින් නෙතඟ ඉගි කරනා තාලේ
බැල්මට මෙි ලොව වැටෙනා ආලේ
සංගීතය මන පිනවන ලෝකේ
කවිකම රජකම එක හා පෑහේ...

ඇදලා පන්දම සුරලොව නැවතේ
පාට බැළුන් නෙත් පෙනිලා නැවතේ
පැනිරස කෑමට හිත යන වෙිලේ
දිව ඔසුවක් එය දෙවුලොව බැබලේ..

රාග නෙතින් ඔබ හිනහෙන වෙිලේ
පාට රුවින් ඔබ සැතපෙයි යහනේ
කෙල්ලෙ නුබෙි ඔය පෙනෙනා විසගේ
සිතම දවයි ලොව පෙනිලා අරුමෙි....

නිලා ...🍁

මතට නොවෙි මෙය..සිතටයි කෙල්ලේ...

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

විරුවෝ්...🇱🇰

දුටිට ගාමිණී හෙල රජ සටන් වැද
රැකපු රට උතුමි බුදු තුන් සරනෙ වැද
ලෙයින් උපන් රැකුමට මෙි දෙරනෙ අද
විරුවො අප තමයි ලක් මව රකින..අද

තල් ගස් යට තෙමි තෙමි අපි වැස්සේ
වෙඩි හඬ ඇහෙනව අලි කැල අස්සේ
තෙමුනට නැහැ අපි නිතරම කැස්සේ..
බෙලි කපලයි අපි හැන්ගුවෙ මඩ අස්සේ ...

ආටි මල්ටි බිම් බොමිබ හඬ මැද්දේ
ගෙවුව ජීවිතේ නැහැ අමතක වෙන්නේ
විරුවො අද අනේ අමතක වෙලා පොඩි පුතේ
රැකපු රට නිසා නුඹලත් ගෙවමි ජීවිතේ..

නිලා ...✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

සිත සොරකමි කලා...

ලස්සන ඇස් මට ඉගි බිගි පෑවා
පුළු උකුලට සිත වහ වැටුනද මන්දා
ඉඟ නෙරියට තව සිත ගිය තැන් බෝමා
ගොළු කුමරිට මගෙ සිත පෙම හඳ බැන්දා..

බැළු බැළු තැන මගෙ නෙත් ඔබ හා බැදුනා
රුව වසගෙට සිත නැහැ ඉවසුමි ගෙනෙනා
මම යනවා දුර ඈතක ඔබෙ මතකය බන්දා
ලලනා විය නුඹ සීගිරි ගල මත ඉන්නා...

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

කලබලයි සිත...😣

ඔබ දැකුමෙන් හිත රහසක් මට කීවා
කවි ලීවට නැහැ අදහස් ඒකත් රහසක්
ඇයි මන්දා මෙි හිතටත් අපමන බාදා
ඔබ එයිනමි මම යන්නමි එය මට නිදහස්...

අනේ මන්දා...

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

පිස්සු තමයි මට ..බොක්ක හොදයි මගෙ..

පාට පාට තරු හි⁣නහෙන අහසේ
සේද වලා කැන් සැඟවෙන අහසේ
සිහින් මුවින් ඇය පවසයි රහසේ
එයයි මගේ දැන් රැප් එක ලෝකේ

තඹ පිත්තල මුදු එල්ලෙන යකඩයි
පාට කරපු කොල අත ඇදි ටැටුවයි
කෝල නුබෙි ඔය පැද්දෙන නෙතබයි
රුවට ලොලේ මම ඉල්ලන පහසයි..

මාල හවඩි මුතු ලස්සන ඔබටයි
මිල්ල මගේ හිස් මල්ලයි සැඟවුණු
කෙල්ලෙ නුබෙ ඔය රෑපෙට රැවටුනු
කොල්ලා මමයි හද බොක්කෙන් පන පිදු...

නිලා...✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

අම්මා...❤️

ගෙවුව ගමන් නුඹ හපුතල් කන්දේ
වැදුව පුතුන් වැල කපලා කුසයේ
විදපු දුකට උන් ගෙවුවද නය සේ
ලෙයත් කිරට කර පෙව් නුඹ අම්මේ..

ඇඟ රැලි වැටුනද එක් තැන් උනාද
මුව ගොළු උනාද නුඹ තනි කරාද..
කිරි අඩු කලාද අවමන් කලාද
කැත කුනු දැම්මද උඹ මඟ හැරියද...

නැති බැරි කම් රජ වෙන ලෝකේ
අඩුවක් දැනුනද නුබෙ පොඩි ලෝකේ
ලේ කිරි කර නුඹ බිවු ඒ කාලේ
අම්මගෙ කුස ගිනි දැනුනද එක සේ..

පහත් සමාජ⁣ය අද කුරුරුයි අම්මෙි
නුඹත් නිවාසෙක රජවෙල අම්මේ
ලෙයින් වැඩුව මව තනිකර අදුරේ
ගියපු උඔට දැන් ගෙන දෙයි කරුමෙි...

වැදුව මව්වරු මෙි ලෝකයේ අන්ත අසරණ කරන්න එපා බොලවුනේ...

නිලා....✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

🌹🌹අහඹු පෙම...🌹🌹

පි..
නිතර දිලෙන ඔය ලස්සන නෙතු සඟල
මා මත් කරයි ඔය ලස්සන රූ සපුව
වැටකින්⁣ බෙදා වෙන් කෙරුවත් නුබෙ ඉඩම
මගෙ හද තිබෙන්නෙත් නුබෙ ලඟ හැමදාම

ගැ..
සැමියා ගියේ රැකියාවට දුර ඈත
පාළු මගේ සිත හැඩුවෙි හැම රෑම
වැටෙන් එබිලා බැළුවම ඔබ දොර ගාව
ප්‍රේමෙ බැදුනා මල්ලියෙ ඔබ දුටු දාම

පි..
ප්‍රේමෙ බැදුනෙ සුදු අක්කිගෙ රුව ගාව
ඇයිද සිටියෙ හැමදාකම නඹ ලිඳ ගාව
මාත් තවම මගෙ නාඹර හොද ගාන
නුඹත් හිටියා හැම රෑකම මා ගාව

ගැ..
ප්‍රේමෙ බැදුනෙ නුබෙ කඩිසර කම ගාව
සැමියා නිදන්නෙත් හැම රැය වැට ගාව
නිතර සිබින ඔය සුරතල් තොල් ගාව
ගතම රැදුනෙ ඒකයි රැය ඔබ ගාව

නිලා...✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

අද දවස මතකද...?

අවුව වැස්ස එක ලෙස සම සම බෙදුන
රටක් ඇතිද ඉරකින් වෙන්වී බෙදුන
ජාති කුලය කාගෙත් සිත් තුල බෙදුන
රටක් ඇතිද කාගෙත් සිත් තුල ඇදුන

වැවක සිරිය මතු කොට රජවරු හැදුව
මවක් ඇතිද බිහිකල රට මෙන් වැදුව
පතක් අතින් අත දරලා මව මෙන් රකින
නුඹට සෙතයි විරුවනි දේශය රකින

අව්ව වැස්ස කිසි විට නෑ හි⁣තට ගෙන
ලෙයින් පිදුව ජීවිත හදවත් පෙරට ගෙන
රටම හඬයි කල විරුකමි හිතට ගෙන
පෙරට යමන් විරුවනි ජාතික ධජය ගෙන

සිංහ තේජසින් හදවත් පෙරට ගෙන
නමා කාලා තිස් වසරක යුද්දෙ නිමා
පුතුන් විරුවො කල මව සුරකින්න සදා
ලෙයින් පුදා රැක ගත් රට සුරකින්න සදා..

නිලා...✍️

...
...

Niලntha ..✍️poetry Is My Life ..✍️

සිංහ නාදේ ...🇱🇰

මකර කටින් ගිනි පිටවෙන තාලේ
සිංහ පැටවු අද වැජබෙන කා⁣ලේ
මෙික තමයි අපි පැතු ඒ ලෝකේ
විරුවො තමයි අපි සක්වල දියබෙි..

පාට පාට හිරු මවන රටාවෙි
සීත සීත පිනි දියඹ කලාවෙි
අපේ මුත්තො හැදු වැවක තලාවෙි
ගිමන් හැරිය අපි දාලා සලාජේ..

කඩුව අරන් එන ගහලගෙ වෙිගේ
මද්දු පුතා පැන පෙන්නුව නාදේ
සිංහ කමයි අපෙ උරුමය සසරේ
බෙල්ල ගියත් අපි නැහැ බයවෙන්නේ..

වසර තිහක් අපි ඟත කල සමයේ
ලෙයම පුදා අපි ගෙවු මහා කැලයේ
මදුරො තලා අපි රෑ නිදි මැරුවෙි
විරුවො හෙලා අද අපි තනි කෙරුවෙි...

ගමෙි නගර මැද සුවිසල් මන්දිර
කෙල්ලො කුරුටිටෝ පෙමි කෙලි මහ මග
නගේ මලේ අද නිදහස වින්දද
නුඹට ජයයි හෙට අපි යයි වලකට...

නිලා...✍️

Top writers

Stay in touch