Nisadas / Writer / චතුරිකා ගුණසේකර 🖤

Writer Profile

    Circle Image
    චතුරිකා ගුණසේකර 🖤
    Nisadas: 30

...
...

චතුරිකා ගුණසේකර 🖤

මං මුලා වූ සිත

සිත රැගෙන යන මං මුලාවක
කවිය විය නුඹම ඒ සොබාවක නිබද දයාවක රූ ඇදි රටාවක
පද වැලක ඇති ඒ අමුතු නිහැඩියාව

කවිය නුඹ ඇයි මෙතරම් සොදුරු ඒ පියසට
මන්ද හුදකලාවම නුබේ ඒ නිවහන
නිශා දියබට කිමද ඔය තරම් සෙනෙහස
සද තරු විතරද නුඹට ආලය තවම

වස්සාන සමය ගෙනෙයි රෝබරෝසියා මල් ගොමුව
නුඹට හැකිවෙයි මෝහන්දය මවන්නට සිතට
එදින කවුරුත් නුඹ ගැන විමසයි ඒ සොබාවට
නුඹ නැති දිනෙක ගෙනෙයි ඔය පදවැල නියම ලන්සුවකට ..

...
...

චතුරිකා ගුණසේකර 🖤

යටි හිතේ පෙම ලග.....

තාම හරිහැටි නොදත්
ඇය ලග
යටි හිත් පෙමක් සැගවීදෝ
ආඩම්බරකාර ඒ හිත
පෙරදා දිනෙක් හෝ
හමුවුනැකැයි සිතට ආ සිතුවිල්ලට
හීන් හිනාවක් මුවග රැදුනම
ඒ කෙල්ල තාමත් මා නොහදුන බව
හැගුනු විට
සිනහව සුලගත් එක්කම
මටත් නොදැනිම දුරකට ගිහින්.....
අප්‍රකාශිත පෙම ලග
කොහෙදෝ දුර ඈතකට යන හිත
බලෙන්ම රදවන්නට තරම්
ලෝභයි මටත් ඒ හිනාව ලග....💚


නිබන්දය :

-චතූ-
03/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

🖤

වැස්ස සමහරුන්ට ලොකු සතුටක් උනාට
වැස්ස කියන්නෙ අහසෙ ලොකු මතකයක්,දුකක් ☔

- චතු-
03/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

මහවැලිය

මහවැලිය කිව්වම බලන්න ඇති
කවියක්ද කියලා

නැ අද මහවැලිය සමාන වුනේ
ප්‍රේමයට........

මහවැලියට නන් අවසානයක් තියෙනවා.ප්‍රේමයට අවසානයක් නැ.
එහෙමයි අපේ අය හිතන්නෙ...

ප්‍රේමය ඇති වෙන්න,නැති වෙන්න තැනක් නොතැනක් නැ.මහවැලිය ඔය ඔක්කොටම වඩා වෙනස්..ඒකයි මිනිස්සු අදටත් ප්‍රේමය මහවැලියට සමාන නොකරන්නෙ..

කොච්චර ඉර මුදුන් උනත් මහවැලිය නවතින්නෑ.කොච්චර කාලය ගියත් මහ සයුර බලාපොරොත්තු අත් ඇරියෙත් නැ..

වෙනස් වෙන ලෝකයත් එක්කම සමාජ රටාව හැසිරීම වෙනස් වෙලා..මිනිස්සු යන්නෙම ප්‍රේමය විරහව ලග රැදුනු ඉර හද යටට....

ප්‍රේමය ඉර හද නොවී මහවැලිය වුනි නම්,

අදටත්,හෙටටත් විරහවට වඩා කවි හැදෙන්නෙ ප්‍රේමය ලග 🖤


-චතූ-
03/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

නිරුවත නොදැනිම සයනයක මිල

උපන් ප්‍රේමයට දාව පෙමක් දැවටෙන
සිදුහත් යශෝදරාට සමක් නොගැටෙන
මිලක් වුනු ප්‍රේමයක්
උනුන් සිත් කාමුකත්වයක් යට
රුවක් ඇදි යුවතිය
නෙතක් ගැටෙන
පෙමක් යට සැගවුන
සල්ලාලයෙකු හට
තෙරක් නොපෙනෙන
පෙමක් යැයි දැවටුනු
මිලක් සම කල ප්‍රේමයක් ලග
නිරුවත් සයනයක
තෙරක් නැදී ප්‍රේමයට දාව
පසැගිලි රුව
මිලය යටට පෑගිනු
පතිරුවක
ඉරී යනු දැනුනු විත්
දොස් දෙඩුම්,සමාජ ගැරහුම්
ලද යුවතිය
උනුන් අසබඩ
වැරදිකාරියක වුනු නමුදු
පවිත්‍ර ප්‍රේමයට දාව
සල්ලාලකම් පෑ
ඔහු
නිරවද්‍යයෙකු වන්නෙ කෙලෙසකද?

(සමාජ දැක්ම)

-චතූ-
07/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

කදු මුහුනතක හිද

ෆැන්ටසි කොලඹ අහස යට
කතා මවනවට වඩා
නිසොල්මන් කදුකරය
පාට සලු රහසින් එක් කරා මතකද?

මියැසී ගී නදට
ලොල් බදින වන ලැහැබ
ඒ මේ අත පැද්දෙන රූ දැක
බිගු මැස්සෙක් සිතුවමක් ඇන්දා මතකද?

බැස යන මල හිරුට හොරා
පෙම් කවි කියූ සදවතිය
රහසින් බලා හුන් අයුරු
දුටුව එ දවස මතකද?

වලාකුලු සේයාව
ඒ මෙ අත දිවෙන අපූරුව දැක
ඔච්චමට මෙන් ගැයූ කවි ගී
තවම සිත් යට දෝංකාරයක්ම නේද?

හෙමින් හෙමින් ගලා යන
සීත සුලං රැලි
සවස් යාමය මැකූ හෙවනැල්ල
තාම සවනට මිහිරියාවක්මද?

බැදුනු සිත ගත
රැදුනු සිතුවිලි රැගෙන
යලිදු පෙමිණෙනු බව දැන
සිතින් හැඩුවා තවත් මතකද?


-චතූ-
07/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

නුවර අහසක් යට තනිවී🖤

කෝඩ වැසි ඇද වැටුනු
මන්දාරම් එකම අහස වුනු
ප්‍රේම කතා එකිනෙක ගෙතුනු
නුවර අහස තවමත් පෙනුනු...

එදත් අද වගේම දිලුනු
හන්තාන ඉම හරි සොදුරු
පෙම් වදන් එකිනෙක ගෙතුනු
නුඹ නැතිව අද මම විදිනු.....

තුරුලතා ඉගි බිගි කෙරුනු
ඔච්ච්මට මෙන් රස කතා තෙපලුනු
මතක රස සිත යට ඇහිරුනු
හුදෙකලාවම නුඹ නැතිවම විදිනු....

දෑවුරුදු මතක ඇවිසුනු
වැසි වැටුනු පොලොව තෙත්වුනු
නුඹ එක්ක පිය සටහන් ඇදුනු
පුදුමයි නුඹත් සමගම වියැකුනු....

පෙම් කතා තැන තැන විසිරුනු
මතක පොදි එක්කම් කවි තෙපිලුනු
නුඹ නැතිව ඒ අස්නෙ වසරක් ගෙවුනු
තාම පුදුමයි නුඹටමද එය හිමිවුනු


-චතූ-
08/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

පොඩි සාදු

ඔය කහ සිවුර බර වැඩි නැද්ද පොඩි සාදු
පුංචි ඇගට අලුත් කහ සිවුර ලොකු වැඩිනෙ පොඩි සාදු
බණ මඩුවෙ ලොකු පුටුවට නැගලා
පුංචි හඩින් කවි ඇහුනම
තාමත් ඒ අපේ හිතට දුක දැනෙනවලු 😓

වෙල් එලියෙ මැච් බලන්න පොඩි සාදුත් එන්නෙ නෑලු
ඉස්සර අපි දුවපු නටපු කාලෙ මතක නැද්ද සාදු
දැන් තනියෙන් ස්කෝලෙ යන්න පාලු හිතෙනවාලු
හැමදාමත් පන්සල් එන්නෙ පොඩි සාදු බලන්නයිලු😓


වෙල් පාරෙ ඇල අයිනෙ තිත්ත පැටව් ඇල්ලපුවම
අපේ අතින් පව් පිරිලා සංසාරෙත් දික් වෙනවද
පොඩි සාදුත් සංසාරේ සැරිසරන්න ආස නැද්ද
ඒ හින්දද අපිව දාලා ගියේ සිවුර ඇතුලට😓

වැරදි උනාද අපේ අතින් පුංචි සිතම කලකිරෙන්න
ආසයි දැන් පොඩි සාදුත් එක්ක මහණ වෙන්න
ලොකු සාදුත් එක්කලා බණ කතා අහන්න
අම්මගෙ හිත දුක හිතෙයිද මහණ උනාම😓


-චතූ-
10/11/2020
ප.ව.5.45

...
...

චතුරිකා ගුණසේකර 🖤

අනියම් පෙම

ප්‍රේමයේ කවටකම් ඉතින් සාධාරණද ?

අමුත්තක් දැනුනා ලගකදි ඉදන් සිතට
හිතුවේ නැ කාරණාව මෙයයිද කියා මටම
හේනෙ පැලේ පැල් රැක්කෙ බත සපයන්න නුඹට
ප්‍රේමයට කවටකම් කෙරුවේ ඇයි මෙමට........

රෑ මැදියමේ ගෙට ආවෙ කව්ද?
මං නැති අඩුව ඌ පිරිමැහුව එක හරිද?
මටත් හොරා ලේ කැටියෙක් බඩට ආවෙ කොහොමද ?
කියපන් කාරණාව නුඹ දන්නේ නැද්ද?

කඩ අයිනෙ කසු කුසුව මම අහන් උන්නා
රෑ මැදියමේ ගෙට රිංගුවේ මහතුවා බව දන්නා
නඩුකාර හාමුදුරුවනේ ඉවසන්නට බැරුවා
වෙල අයිනේ මායිමේදී මං ඌට කෙටුවා

නීතියට අනුව මං වැරැදදක් කෙරුවා
ඈ කල වැරැදද නුඹ හිතුවද මන්දා
නීතියෙ දෙවගනම ගැහැණියක හන්දා
ප්‍රේමයට කවටකම් කල එක හරිද මන්දා

හිර බත් ගිලින්නට තවම පුලුවන්
මගෙ පැත්තෙනුත් නීතිය හරිද බලපන්
නුඹටත් මෙය උනානන් කරම දේ හිතපන්
නඩුකාර හාදුරුවනේ මට සමාව දීපන්

(නිමිත්ත:බිරිදගේ අනියම් සැමියා ඝාතනය කල ඔහු අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම)

-චතු-
11/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

නුඹ වෙමි🖤

ඒ පන්හිද මම නම්,
මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි....

ඒ වචන පද නුඹ නම්,
සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි.....

පුරහද රැයක සොදුරු අහස නුඹ නම්,
කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි....

අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්,
ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්‍රජාලියාද නුඹ වෙමි....

සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්,
ඒ මායකරුද නුඹ වෙමි...

මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්,
හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි.....


චතූ
13/11/2020
ප:ව:7.00ට

...
...

චතුරිකා ගුණසේකර 🖤

☹️

සිත : යමන්

මනස: කොහෙද

සිත : රැල්ලට

මනස : මම රැල්ලට බර වැඩි
බෙල්ලෙක්

සිත : වෙරලෙ තනියෙන් ඉන්නද
කල්පනාව

මනස : රැල්ලත් එක්ක දුවලා ආය
වෙරලට ඇවිත් හති දානවට
වඩා ඉන්න එක හොදයි

සිත : මිනිස්සු ඔක්කොම
දුවනවනෙ

මනස :ඔක්කොම රැල්ලට යනවා
කියලා අපි යන්නම ඕනෙද?


( ප්‍රශ්නක්: ඔක්කොම රැල්ලට යනකොට අපිත් යන්නම ඕනෙද?

-චතු-
පෙ:ව 8.00
අගහරුවාදාවක

...
...

චතුරිකා ගුණසේකර 🖤

🖤

ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ සුරම්‍ය යි
(උපුටා ගැනීමකි )

...
...

චතුරිකා ගුණසේකර 🖤

🖤🌸

එයා :කොහොමද ?

මම : හොදයි,ඔයාට කොහොමද ?

එයා : මමත් හොදින් මැණික.

මම : ඒ මැණික ,ඔයාගෙ රන්
ආභරණයක ගිලිහුනු
ගිලිහුනු මැණිකක් වෙලා
නේද?

එයා : මම ,ඒ ගිලිහුණු මැණික
දිලෙන හැටි පැත්තකට
වෙලා බලන් ඉන්නවා

මම : හැමදාම ඔහොම ඉන්නද
කල්පනාව

එයා : ම්ම්ම්..ඒ කියන්නේ තාමත්
ආදරේද?

මම : දෙයක් අහන්නද?
පරවුනත් පිච්ච මල් වල
සුවද නැතිවෙනවද?

එයා :දැන් ඔයාද පරවුන පිච්ච
මල?

(ඒ ආදරය තාම එහෙමම නම්❤️)

-චතූ-
17/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

පාසල් ප්‍රේමය

ම්ම්ම් ඒක සුන්දර හීනයක්
...................

ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ම්ම් එයා වැඩිමහල් පන්තියේ.

මටත් ටිකක් ආඩම්බරයි☺️

ස්කෝලෙ ලයිබ්‍රි පීරියඩ් එක අපි දෙන්නා ආසම උන තැන.
මොකද දෙන්නට දෙන්නා ගොඩක් වෙලා රැදෙන්නෙ එතන 🖤

පොත් කියවන්න මේසේ ලමයි ඔක්කොම පොත් අරන් වාඩිවෙන කොට,අපි හැමදාම වාඩිවුනෙ කොන් දෙකේ..

අපි ලයිබ්‍රි ආවට පොත් නෙවෙ හැබැයි කියෙව්වේ දෙන්නගෙ හිත් 😊
ඒ ඇස් දෙක අස්සෙ කියන්න ගොඩක් දේවල් හැංගිලා තිබුනා.,

ඇස් දෙක වෙනතකට ගන්න තරම් දෙන්නටම ලෝභයි

ඔව් ඒක මටත් තේරුනා..

අයියෝ !

හීනෙ මග නැවතුනා.

ඒ මදුරුවා ඒ හීනෙ මග නැවැත්තුවා කියලා හිතට දැනුනම,😊😌

සැ:සු
-චතූ-
17/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

ඒ නිසදැස

නිසදැසත් හරියට ක තා ව ක්
නැවතුමක් නැති ක ලා ව ක්
නුඹ නමින් ගෙතු කවි ක ම ක්
තාම ගොතනවා දවසට ව තා ව ක්

-චතූ-
22/11/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

ගුප්ත ප්‍රේමය 🖤

නිසොල්මන් වූ ධ ර ණි ය
මැව්නු ගගනතට ර හ සි න්
අසම්මත ප්‍රේ ම ය ක්
දවා ලූ හිත ය ට
ගෝරනාඩුවක් ක ර මි න්
යනෙ න පෙම්වතුන් දෙ ස
හිත යට හූ ල් ල මි න්
අවැසි බස් නො දො ඩා
හිත් යට දරන ප්‍රේ ම ය
මා හා සම කරන ඇයම,
නොහැගුන මෙන් සි ටි න
ගුප්ත ග ග න ත
නුඹ ද කි යා
ඉගියකින් මට ප ව ස න් න.....

-චතූ-
27/11/2020
😕

...
...

චතුරිකා ගුණසේකර 🖤

මං ආසම තනියෙන් ඉන්න 🖤

පාට තැවරුණු
ලෝකයක් මැවුන ...

හීන පොදි බැද
ප්‍රේමයන් සොයන...

දුර දිගක් මග තොටක්
තාම අපි නොහදුනන...

මේ ගමනේ මං කැමතිම
තනියම ඉන්න....

-චතූ-

...
...

චතුරිකා ගුණසේකර 🖤

පාර කියන තාරුකාවෙන් එපා යන මග අහන්න 🖤

පාර කියන
පහන් තාරුකාවෙන්
එපා යන මග අහන්න.....

දිළී නිවෙන
නිවී දිලෙන එක මොහොතක් ඇති
මෙතුවක් ආ මග
වරදින්න.....

ලා තණ අග
කදුලැල් සලන
පුංචි පිණි බිදුවෙන්
මග අහන්න ......
තාමත් නොමැකී ගිය
පියවර මතින් කියාවි ....🍃

-චතූ-

...
...

චතුරිකා ගුණසේකර 🖤

ඇලඩින් උනොත් මං 😊

ඇලඩින් උනොත් මං
පහන පිරිමැද වරුවක්
ඉල්ලන්නෙ එක දෙයක් මං
පලස මත නැගෙන්න මොහොතක්...
°°°°°°°°°
ඉර, බහින හෝරාව ලංව ගොස්
අසමි මම එක දෙයක් ඔහුගෙන්
මෙදා නත්තලට වත්
නොලියමිද කවි පෙමක් ...

-චතූ-
1/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

"මෙන්න මේකයි උනේ ඉස්සර "

ජීවිතේ කියන්නෙම
නැති දෙයක් හොයන එක

තියෙන බව දැන දැනම
නොදන්නවා වගෙ
තියෙනවද අහන එක

තියෙන තැන දැන දැන
කොහේද කිය කිය
ඒ තැනම මග හැර

එහෙ මෙහෙ යන එක

කවදහරි දවසක
නිස්කලංක සවසක
කාටහරිි
"මෙන්න මේකයි උනේ ඉස්සර"
කියා ජීවිතේ
වමාරන එක
♥️
(උපුටා ගැනීමකි )
චතූ 😊

...
...

චතුරිකා ගුණසේකර 🖤

ප්‍රේමය රැදුන ගඟනත ...

පොද වැස්සට තෙමීගෙන
හන්තාන මීදුම දුර
අතවනාවි දවසක
ඇවිද යන්නට ගව් දුර

සියුමැලි දෙඅත් පටලවගෙන
හීන නෙක ඇහිදින්න
අවරගිර අහස යට
ආසයි කවි ඇහිදින්න

රැලි නැගෙන බිදෙන රළ ට
වැව් රළ මුමුණන කවියට
එදාට හැකිවේවිද
පෙම් බදින්න අපූරුවට

සෙනෙහසේ ඉම දුර ඈතක,
නොනවතින කවක් ගොතන්නට
නුවර අහසත් සැරසෙයිද
ප්‍රේමයට තනු මවන්නට...

-චතූ-
6/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

අසංවර වැස්සක්

රැදී සියොලඟම
හැගුම් කිතිකැව්ව
ස්පර්ශය ධරණිය හා නැවතෙන තුරු
නුඹ ප්‍රේමාන්විතයය සොඳුර...

නමුදු අද,

වික්ශිප්ත බැල්මකින්
දිගැටි ඇස් විසල් කොට
වේගයෙන් ඇද හැලුන නුඹේ
මුව කමල දකිමි මම අද....?

හෙමි හෙමින් ඇද හැලුන
ඒ මතක පොද වැස්ස
ආයෙමත් වහිනවද
ප්‍රේමයේ කවි එක්ක....🖤

-චතූ-
8/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

නුඹෙ හඩින් අහන්න

ඔව්,
මං ආසම කවියක් වෙන්න
හෙමි හෙමීට නුඹෙ හිත ඇතුලට යන්න
කවිය නුඹෙ මුවින් කියවෙන තරමට ලයාන්විත වෙන්න
දෙතුන් සැරයක් මුමුණන තරමට ආදරණීය වෙන්න😊

ඒ කවිය නැවත නුඹෙ අතින් ලියවෙන්න තරම් හැගුම්බර වෙන්න....❤️

නුඹ :- මන:කල්පිතය
-චතූ-
14/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

හීන •••••

දන්නවද?
නින්ද නොයන මැදියමට
හිත තනිවෙන්නෙ හීන යට..
සිතිවිලි යට...
සමහර හීන එකින් එක ගලපගෙන යනකොට මටත් නොදැනිම ඒක කවියක් වෙලා...
ඇත්තමයි,
රෑ මැදියමේ ඒ කවි වලට පණ දෙන්නෙ කලුවර විතරමයි
ඒත් දන්නවද,
දඩබ්බර අහස ගොරව ගොරව අකුණු සැර එවනකොට,
උපදින්නවත් පින නැතුව
සමහර හීන මියැදෙනවා
කලුවරට වත් නොකියාම.....🙁

-චතූ-
16/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

පෙම් කලේ කිම?

අත පොවනු හැකි
දෙයැස් මානෙ
නේක විසිතුරු
මල් සුවද දෙන
පිපී හිනැහෙන කල,
ඈත අහසේ
පායා දිලිස
හිතට ඔච්ච්ම කරන
විටක නිවී යන
ලගට ලං වී
සෙනෙහසෙ උණුසුම
විදිනට වරම් නැති
තරු මලකට
ඔය බොලද සිත
පෙම් කලේ කිම?

-චතූ-
20/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

චාම් ප්‍රේමය

ස්වේත සලු නොපැලැදි හුන් පවා
රකිත් පතිවත යශෝදර සම හා
ස්වාමි භක්තිය සිත මැවුනු දා
කැණි මඩල සුන්දරය සැමදා...

ෆැන්ටිසිය ලොව පින්තාරු වූ දා
හිරි ඔතප් සිතින් ගිලිහුණු දා
ප්‍රේමය කාමයට ගිජු වුනු දා
මංගල බෙර සම අපෙන් මියැදුනා...

-චතූ-
21/12/2020

...
...

චතුරිකා ගුණසේකර 🖤

ප්‍රේමයට මුවා වී

අහම්බෙන් මුණ ගැහුන ඔහු වත
හාදකම් පෑදුනෙ හිත් යට
සතියකට වතාවක් මුණ ගැහුන ඔහු මුව
ප්‍රේමය දළු ලෑවෙ දින දින අපට

කඩදහි ලියුම් හුවමාරුව දින දින
ඔහු ගැන ඇරෙන්නට සිත නොගිය වෙනතක
සිත් අහස මෙන් විශ්වාස ගොඩ නැගුවේ සිතට
ප්‍රේමයට වහල් වුනු සිත කාමයට දොර ඇරුනෙ ඔහු වෙත...

තත්පර පැය ගණන් ගෙවුනේ ඔහොම
නොදැනිම දවස ගෙවුනෙ ඔහුගෙ සෙනෙහෙ යට
පසු දින අමුතුවක් දැනුනෙ ගතට
නොදැනිම ලෙයක් ඇග දැවටුනෙ ඔහුගෙම

රහසක් නොකර ඔහු ට එය දැන්වූවා
මග හැර යනු දැක ලොවක් කදුලු වැටුනා
මව් පියන් අඩනු දැක හිත කඩන් වැටුනා
ඈට අනුවප්‍රේමයට මුලා වි ඈ වැරැද්දක් කෙරුවා

ලෝකයම අවලාද ඈ විදන් උන්නා
ඔහු කල මුලාව කිසිවෙකුට නොපෙනෙද මන්දා
දරු ගැබක් කුස දරන් අවලාද වින්ද
සමාජ නීතියක සහනයක් ඇයට දිය යුතුය රන්දා....

(නිමිත්ත:ප්‍රේමයට මුලා වී හිත් යටින් මියැදෙන යුවතියක,කතා වෘන්තාන්‍තයෙ අවසානය)

චතූ
2021/01/26

...
...

චතුරිකා ගුණසේකර 🖤

නිදහස

දුටිමි නිදහසෙ පාව යන කුරුල්ලෙකු
කොහිද ජීවිතය තුල බරක්....

නිදහසෙ තැනු කූඩුවට
රැගෙන යයි මීවිත රස බොජුන්

කරදර විමසා බලා කරයි සුදුසු දෙය....

නොවෙයි එහි වෙහෙසක්

සිතන්නට හැකිද මට
කිමැදැයි කියා නිදහස...

-චතු-

...
...

චතුරිකා ගුණසේකර 🖤

අපූරු කලාකරුවෙක්,

"චන්දන මෙන්ඩිස්"
මේ ඔහු ගැන නම්,
රටවලින් බිහි වූ ශේෂ්ඨ ලේඛකයන් පෑන් තුඩෙන් සිත්තම් කල හාස්‍යය,උපහාසය,සන්ත්‍රාසය,කුතුහලය,හා ආදරය සහෘදයා වෙත ජනිත කල ඔහු,පරිවර්තන,ස්වත්න්ත්‍ර ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍ය ට එක් කොට හමාරය...

පරිවර්තන කෘති හා බැදි අභිරහස් දොස්තර ෂර්ලොක් හෝම්ස් හා බැදි කෘති ගණනාවකට පන පොවා හමාරය..ඒ අතර,
*සුනඛ ශාපය,සිව් රහස් සළකුණ,බිහිසුණු නිම්නය,මලගිය ඇත්තො සාක්කි දෙති,ලේ සලකුණ,අන්තරාය අඩවියක,මහ රෑ අ මාරයා,ඉන්ද්‍ර නීල මාණික්‍ය,දියමන්ති ඔටුන්න,ලෝහිත පරීක්ෂණය,රතුවත හැදි කත....එට්ච්

මෙවැනි පරිවර්තන කෘති ඉතා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු,
ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව,වන
"නිශ්චල චංචල දේපළ"
අදටත් සහෘද ජනාදරයට පාත්‍ර වනු ඇත...

2008 වසරේදි,රාජ්‍ය සම්මාන ලැබු හොදම පරිවර්තන කෙටි කතා කෘතිය
"ශේෂ්ඨ ලේඛකයනෙගෙ විශිෂ්ට කෙටිකතා වේ..
2009 වසරේදි එය
"සොදුරු සිතුවම්" නම් කෙටි කතා කෘතියට හිමි විය...
මෙවැනි අසීමිත සම්මානයන්ට පාත්‍ර වූ ඔහු,
පාඨකයන්ගෙ හදවතෙ ලේඛකයා වී හමාරය

ජීවිත අත්දැකිම තුල ඔහු ගැන ම'විසින් පලකල දෑ..කෙසග ඇති පරමාණුවක් තරම් වුවත්,එයින් පාඨක ප්‍රේමි බවක් පෙන්වමි.

...
...

චතුරිකා ගුණසේකර 🖤

සයුර සමඟ මම මොහොතක්........

දුටිමි මම එක් ස්වප්නයක්
වෙරළ ඉමක තනිවෙන මොහොතක්
දැනුනි මට සිතට අමුතු සහනයක්
කෝ කොහිද ජීවිතය තුළ බරක්,😌

නැගෙන එක් මොහොතක කෙහෙ රැළි අවුස්සන සුළඟක්
දිගැටි ඇස් හීන් වුණු අරුමයක්
සයුරු රළ එක්කම නැගෙන මතකයන්
ස්වප්නයක් එක්කම ඇවිද ගියෙමි මම ටික දුරක්.............

මම
-චතූ-
2020/03/08

Top writers

Stay in touch