Nisadas / Writer / කෞශික නිමාදිත්

Writer Profile

    Circle Image
    කෞශික නිමාදිත්
    Nisadas: 7

...
...

කෞශික නිමාදිත්

රිදෙන හිත සනසන්න

රිදෙන හිත සනසන්න
ඉරුණ හිත මහගන්න
පෑරිච්ච හිත සෝදන්න

විකල්පයක්
නැත්තටම නැති තැනකදී
ඒ වේදනාවෙන්ම
මිරිකෙන්න.

"ආටෝප ඕනී නෑ සුලුවෙන්ම"

ඔය තරම්
වේදනා ඉවසන්න බැරිහින්දා
මට ඕනි උබේ අස්සේ.

"දැවි දැවි ගින්දරින් ඇවිලෙන්න"

කෞශික....

...
...

කෞශික නිමාදිත්

තනි වීමට😌😌😌

ආලෝකය
මග හරිමින් මා විසින්
ඔහේ ඇවිද යමි

නුබ නොමැති
ඒ ඝණ අන්දකාරය
තුලටම

-මක්නිසාදයත්-

"නුබ නොමැතිව
දිදුලන ඒ ආලෝකයෙන්
මා හට සැගවීමට"

-මා හට අවැසිය අදුරක තනි වීමට-

කෞශික___

...
...

කෞශික නිමාදිත්

හිනස්සපන්

සතුටින් ඉන්න
මිනිසුන්ව නෙවෙයි
දුකින් ඉන්න මිනිස්සුන්ව

"හිනස්සපන්"

දානයක් උනත්
වටේ ඉන්න උන්ට නෙවෙයි
නැති බැරි එකෙක්ට දීපන්.

"කොටින්ම"

නැති එකෙක්ට
නැති දෙයක් දෙන එක
උබේ ආතල් එක කරගනින්.

කවදමහරි උබට සතුටු වෙන්න එකම එක
හේතුවක් හරි තියෙයි......❤️

කෞශික

...
...

කෞශික නිමාදිත්

😌😌😌

වචනෙකින්වත් උබේ සැපදුක.
සොයන්න බැරි මට.
බලා හිදීම හැර වෙන මොනවා.
කරන්නද?.

මං දන්නවා උබේ හිතේ ආදරය.
උබට දැණෙනවද? මගේ හිතේ ආදරය.

හමු වෙන්න නම් අපි.
ලොකු පිනක් කරලා ඇතී.
ඒත් හිමි වෙන්න තරමට.
ඒ පින මදි ඇතී.

හඩවල් වලින් විතරක්.
සැනසුන.
රෝම ස්පර්ශයක් වත් නැතුව.
මහ ගොඩක් දවස් අපේ දින පොතේ.
තියෙන්න ඇතී.
හදවත් ඇතුලෙන් පුච්චගෙන.

මහ මෙරක් ආදරේ හිත් දෙකක.
හිර කරන්______________

ඉතිම් අපි බලා ඉද ප්‍රේම කරමු.
අසම්මතය ගැහැණියට විස කටුවක්.
නිසා.

කෞශික________

...
...

කෞශික නිමාදිත්

ඉතිං මැණික

කඳුලක් උනත් ලස්සන
ඉකිගහද්දිම වැටෙනකොට. .

මැණික ! බාගදා ප්‍රේමයක් කියන්නෙම
අහඹුවෙන් දැනගත්ත
පිළිකාවක් උනහම
පණපිටින් මැරි මැරී
විඳවන එකත් පුදුමද ? ?

හදවතේ ගැස්මත් වෙන පපුවක ගැහුනම
ජීවිතේ කියන්නෙම
වියරු යථාවක්
පපුවට මහ හුඟක් බර. .

ඉතිං මැණික !
බාගදා ප්‍රේමයක් කිව්වෙම
නුඹට විතරක්මකොට
දැන් මට කියලා
ඉතුරු මොනවත් ඇත්ද ? ?

කෞශික____

...
...

කෞශික නිමාදිත්

අසම්මතය 🖤🖤

අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා
කියන්නෙම මහ ගිණ්නක්.
මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල
රෑ එලිවෙනකම් විදවන.

හූස්ම උනත් කොහොම නවත්තන්නද? මම
අයිතියක් නැති ප්‍රේමයක් වෙනුවෙන්.
නොදැන නෙවෙයීනේ.. දැන දැනමයී
අපි ලංවුනේ මහ ගොඩාරියක්.
අවසානෙයේ අහිමිවීම දැනගෙනම අපි
පෙම් කරත් මහ ගොඩක්.
වෙන්වීම ගැන මතක් වෙද්දි හිතට..
ඉන්නේ කොහොමද? දුක් නොවී මන්.

දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් උනාම
සතුටක් කොහෙන්ද?.
හිතම පිරෙන්න මූසල දුක මිසක්.

උබ ඌට වඩා මට ආදරේයී කිව්ව ගමන්
හිත පිරෙව්වට අහිංසක සතුටක්.
කොහොමටත් ඒ ඔක්කොම තාවකාලිකයී
කියලා මතක් වෙද්දි නම්.
ඊට වඩා උසට පිරවුනා හිත ඇතුලෙන්
තනි හිතකට හුලන්න බැරි වේදනාවක්.

කොහොමටත් අපි අපිට මහ ගොඩරියක්
දුරයී ලං වෙන්න බැරි ගානටම.
ඇත්ත ඒකයී උබයි මමයී දෙන්නම දන්න
පිලිගන්න අකමැතිම.

තවත් නම් බෑ කොහොමටත් දුර ගෙනියන්න
තප්පරෙන් තප්පරේ වෙන්නෙම.
තවත් තප්පරේකට හනි හනික මතක
එකතු කරන එක විතරමයී.

ඉතිම් අපි නවතිමු.
අසම්මතේ බැදි පෙම් පලහිලව්වෙන්.
හොදටෝම ඇති මේ මතක තවත් කාලෙකට
තනියම හිත හිත විදවන්න මට.

කෞශික____🖤

...
...

කෞශික නිමාදිත්

❤️😌😌

සුදු නෝනා..

සිගරැට් 🚬 දුම
මාර සැරයිලූ.
ලග ඉන්න උන් කියන්නේ.😂

උබව මතක් වෙන වාරයක්.
වාරයක් ගානේ.
උබ ඉන්න.
හදවතම දුමෙන් පුරවන මම.

"උබට සැර නැද්ද බන්".....

කෞශික___

Top writers

Stay in touch