
අපි අපේ තමයි
මා හද සැනසුම
ඔයා තමයි
සියුමැලි සිතුවිලි
අපේ තමයි
හිනැහෙන නෙත් යුග
ඔබේ තමයි
සත්තකින්ම අපි
අපේ තමයි.......

තාමත් නෑ ඒ දවස
දිනාකට වරක් හෝ ඉස්සර මුණගැහෙන
නිතරම හිනාවෙන් එලි වුණ ඔය මුහුණ
කවදා දකින්නද කියමින් දින ගනින
කාලය ගෙවී යයි තාමත් නෑ දවස

❤️
සුන්දරයි ඔබ කී කතා
මගේ සවන් රැදී ගෙන
දැන් අසන්නට බෑනෙ ඒ ලෙස
ඔබ දුරයි මගේ සවනට...
සිතුවෙ නෑ "කොරෝනා" වක්
අපව දුරකින් තබා විය
කෙලෙස වූ වත් අප ලගයි
අපේ සිතුවිලි වලින් හැමදාම...

❤ ...😥
සසරින් සසරටම දැනුන
හිමි නැති මුත් අහිමි නොවන
ඔබේ සුවදම අරන් වඩින
නලමුදු පහසද මේ......
ඇහිපිය මත සදා රැදුන
ගිලිහෙන්නට නොදී රකින
සිත පිරිමැද යලි හඩවන
උණු කදුලුද මේ......
පේනමානේ දුරින් සිටින
ඔබ ලගට එන්න වරම් නැති වුන
දුරින් සිට පෙම් කරන
කාලයද මේ.....
ලය නිමි හිමි හොයා ගලන
සරතැස ගිම් නිවා දමන
අයදින්නට වරම් නොවුන
ආදරයද මේ.....

😥
මැදියම් රැයේ දකින
ලස්සන සිහිනයකි ඔබ මට
අදුරේම අත ගා සොයන
සිහිනයකි ඔබ සිහිනය තුල...
එලි නොවන රැයේ
හරි කෙටි දිගු නින්ද
ඔබ ඇවිත් නෙතු අගට
සරදමක් වෙයි නිතර....
නෙතු පියන් ඇරි සැනින්
බොදව ගිය මගෙ සිහිනේ
සිහිනයක්ම දැයි කියාමන්
සිහිනයක් මෙන් සොයයි....

කවිකාර සිත
කවිකාර සිත ඇතුලේ
රැය පහන් කරන නුබ
කනට කොදුරා කියන වදන්
වේදෝ සැබෑ.....මතු දිනෙක..
හද ගැස්ම නුබ විතරයි
නුබ මාගේ වෙනවාදෝ......

❤️❤️❤️
නුබ සොයනා ඒ සාර්ථකේ මග
හඹායන සුලගක්වී පියනගන්න
අවසරයි අදින් පසු නුබට කෙටිකලකට
මගේ සෙවනින් නික්ම යන්නට....

🌸
සුවදැති නැවුම් කුසුමන් නුබෙ නමට පිපි
අද දෙන සතුට මා දුරකට වී විදිනා
ඒ මල් සුවද ඉහිරුනු ජීවිතේ පුරා
සුන්දර බව දකිමි ඒ මිතුදම පෙරට වඩා..
සවන් පුරා විදගත් ඒ කුරුලු ගීතිකා
පොද වැසි වැටුනු හැන්දෑවකය එදා
හිත පුරා වින්ද සතුටට නැවතුම් තියා
ඔබ හිදී මා හද සතුටු කරවලා...
වසන්තයේ වන සුපුමල් සුවද දිගේ
විලිකුන් සුරත් ඇති බටහිර අහසේ
සිතුවම් අදින සද පහතක් හැන්දෑවේ
යුගයක සැමරුම් මතකයි හද වෙලෙන්නේ..

⚽♥️
හිත අස්සේ හංග ගෙන නුබ
මද පවනක් වී සියොළඟ
අයිති නොවේ වෙනකෙකු හට
ඔබ මාගෙමයි නිරතුරුවම...
හීන් සීරුවට පද ගෙත්තම් කර
ඒ පද තුලමා නුබ සෙව්වා....
අමිහිරි මතක මිහිරි මතකයන් කර
මේ සිත තුල ඔබ රැන්දේවා...

♥️
දහසක් කරදර මැද අප
එකට ඉන්නට වෙර දරන
අපටත් දවසක් එයි දිනෙක
අපි සැමදා අපේම වෙන