
නොකී පෙම
අප්රකාශිත ආදරය සුන්දරද...
තෙපල වදනට සිර වූ ආදරය
පරව යන මල් මිටක් කල්හි
එක් පසක අවුල ගිනි
දැවුන හදවතට වඩා
හදින් මවා හීන සුරකින
සුන්දරයි ලග නැති වේදනාවත්
නොකීවාට මුවින්..
හිමිකරන් රිදවන්ට නෑ හිත
බලහිදිම් මං හරි මනාපෙන්
නා දෙතොලගට නැගි සිනාවන්
දොඩන්නම් මං පෙම්බස් හදින්
හීන අතරින් උබ ලං කරන්
කාරි නෑ මගෙ නොවී උන්නට
සතුට ඇත්නම් උබෙ ලය පිරෙන්නට..
~නවියා~

වැහි බිදුව
මගෙ රළු අත්ල මත සිසිලසට
පහස දෙන වැහි බිදුව
එක පැහැ වෙනස නැති මුත්
කදුලු බිද නෙතගින් වැටුන
හද පුරා හක්කලං කරපු
මහ ගින්න නුබ නැති සොවින්
ගිනියම්ව මගෙ නෙතග
මුව දිගේ රූටා වැටෙන..
හරි පුදුම මගෙ මැණික
එහෙමවත් නොවුනිනම්
හද දවා ඒ ගින්න
ඉතිරි වෙන්නේ මගෙ ලගට
නර සිරුර හදවත මැරුණ...
~ නවියා ~

නුඹ
මගෙ රලු හිත මටසිලිටි කොට
පුරවාපු නුබෙ ආදරය මට
වටිනා තරම නුබ තාම
නොදන්නා බව මිසක
අන් හදවතක් නොපැතූව
නුබ මාගෙ වෙන තුරාම
බලාඋන්නු මං මිසක
දන්නේ නම් වෙන කවුද
මගෙ මුලු ලෝකෙන්ම
පණ දුන්නු අම්මා ගෙන් පසුව
ගරු කරන ගැහැණියක් වේද
නුබ මිසක වෙන කවුද
~නවියා~

අභිනික්මන
සංසාරෙන් එතෙරවෙන්න අදිටන් මා හිතේ දරා
යන්නට අවැසිය නැත කිසිවක් මා හිතින් දරා
හිරවුනු මගෙ හදවත බලපන් නුබ එබී බලා
බැරිම දෙයයි මට යන්නට මගෙ අම්මයි නුබයි දමා..
ආපු කාරනේ මෙලොවට දැන් අවසන් වෙතයි
එනමුදු යන්නෙ කොහොමද නුබ මගෙ පණ මෙනැයි
එකම සතුට කොට උබ හද සිතුවම් මවයි
නැත්තෙත් උබමයි මට මේ ජීවිතෙ අරුත් කිමැයි..
පාප කරුම ගෙව්වා මම හැම දේම නිමයි
විදින්න තිබු ජීවිතේම විදවෙව්වේ පෙමයි
එනමුත් හැමදාකම උබ මාගේ පණයි
බලා ගනිමි නුබ ආ කල මගේ දෑස සමයි..
බැහැ යන්න හැමදේ අතහැර මට සසුන කරා
නියම අරුත නැත එහි කලකිරුම අරා
තේරුම දැන හැරයාමේ සසරක තතුම විනා
සසුනට වරදන්න බැරිය මට වැරදුනු නියා..
යන්නට හිදින්නට බැහැ එක සිත් ඉන්ට
පැතිරෙන හද ගින්න බැහැ ඉවසා ගන්ට
එනමුදු තාම මගෙ පණ ටික රැක ගන්ට
හේතුව එකම මගෙ රට දැය රැක ගන්ට...
~නවියා~

සුබ පැතුම
තනි වූ හද රළු දවළු
මුහුකොට පවනතට අළු
දැවටුනි නම් ඔබෙ සිතලු
දැනෙයි ඔබට මගෙ වියවුලු
කාරිය නැති ඉන් බිද හිස්වූ
ලංවී පවසන්නට මග නැතිවූ
හද තුල සිරකොට කැටිවූ
හද සුසුමක් පවනට එක්වූ
සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ
සුබ උපන් දිනක් සතුටින් පිරුනූ
~නවියා~

නිර්වාණය
දෙපසට වැදුනු සුවිසල් රුක්
මහ අතු දෙඅන්තය
මහ සැපයක් මෙන්ම
මහ දුකකුත් නිර්මිතය
කරුව මැදින් මිහිකත මත
ස්පර්ශිත දිවයුරු රැස් කදය
යායුතු කෙලවරට මං පෙත්ද
බුදු හිමි සොයා එලිකල මග තුල
දන මන හට නිරතුරු පෙන්වීය
එනමුදු එමගට බාධා නම් එමට
කැලතුනු දියක මෙන් ඇති සිතට
ගෝතම අපෙ මුණි දෙසු සත්‍යයේ මග
එක්තැන් බට පිවිතුරු දල දහර තුල
දිස්වන සෙවනැල්ල ඇති අඹර තල
හිස් අවකාශයම නම් නිවන විය
~නවියා~

මායාවරු
ලෝකෙම මායම් වෙලා
සුද්ද අල්ලපු රටෙන් හම්බවුනු
මායන්වරු පස්සෙන් ගියාට
උන් දැන දැනම හැංගුවා
අපිට මායා රටක් තිබුනාය කියලා
අපේ උන්ටද එවුන් ශිෂ්ඨයි
ලෝකෙම උතුම්ම රටේ එවුන්වුව
එකල වැද්දන් ය වලට වැදුන ලෙන්
දෙදහස් පන්සීය කෙප්පෙට කොටු උනු
රවුලු පරපුරම ප්‍රබන්ධයක් කල
සීහෙල ඉතිහාසේ..
අනේ අනිච්චං,
ලොකුවංසෙන් ඉදන් වට්ටපු
ලෝකෙම පතල උනු උතුම් ජාතියක්
ඔටුවන් අවුදින් උන් රජයන කල
නිදිවැද රට වනසන තුරාවට...
~නවියා~

මීවිත පෙම
මීවිත දෙතොල් රහට හුරු උනාට
ඔබෙ සියුමැලි දෙකොපුල් වල
පාලු මකන්නට බැරි උනාට
එමිහිරි රසයට තවමත් මන් ආදරේය..
මීවිත දෙතොලගම තෙමුවෙ
ඔබෙ සියුමැලි පහස සිහිඋනාම
ඔබ සිහිනයෙ සැතපෙන්නට මිස
සිහිඑලවන්නට සිතට නොවෙම් මට..
වෙව්ලට දෙඅතත් තවමත් ආදරයේ මිහිරියාව
ගෙනහැර මිස ඒ සුන්දර අතීතයෙ මතකයහට
වෙන කිසි සිහියක් එපාය මට ජීවිතේට
ඉන්නවනම් ජීවිතේම ඔබ
මෙලෙසින් මගෙ සිතතුල
එපා මට සිහිඑන්න නැවත
මෙ අවසිහි ආසයි මම..
එපා මට එන්න සිහිය උබ මට හිමි වනතුරු..
ජීවිතයයි දුන්නෙ උබට
නැහැ මට කිසිවකුත් ඉතුරු..
උබ නැවතත් පැමිනෙනෙ තුරු
මීවිත වෙත් මගේ මිතුරු...
මෙ ජීවිතෙ නිමවන තුරු
බලා හිදිමි පණ ඔබ එනතුරු..
~නවියා~