Nisadas / Writer / නවෝද්‍යා දිසානායක 💕

Writer Profile

    Circle Image
    නවෝද්‍යා දිසානායක 💕
    Nisadas: 6

...
...

නවෝද්‍යා දිසානායක 💕

මියදුන සුරතලෙක්.....

දග කලත් හැම විටම....

තරහක් නම් නෑ මසිත....

මිතුරෙක් වීලා ඔබ මට....

නමුත් අප හැර ගිහින්....

සිතා ගන්නට තවත් බෑ මට.....

මදෙසටම යොමු වු ඔය නෙත්....

වැසුනෙ නෑ මියදුනු පසුත්......

හද රිදුම් දේ නිතර....

සිහිවන්නෙ ඔබමයි...

පාළුවක් දැනෙන මුත්.....

ඉවසන් සිටිමි නිරතුරු......

ලබන මතු සසරෙ හෝ.....

මිතුරෙකුම වී හමුවෙමු.....

...
...

නවෝද්‍යා දිසානායක 💕

පතිනියක වී......

සසර පෙර කර පිනකි ඔබ මට...
හමුවෙලා මගෙ රත්තරන්..
පතිනියක වී ඔබේ නිවසට....
එන දවස අද ඉස්තරම්....

සිතා ගන්නට නොහැකි අද මට....
සතුට පිරිලා හදෙහි මාගේ....
පතපු දින අද ඇවිත් අපගේ....
කියා ගනු බෑ පනයි ඔබ මා....

...
...

නවෝද්‍යා දිසානායක 💕

නොපෙනෙන පෙම......

නොපෙනුනත් මට
රුවක් ඔබගේ
දැනෙයි හදට මා
අසල ඇති බව
දකින්නට ප්‍රිය වුනත්
නොහැකීය මා හට
සොදුර ඔය හුස්ම
සිප ගනී හද මා
මියෙන තුරාවට
සෙවනැල්ලක් සේ
ඉන්නම් ඔය තුරුලෙ
ආදරෙයි ඔබට මා .....
( නවෝ)...

...
...

නවෝද්‍යා දිසානායක 💕

නැගණියක් එනතුරා...

මවගෙ කුස තුළ
නිදා සිටිනා
චූටි මගෙ පොඩි
නංගියේ.......
එනතුරා ඔබ
බලන් ඉන්නේ
සතුටු සිතිනුයි
පැංචියේ......
මවගෙ කුස මත
හිස තබා මා
ඔබට පවසන
ආදරේ....
දැනෙන බව මා
දනිමි එය මට
කියා ගන්නට
බෑ නගේ.......

...
...

නවෝද්‍යා දිසානායක 💕

අහිමි සෙනෙහස....

නොලැබුනත් ඔය සෙනෙහස
තරහක් නැත මා සිතට
ඉතින් පෙම්බර සොදුර මාගෙ
යන්නට අවසර සමු අරන්.......

දිගු කලක් පෙම් කළා ඔබහට
නමුදු ඔබෙ සෙනෙහස අයිති නැත
තවත් යුවතියක් හා ඔබත් අද
සිටිනු දැක මා සතුටු වෙනු ඇත...

...
...

නවෝද්‍යා දිසානායක 💕

සෙනෙහසක මහිම....

වේදනාවක් දැනෙනවා
දරාගන්නට නොහැකි මා හට......
නමුදු මතකෙට නැගෙනවා
එන්නෙ අපෙ ආදරේ සලකුණ.....

ඉවසගමි මා කෙලෙසකින්
එන්නෙ අප පුත් කුමරු මෙලෙසින්...
දස මසක් කුස හොවා මා අද
බිහිකරන්නේ පුතු අපේ..

මාගේ වේදනාවන් මැද
ඇසුනි පුතු ඔබෙ හඩ සවන් මා.....
සියලු වේදනා නැති වී
දැනුනා මුළු ලොව මගෙ කියා....

කදුළු වැටුනෙ නෙත් වලින් මා
සතුටටයි අපෙ පුතු නිසා....
ඇගෙ ලේ මගෙ කිරට හැරුනේ
මවු සෙනෙහසටයි පුතු නිසා......

Top writers

Stay in touch