Nisadas / Writer / Nethu 🖤

Writer Profile

    Circle Image
    Nethu 🖤
    Nisadas: 6

...
...

Nethu 🖤

මිතුරියේ

මි තුදමින් වැළඳ හිඳ
තු ටු මල් ගොන්නක් අතර හිනැහුණු
රි දුමෙහි සනසවාලූ
යෙ හෙළියයි නුඹ මගේ හද තැන්පත් වූ........🥀🌸🥀

...
...

Nethu 🖤

~සුදු නෙළුම ~

තුෂර පිනි බිඳු වැටෙන අඹර
මඳ සුළඟ සිප ගැනෙන මකරන්දයේ
මල් ගොන්නක් අතර වැතිරුනෙමි
මා ඉන් තනිවී....
නෙතගින් නැගෙන සිහින් ඉකිය
සංසාරයේ හැන්දෑවක කෙදිනක හෝ
හමු වී ඇතැයි සිතට දැනෙනුයේ හුරු බවකි.....
භාවාත්මක හැඟුමන් සමග පොදබඳින නිල් කැට දහරාව තනිකම නිවාලයි....
නා නා වර්ණයන් අතර ධවල සිත්තමින් සිත් සනහන, පහන් හැඟුමන් ගෙන විකසිත වන අහිංසකාවිය මා වෙම්
~සුදු නෙළුම~

...
...

Nethu 🖤

එක් මංසලකදි 🍂

ජිවිතයේ එක් මංසලකදි
එක් දෙනයනක්
නෙතට ගැටුනා...

මුළු ලෝකයක් වුන
මගේ පවුලට තරම් ස්නේහයක්
ඒ දෙනයනට බැඳුනා...

නමුත් ඒ දෙනයන
වෙනත් කෙනෙකුගේ
හිතක් අසලින් නැවතිලා...

කල්පනා වන රැයක් පාහේ දෑහේ කඳුලු බිඳු වරුසාවක්
නේකවර කොපුල් මත රැඳුණා...

මගේ හිත මටත් නොදැනිම
ආගන්තුක තනිකමක් වෙළුවා... 🥀

...
...

Nethu 🖤

විඳිීම

තනිකමත් දැන් ගීයකි,
එහි පදවැල් කඳුලු බිඳු තුල ලියැවෙයි
ගී තනුව මා සිතයි
වේදනාවෙන් බිහි වූ සංගීතය හුදකලාවයි
ගීයෙහි නිමැවුම ලබන නියම හිමිකරු නුඹ යි
නමුත් අයිතිය මගෙයි
ඔබට ඇත්තේ විඳිීමට පමණයි
විඳ වීමට නොවෙයි..🖤🕊️

...
...

Nethu 🖤

~ අමාවක ~

සිත නිවන සඳ එළිය
සැඟව ඔබ කොහෙ ගියෙද
අමාවක ගණ අඳුර
නෙතු දවයි නොකියාම...

රෑ කුමරි පෙති අතර
දොඩමලු වූ ආදරය
සිසි කිරණ රැස් නැතිව
සොවින් තැවෙනා අයුර...

නෙතු හඬන සිත රිදෙන
කටුක එක් මාවතක
පියමැන්න සමනලිය
තවම බලනවා ඈත...🍃

...
...

Nethu 🖤

නුඹෙ රූපේ මැකී නොයයි💜😌

අහස ලස්සනයි ගෑවම දම් පාට
හිරු ලස්සනයි ඇන්දම රන්පට සේල
සයුර ලස්සනයි වැටුනම සඳ එළිය
නුඹ ලස්සනයි දඟ කරනා ඇස් දෙකට...

අහස කෙතරම් තැවරුවත් දම් පැහැය
හිරු කෙතරම් ඇන්දත් රන් පට සේල
සඳ දියේ ඇන්දත් රන් ඉරි නේක
නුඹේ හිතේ නෑ නේදො මගෙ මතක...

අහසින් දම් පැහැ අරගෙන යන්න ළඟයි
හිරු රන් පට පිළී ද ඉවත් දරයි
සඳ සයුරට අවසර කල් දෙන්න හිතයි
මගේ හිතේ නුඹෙ රූපේ මැකී නොයයි...

Top writers

Stay in touch