
මණිමේකලා නොවේ යළි..
නිහඬ මැදියම,
උල ලේනි හැඬුවාට...
නිදි ගතවූ සිතිවිලි,
යලි කිම්ද අවදිවම...
නොකියාම නොසැලීම,
සෙමින් පියවර මැන්න,
නුඹේ ආලයේ..,
කමටහම හොඳින් හැඳිනියෙමි...
මණිමේකලා නොවූ
යලි නොඑන ඒ රැයට,
ශ්වේත ඇතිරිලි කිම්ද?,
පුදසුනක වැඦ්ඹෙන්න...
-තාන්යා-

"රිදී බන්දේසියක පුදකල හැඟුම් වෙන්දේසියකි පෙම්වත"
හීන නම් මන් හුඟක් දැක්කා,
නෙළණු බැරි මල් කිණිත් අග්ගිස,
පිපුණු සමහර මලුත් තිබ්බා...
සැලි සැලී මා පෙතින් සරසපු,
කල් ගියා, මඟ හැරුණා නොදැනිම,
හුඟක් ලස්සන සුවඳ මල් මට,
හිතම කියුවා තවත් මොකටද,
නෙළණු බැරි දුර ඈත මල් මට?

අහංකාරකම සඳට...
ඇස්වහක් නෑ උඹට...
උඹේ ලෙන්ගතුකමට...
ශමා කරලනූ අහස,
අහංකාරම සඳට...,
නොදුටුවා නොවෙයි මා...,
පරිවාර තාරකා,
අතරමං වුනා මං,
අවනතව ඒ නයන,
පුළුන් යහනක ගුලිව,
ගිණියමේ සැතපෙන්න..
හැමදාම හඳට බෑ..
පුර හඳව පායන්න...,
හද කැමැති වළාපට,
තුරුළු කර සැනසෙන්න.....,
ඉතින් අද විතරක්ම,
මට සමා කරලන්න...

කවිකාර හදවතට
කවියකුට කවිකමක් නාවොතින් හදවතට,
හඳවුනත් පායාවී....
පායලා බැසයාවී....
එහි කිසිම අරුමයක්,
කවුරුත්ම නොදකීවී...
තාන්යා

දයාබර ඉල් මහට
අවසන්ම දිනය අද,
මා උඹට සින්න වෙන...,
ඉතින් අපි වෙන්ව යමු,
තවත් හෝරා කීපෙකින්,
ඉනික්බිති අවසරයි..,
නුඹේ මතකේ කිමිදෙන්න,
ඈට නතුවෙන්න පෙර,
උඹේ අන්තිම හුස්ම,
මට දියන් විඳ ගන්න...
දයාබර ඉල් මහ,
උඳුවපේ මනාලිය,
සැරසිලා කල් ඇතිව.....
....තාන්යා....
----30/11/2020----