
නොකියූ පෙමක්..
නොකියූ පෙමක් ඇත මා හද සිර වීලා......
පමා වැඩි අද ඔහු සැමියෙකු වීලා......
පිනක් නොමැත මා හද දැන් වැලපෙනවා...
ලබන භවේ මගෙ වේවා පතමි මෙමා.....

සැනසුමක්
හිතට දැනෙන දුක් කරදර නිමක් නැතිවෙලා....
විටෙක සිතෙනවා ලොව අත්හැර යන්න මැකීලා .......
සියලු දුක් බුදුන් වෙත ගොස් වැද වැටී කියාලා .....
සමාවෙන්න බෝ පතකට කදුලු වැටීලා.......

මිතුරන්
විටෙක දෙමාපියන් විලසින්......
විටෙක සහෝදරයින් ලෙසින්.......
සැපෙත් දුකෙත් ලගම ඉදිමින්...
සිටියෙ මා මිතුරන් සැම ලෙසින්...