Nisadas / Writer / Tharindu Rukshan

Writer Profile

    Circle Image
    Tharindu Rukshan
    Nisadas: 5

...
...

Tharindu Rukshan

ආදරය

නුබත් එක්ක සෙල්ලම් කල කාලය....
මතක් උනා මට අද මෙන් නැගණිය....
අපිටත් නොදැනිම කාලය ගත විය....
නුබත් මාත් දැන් පිපි කුසුමන් මය....

සිත් තුල පෙම් මල් විකසිත වී ඇත....
නැගණිය වූ නුබ මට සොදුරිය අද....
රන් හුයකින් අපේ දෑගිලි පටලා....
සසර ගමන එකටම යමු සොදුරිය....

...
...

Tharindu Rukshan

නොකී කතාවක්

කදුලු නැතිලු මේ පිරිමි ඇස් යට....
රළු හිතත් උනු වෙනව දවසක....
ලොවට නොපෙනෙන පිරිමි හිත ලඟ....
කදුලු ඇත සාගරේ විලසට....

පිරිමි හිත හදුනනා ගැහැනිය....
රැක ගනි ඔහු ලොවක් විලසට....
එහෙවු ගැහැනිය මගේ මව විය....
ජීවිතේ දුන් දේවතාවිය....

දිනක මා හා පෙමෙන් වෙලෙනා....
සිතේ කදුලට සිනහ ගෙනෙනා....
තව කතක් ඇත ලගම රැදෙනා....
ඇයයි මාගෙ බිරිඳ සැමදා....

රුක්ෂාන්...

වැරදි දෙයක් ලියුවනම් සමාවෙන්ඩ ඒත් හිතට දැණුනු දෙයක් මේ ලියුවෙ. පිරිමියෙකුට දුකක් දැනෙන් නැත්තේ නෑ දැනෙනව. ඒත් ගොඩක් වෙලාවට ඇස් දෙකෙන් කදුලු එලියට දාල දුක පෙන්නන්නේ නෑ. තනියම හිතින් අඩල තනියම දුක නිවා ගන්නව.

ඒත් මේ ලෝකෙ පිරිමියාව තේරුම් ගන්ඩ දෙන්නෙක් ඉන්නව ඒ එක්කෙනෙක් අපිට ජීවිතේ දුන්නු අම්මා. අපි කොච්චර ලොකු උනත් අපේ දුක අම්මට තේරෙනව. අපිත් මොන වයසක හිටියත් දුකක් දැනුනාම අම්මා ලගට යන්නේ ඒ නිසයි.

අනිත් කෙනා අපේ ජීවිතේ ලස්සනට හරි ගස්සන බිරිඳ. හැබැයි ස්වාමියාට ආදරේ බිරිඳ ගැන මම කීවෙ. එහෙම බිරිඳක් කියන්නේ ස්වාමියාට වාසනාවක්. අම්මාගෙන් පස්සෙ පිරිමි හිතක් තේරුම් ගන්ඩ පුලුවන් එකම කෙනා. අවන්ක බිරඳයි.

...
...

Tharindu Rukshan

❤️❤️❤️ඇගේ ආදරේ❤❤

දවසක හමුවී නුබ ලඟ ඉන්නට....
පෙරමෙන් නුබගේ තුරුලෙ රැදෙන්නට....
නුබේ සිනාවන් බලා සිටින්නට....
අවසර දෙනු මැන නුබේම වන්නට....

අපි ආ ගිය මග නැවතත් යන්නට....
බලාසිටිමු අපි දෑස් අයාගෙන....
නුබට දුන්නු සිත එලසම ඇත ලඟ....
සසරින් සසරට යමු අපි එක මග....

සීතල සුලගක් ගත දැවටෙන විට....
නුබ නැති පාලුව හොදට දැනෙන විට....
උණුසුම අරගෙන ආවොත් නුබ මට....
තුරුලෙම ඉන්නම් උණුසුම විඳගෙන....

----රුක්ෂාන්----

...
...

Tharindu Rukshan

නිකම් අදහසක්....

දෙහද බැදි අපෙ ආදරේ....
අනන්තයි මේ අහසසේ....
තරු දිලෙන රෑ මැදියමේ....
දෑත ගත් මගෙ සොදුරියේ....

...
...

Tharindu Rukshan

ආදරේ

හරි පුදුමයි ආදරේ....
කෙනෙකුට ගෙනෙයි සතුට...
ගෙනෙයි කෙනෙකුට ගින්න....

ආදරේ...... ගොඩක් වෙලාවට අදරේ ගින්දරක්. හැබැයි හරි කෙනා ආවාම ලෝකයේ තියෙන ලස්සනම හැගීමක්. ආදරේ කරන්ඩ හැමෝටම බෑ මොකද ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමක් අපි කොච්චර ආදරේ කරත් අපේ හැගීම් තේරුම් නොගෙන ඒ හැගීම් එක්ක සෙල්ලම් කරණ කෙනෙකුට ආදරය කිරීම අපි අපිවම රවට ගැනීමක්.

ආදරෙන් පැරදුණු කට්ටිය ඕනෙ තරම් ඇති චුට්ටක් හිතන්ඩ ඉවසීමෙන් ඉන්ඩ නැතිවුණු ආදරයත් අරගෙන තව කෙනෙක් ඔයාගෙ ජීවිතේට හිතාගන්ඩවත් බැරි සතුටක් අරගෙන එනවා.

Top writers

Stay in touch