Nisadas / Writer / ❤️mila❤️

Writer Profile

    Circle Image
    ❤️mila❤️
    Nisadas: 13

...
...

❤️mila❤️

අහිමි පෙම❤️

හැමදාම මග බැලුවේ
අහිමි නුබ එයි කියා
හීනෙනුත් පවා දුටුවේ
නුබේ රූපෙයි සදා

දින ගැන්නා සය වසක්
කෙදින හෝ නුබ එයි කියා
තවත්නම් බෑ දරාගන්නට
මියෙමි මම ,
ලබන ආත්මෙක හෝ නුබ ලැබේවා පතා ❤️

...
...

❤️mila❤️

හදවතට ලියන්නෙකි 🤘

කවියෙක්ට පුලුවන්
රසිකයෙක් හඩවන්නත්,
ඒ වගේම හිනස්සන්නත්
යමෙකු කවියක් රස විදිද්දී
එයට සිනහවකින් හෝ කදුලකින්
ප්‍රතිචාර දක්වයිනම්
එහි අයිතිකරු විය නියම කවියා
කිමද,ඔහු හෝ ඇය හදවතට ලියන්නෙකි.



💕මිලා💕🖊️

...
...

❤️mila❤️

සැබෑ ආදරය ❤️

ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය
විටෙක පියෙක්,මවක්
තවත් විටෙක හොදම මිතුරෙක් , මිතුරියක් ලෙස
සෑම විටම ඔබව ආරක්ෂා කරන්නේ නම්
ඔබට ගරු කරන්නේ නම්

කිසිදු දිනක
එම ආදරයට අවමන් නොකරන්න
අත් නොහරින්න
සදාකල් ඒ ආදරය රැක ගන්න

එවිට ඔබට කාලයත් සමග
සැබෑ ආදරයේ වටිනාකම හැගෙනු නිසැකය.



💕මිලා💕🖊️

...
...

❤️mila❤️

අප්පච්චී ❤️

ලේ කිරට නොහැරුනත්
දස මසක් කුස නොදැරුවත්
විලිබර නොවින්දත්
ඔබය මිහිපිට දෙවියෝ මට නම්



💕මිලා💕🖊️

...
...

❤️mila❤️

අහිමි කිරි සිහිනය 😔💔

සෑම ගැහැනියක්ම සිහින දකිනවා
තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගන්නට
නමුත් තමන්ගේ එම සිහිනය
සැබෑ කරගන්නට බැරිව විදවන
කිරි සිහිනය සිහිනයක්ම පමනක් වන
ගැහැනියන් එමටය...

අප සාමාජය විසින් ඔවුන්ට
වද ගැහැනිය කියා ලේබල් ගසන්නේය...

ඔබ අප මොහොතකටවත් සිතුවාද
ඇය ඒ වචන වලින් මොනතරම් පිච්චෙන්වද කියලා
ඔබත් මනුශයෙක්නම් , මවක්නම්,පියෙක්නම්
කිසිම දිනෙක
එවැනි ලෙස අපහාස නොකරන්න

නැතිනම් මතු ආත්මයකදි ,
ඔබටත් එම ඉරනම ම අත් විදීමට සිදු වනු නොඅනුමානය...

💕මිලා💕🖊️

...
...

❤️mila❤️

රණවිරුවෝ ❤️🙏

රෑ දවල් නිදි නැතිව වෙහෙසී
බඩට අහරක් නොගෙන,
තම ජීවිතය ගැන නොතකා
මව් රටට මෙහෙවරක් ඉටු කර
යුද්දයෙන් මුලු රටම බේරු
විරුවනේ...

නුබලා ගැන මහා ඉහලින් එදා කතා කලාට
ගරු කලාට
ටික කාලෙකින් මිනිස්සුන්ට විරුවෝ අමතක උනා
ආපහු උබලව මතක් උනේ පාස්කු ප්‍රහාරෙදි
එදා ආපහු උබලා ගැන මහ ඉහලින් කතා කලා
පෝස්ට් හැදුනා විරු ගුන කියලා
එයත් ටික කාලයයි...

දැන් කොරෝනා නිසා
උබලව ආපහු මතක් වෙලා...

අපේ රටේ මිනිස්සුන්ට ටික කාලෙකින් හැමදෙයක්ම අමතක වෙලා යනවා....

තව ටික දවසකින් ඒ දේම සිදුවෙයි
යලිත් අපට විපතක් සිදුවෙන තුරු
ඔබව අමතක වෙයි...

අපට විරුවෝ මතක් වෙන්නේ
උන්ව ඕන උනාම විතරයි...

රට වෙනුවෙන් අප වෙනුවෙන්
දිවි නොතකා වෙහෙසෙන
රණවිරුවනේ ඔබට මාගේ උත්තමාචාරය 🙏


💕මිලා💕🖊️

...
...

❤️mila❤️

කන්‍යාවියක් නොවූ කන්‍යාවියක්... 😔🔥

රථයට නැගි පසු සිතුවෙමි යනෙන මග
මදු සමයට යන බව සිහි වුනි එවිට
ස්වාමියා සමග ආවිට හෝටල් කාමරය වෙත
දුටුවෙමි ඉතා සුන්දර යහනක් මෙ ඇසට...

හෝරාවකට පසුව මන්ගල යහන මත
අපේ පලමු රැය ගෙව්වා සතුට මැද
දෙදෙනටම නොදැනී නින්දට ගියද
පසුදා උදේ සිදු වූ දේ පතිනියට...

තමා අවදී වූ පසු තම ස්වාමියා
වටේ ගිය එකී යැයි මා ඇමතු නිසා
හැරී බැලිමි පිරිසිදුකම තිබෙන දිහා
මා ඉකිගසා හැඩුවෙමි එහි එය නොතිබි නිසා...

දැන්ම ගෙදර පලයන් කියා මා හට පවසා
දරුනු ලෙස පහරක් ඔබ මා හට එල්ල කරා
කොපමන පැවසුවද මා පිරිසිදුයි කියා
කිසිදු පිරිමියෙක්ට උබේ අයිතිය නොදුනි කියා...

ඒ කිසිවක් නොතැකූ ඔබ දෙසම බලා
යන්නෙමි කියා පවසා මා පිටත් වුනා
තම නිවසට ගිය පසු මා පියන් බලා
සිදු වූ සියලු දේ ඔවුනට පැවසූවා....

දිනක් ගතට දැඩි අපහසුවක් දැනුනි
වෙදදුරු පැවසුවෙමි මා ගැබ් ගත් බව නිසැකී
මෙය පැවසුවද ඔහු මා හට බැන වැදුනි..
ඔහුගේ ලේම ඔහුගේ නොව පැවසුවෙමි

දිනක් පැමින ඔබගේ ආශාවන් ඉටු කර ගත්තා...
මා ගැබිනියක් කියාවත් නොසිතූ
ඔබ හන්දා,
එදිනම අපේ පැටියා අපෙන් සමුගත්තා...😭

මා පතිවත රැකි බවට ද ඔප්පු උනා...❤️

...
...

❤️mila❤️

ඩියර් ක්‍රශ් ,

දුටුදා පටන් ඔබ කෙරෙ ඇති වූ ආලේ
තවම කියාගන්නට බැරි වුනි මාගේ
නුබෙ සිනහව නුබෙ රූපය නිතර මැවේ
නුබ මා සිත වසග කලේ කෙලෙස නගේ....


නුබ දෙස බලා මා සැමදා සැනසුනෙමි
කෙදිනක හෝ නුබ ලැබෙයැයි සිහිකෙරෙමි
පතිනිය කරගන්නට නිරතුරු මා සිතමි
එදින එන තුරා දින ගනිමින් සිටිමි....


💕මිලා💕🖊️

...
...

❤️mila❤️

කොරෝනා 😑

නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා
මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා
මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා
එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා....

කවි පද ලීවට, ගී වැල් ගැයුවාට ,
උබට නොඇසෙන බව අප දන්නේය....

නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප
උබ පරදවලා අප ජයගනු නියතමය... 🙏



(හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ 😘❤️ )

💕මිලා💕🖊️

...
...

❤️mila❤️

ටු සොවුල් මේට්, 💜️

පන්තියේ සය මසක් එකටම ඉගෙනුම ලැබුවේ
ඉන් එක් දිනක්වත් නොම මා දෙස බලා සිනාසුනේ
එවිට මා ද ඔබ පිලිබද සිතුවෙ මෙසේ,
ආඩම්බර කොල්ලෙක්යැයි කියා අනේ.... 🙃

දිනක් ඔබව චාරිකාවෙදි දුටුවේ
එවිට නුහුරු හැගුමකින් මා සිත වෙලා ගියේ
නුබ දෙස බලා මා හදවත සසල වුනේ
නුබෙ ගතිගුන දුටු මා සිත වශීවුනේ..... 😍

බසයේ යනෙන විට ඔබ මා සමගම සිටියේ
සුලු මොහොතකින් හොද මිතුරන් වුයේ
නමුත් මිතුරුදම මොහොතකටම සීමා වූයේ
ඔබ මාගෙන් බහ දෙන්නට විමසුයේ..... 🙄

එය ඇසූවිට මා පුදුම වුනේ
කුමක් කරන්දැයි හදවත නොම කීවේ
ලැජ්ජාවෙන් ඔබ දෙස බල සිනාසුනේ
සිතා බලා පවසන්න කියා නුබ මිතුරන් දෙසට ගියේ....😯

සත් දිනකින් මා නුබ හට බහ දුන්නේ
එදින පටන ඔබ මා ආදරයෙන් උන්නේ
නි‍රතුරු මා අසලම සිට මා රැක්කේ
පියාගෙන් පසුව මට ලැබු සෙනෙහසිනේ.....😚

අදට වසර දෙකක් ගතවුනේ අපෙ ආලයට
මියෙනා තුරු මෙසේ ඉන්නට නිරතුරු පතමි මම
මැනවින් ඉගෙනගෙන, නුබවද තැනකට රැගෙන
නුබෙ පතිනිය වෙන තුරු ඉවසුම් නෑනේ මට....😘

💕මිලා💕🖊️

...
...

❤️mila❤️

මස්සිනා වෙත,

දූගේ සතුට මවගේ සතුටම හින්දා
ඈ වෙනුවෙන් දියනිය ඔබ හට දුන්නා
අදින් පසුව ඔබ ඈ රැකගනී සිතා......

ඉපදුන දා පටන් මා සමගම සිටිය
අක්කන්ඩිය දැන් බාරයි ඔබට
පිය සෙනෙහස ඇය හට නොම උරුම
නමුදු ඔබ ඇය හට පියෙකුවන මෙන් අයදිමී මම 🙏.....



💕මිලා💕🖊️

...
...

❤️mila❤️

සහෝදරී 😘❤️ ( සෙනූ )

උසස් පෙල පන්තියෙදි මට ඈ හමු වූයේ
මුල් දින වල හරිහැටි නොම සිනාසුනේ
බත් කන විටදීද ඈ තනියම කෑවේ
ඈ උඩගු යැයි මාගේ සිත මට කීවේ .... 😒

එලෙස ටික කලක් ගතවුනේ
අපෙ පාසල් කාලේ.....
ටික කලකින් ඔබ මා හා මිතුරු වුනේ
මිතුදම අවසානේ සහෝදර බැදීමක් වූයේ......

සතුටේ නැතත් හැම දුකෙදීම මා ලග සිටියා
මව මෙන් ඔවදන් දී මා යහමග යැව්වා.....
නොදන්නා, දේ නොපැකිලව
මා හට ඉගැන්නුවා.......

ඔබගේ සෑම බලාපොරොත්තු ඉටුවී
සතුටු සිතින් ,
නිරෝගීව දිවිගෙවන්නට ලැබී....
දීර්ගායුශ ලැබේවා යැයි මා පතමි....🙏

💕මිලා💕🖊️

...
...

❤️mila❤️

බිදුණු හදවත 😔💔

දෙවසරක් ආලයෙන් වෙලී සිටියත්
මාව පන වගේ ආරක්ශා කෙරුවත්
දැන් ඔබට මා එපා වී ඇත්තේ
කුමන හේතුවකට දැයි කියාපන් රත්තරන්...

නුබට ඇති ආලේ වැඩි කමට
උබ ගැන ඔනවටත් වඩා සෙව්වා
එයම දවසක ඔබට මාවම එපාවේයැයි
මා නොසිතුවා....

කුමක් සිදු උනත් රත්තරනේ
උබට ඇති ආදරේ නෑ අඩුවක්....

නුබ සතුටිනන් මගේ සතුටද එයයි
උබ වෙනුවෙන්ම දරාගන්නන් මෙමා... 😑

ඉන්න තැනක සතුටින් හිද
ඉහලටම යන්නට ලැබෙන්නට කියා
අදිටන් කරමි මෙමා......

නුබේ පතිනිය වීමට මම
හීන මැව්වා මහා ගොඩක් ...
ඒ හීන වලලා දමන්නේ කෙසේ මා....

නමුත් දිනයක නුබේ පතිනියට දුකක් දෙන්නට
නොම සිතනු මැන .......🙏

💕මිලා💕🖊️

Top writers

Stay in touch