Nisadas / Writer / ✍️කවිකාරි ✍️

Writer Profile

    Circle Image
    ✍️කවිකාරි ✍️
    Nisadas: 13

...
...

✍️කවිකාරි ✍️

...ගැලපීම...

අමාවක දවසකට
කලුවරට රෑ අහස...
සෙමින් ඉකිබිඳ හැඩුවා
සදසාවි නැති සොවින...
පුර පෝය ආ දාට
මුළු අහස ලස්සනය...
ඉතින්
හරි හැඩකාර
ගැළපීම එය නේද ?....
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...හුස්ම...

මතක අස්සෙම ගුලි වෙමින් මම
සිහි කෙරුවේ නුබේ ගතේ රස්නෙයි...
එදා නුබ හා දග කෙරූ ඒ
ලවන් පෙති අද දුකින් හිනහෙයි...
ජීවිතේ මගේ හුස්ම සැමකල්
ඒ නුබයි මගේ හිමියනේ...
ඉතින් යන්නට අවසරයි මට
හුස්ම එක්කර වාතලේ...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...රිදෙන හදවත...

රිදෙන හදවතේ රිදුම් සගවා
හැමදාම රෑ කදුලු බිව්වා...
කවියෙකුට බැරි උනත් සනසන්න
ඒ හිත....
මහ රෑට කලුවරට පුලුවන
අඩන ඒ හිත සුව කරන්නට...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...ගමේ පන්සල...

හිත නිවන ඔසුසලය
අති පරම මනරම්ය...
දෙව් බබුන්ගෙත්
පිදුම් ලබනා
ලොව්තුරා ඒ පුණ්‍ය භූමිය...
දෙනෝ දාහක්
වැදුම් ලබනා...
භූමියයි ඒ ගමේ පන්සල...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...හන්තාන හද...

පුරුදු විදිහට එදත් පුරහද
පෑව්වා හන්තාන අහසට...
සීතලේ අපි ලංව තුරුළු ව
ගෙව්වා මතක ද
අනුරාගී පැය...
අනේ ඒ දවස් බොද කර
වෙන් වුණා අපි
හිතම සුන් කොට...
පෙම් කෙරූ ඒ දවස් සිහිකර
හන්තාන හද අදත් පායයි
මගේ දෙස හොරහින් බලාගෙන...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...රෑ සදයාමේ...

සදක් සේ හිනහෙන්න
සදක් සේ පායන්න...
අමාවක කලුවරට
පුර සදව පැහැ දෙන්න...

අහස් කුස සරසන්න
තරු සමග මුමුණන්න...
සිසිල් සද කිරණ ගෙන
මගේ ගත දෝවන්න...

ඔබේ සද කිරණ ගෙන
මම කුමුදු මල ලෙසට...
ඔබේ මුදු පහස ලැබ
පිපෙමි රෑ සදයාමේ

තුන් ලෝකයට රහසින්ම...

...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...පැතිකඩ...

ප්‍රේමය සුන්දරය
කිසිදා නොව මිලින වන...
ආදරය ලස්සනය
නමුත් එය නම් භයංකාරය...
දිරන රූපෙට වහ වැටීගෙන
කරයි නම් කෙනෙකුන්ට ආලය
දැන ගනින් එය නොවේ ප්‍රේමය...
ප්‍රේමය නම්,,,,
කල්පයක් හෝ දුරින් හිටියත්
පපුව ගැහුනෙම එක නමින් නම්
නියම ප්‍රේමය එයයි මනරම්...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...ආත්මෙන් ආත්මෙට...

සසර පුරුද්දට මෙන්
ගැහුණා හදවත
නුබේ නාමෙන්...
පෙම් බදිනවා අදත්
පුරුදු ලෙසට ම
මේ ආත්මෙත්...
ප්‍රාණයට සමවේය
හුස්මටත් ලංවීය...
ඉතින්,,,,
පෙම්වත
මම වේ ය නුබේ
පාදපරිචාරිකාවම...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...සප්ත ස්වරයෙන් ආරාධනාවක්...

කවිය නුබ නම්
තනුව මම වෙමි
එක්ව ගලපමු
සප්ත ස්වරයක්...
මිහිරි නාදෙට
පද සුසර කොට
ගොඩනගමු අපි
පැදි පෙළක්...
ස්වරය ගලපා
වචන අමුණා
කරමු ප්‍රේමෙට
💖...ඇරයුමක්...💖
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...පේරාදෙණි අහස යටින්...

මන්දාරම් අදුරු අහස යට
නුබේ අතින් අල්ලාගෙන
ගියා මම නුබ හා දුර...
මතක අස්සෙම කිමිදෙමින් මම
හැරි බැලුවෙමි
පේරාදෙණි දිහාවට...
මැවුණා චිත්තාරූපයක්
ලවන් පෙති මත සිනා රදමින්
පේරාදෙණි මල් වත්ත පුරාවට
තියේ අපි දෙන්නගේ සිනාහඩ...
මල් වත්තේ ඇති මල් පවා
දුටුවා නුබ සිප ගත්තා කියා
නෙතින් කදුලක් ගිලිහුණා
කොපුලතක් මගෙ සිපගෙන...
දෙකපුල් පිසදාගෙන
නැවත පියමං කෙරුවා මං
නුබේ ආසම
සුදු අරලිය මල ගෙන
අරන් නුබ හා තනි වන්න
නුබව වලලපු නුබේ සොහොනට...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...පෙම්වතකුගේ හිතෙන්...

පුරුදු පාරෙම
යනවා මන් අද
මගේ තනිකම හිතේ රන්දා...
දහස් පොදි බැදි
හීන කැන් අද
මගේ විතරක් වූ නිසා...
නුබේ නමටම
පේ වෙලා මන්
මියෙන්නට දින ගණිනවා...
ඉතින් මැණික,,,
ඉන්න තැනකින්
ඇවිත් පලයන්
මියෙන්නට මොහොතක් තියා...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

...උත්තරීතර ආදරයක අප්‍රමාණ පරිත්‍යාගය...

දුටුදා පටන් ඔය රුව
ගැස්සුණා හද මඩලම...
කෝල බව පිරි නුබේ
අහිංසක නෙත් යුගල
කියයි එක
කතාවක් මට....
පෙම් කලා මන් නුබට
දුටුදා පටන්
මගේ මැණික...
කරකාර ගෙන යන්න
හීනෙනුත් හැදුවා මන්
ලස්සනට මගුල් පෝරුව...
එක් අදුරු වැසි දිනක
කණකොකා හැඩුවා මගෙ පෙමට
පණ වගේ පෙම් කරපු
මගේ පුංචි සුදු මැණික...
ඒ විසල් පපුතුරට
තුරුලු දුටු මගෙ
නෙත් කුමට...
කිය හිත හදාගෙන මම
නුබේ අයිතිය ඔහුට පුද කර...
පුද කලා මන් මගේ දිවියම
ඈතින් එන බදුලු දුම්රියට...
...කවිකාරි...

...
...

✍️කවිකාරි ✍️

....සංසාරගත හුස්මක සුවද...

අහම්බෙන් හමුවුණ නුබ
නැතිව බැරි වුණි ඉතින් හැමදින
අවුරුදු ගණනාවක් පුරාවට
හොදම මිතුරා නුබම විය මට...😍

ආදරෙන් නුබ සැමදින
මැට්ටි යැයි ඇමතිය
මැටි වැඩ කරන නිසාවෙන
මමත් නුබ හට මැට්ට යැයි නම දිය..😊

හිතන්නට බැරි දිනක්
අමතක නොවන දවසක්
සෙනසුරුගෙ අහසයට
ඉදන් නුබ බහ ඉල්ලුවේ ආලෙන්...💞

මගේ නමට නුබ ලග ඇති සෙනෙහස
දැනන් සිටි අය බොහෝ ලග ඇත
මගේ මව්නද එය දැන සිට ඇති බව
දැන ගත්තේ මන් එදා දහයට...🤭

නුබ නමට පේ උනා මම
අපේ මිතුදම නැවතුමක් කොට
රණ්ඩු සරුවල් කොතෙක් වූවත්
අත් නොහැර අපි අපේ ප්‍රේමය...🙈

නුබට අනුව මම පොඩි එකෙක් විය
මට අනුව නුබත් පොඩි එකෙක් විය
අපි එකට සිටින කල
බබාලන්තය ඊට සමවිය...👶

ඉතින් මගේ පණ මට නුබම විය
ප්‍රේමයෙන් එක්වන්න පෙර සිට
දිනමි දවසක නුබ සමග මම
ලෝකයට රහසින්ම දවසක 👩‍🎓

හැමකල්ම නුබ මගේ ප්‍රාණයයි
පියාගෙන් පසු නුබ මගේ මහ ඇත් රුකයි
ඉතින් උපදින හැම භවයකම මම
නුබේ අත ගත් පාදපරිචාරිකාවයි...🤴👸

...කවිකාරි...

Top writers

Stay in touch