Nisadas / Writer / ❤sami❤

Writer Profile

    Circle Image
    ❤sami❤
    Nisadas: 7

...
...

❤sami❤

තාමත් ආදරෙයි මං

ආසයි ඔය ගැහෙන පපුවේ සුවද හොයන්නට
ආසයි දිලිසෙන දෙනෙත් සමග දොඩමළු වන්නට
ආසයි වල ගැහෙන කම්මුල් මත සිනිඳු හාදු තවරන්නට
ගැහෙන පපුවේ ඇති සෙනෙහේ
තාමත් නුඹගෙ පමණි .......

...
...

❤sami❤

-සමාජ මාධ්‍ය ජාලා-

"දැනුම,වින්දනය සදහා අත්මෙවලමක් වුනු
සමහර ඇයොන්ට එය තම ජිවිතය වුනු
තම පෞද්ගලික ජිවිතය විදහා දක්වයි එහි නිරතුරු
උපදෙසක් දෙන්නම් මා,
එය ජිවිතයම නොකරගන්නා
ලෙස මින් මතු"

...
...

❤sami❤

-පැමිණ මා වැළදගන්න-

"සතුට දොරෙන් පැන දුවද්දි........
සිත වෙලාගත්තේ දුකම පමණි...
ආදරය විරහාවක් වුනේ...
ජිවිතයම එපා කරවමිනි ......
හින,බලාපොරොත්තු පොදි
තිබු ජිවිතය...
හිස් වුනේ නුඹ නිසාවෙනි ......
තවත් බැ දුක ඉවසන්නට ....
මේ හිතට බර වැඩිය ඒ දුක.....

මාරයා, ඔබට බාරයි මගේ ජිවිතේ ......
විගස පැමිණ මා වැළදගන්න........

...
...

❤sami❤

-අන්තිම බලාපොරොත්තුව -

"ඔබේ කුළුදුල් පෙම මා හට පුද කරද්දි........
මාත් මගේ කුළුදුල් පෙම හදවතින්ම පුදකලා......
සිතුවේ ජිවිතේ ලස්සන කරයි කියා......
නොසිතූ මොහොතක ,
මාගේ ජිවිතේ ගිල්ලූවේ දුක් ජාලාවකය.......
නුබ මගේ සිත රිදව රිදව සතුටු වෙද්දි........
මේ පුංචි හිතේ ඇති වුනේ නැ රත්තරනේ වෛරයක්....
දිගු නින්දකට යන්න ආසයි එත් ඔබේ ප්‍රාණය ගැන සිතා ඉවසමි........
ටික දවසකට ඉන්න දියන් සැනසිමේ.....
ඉන්පසු යන්නම් දිගු නින්දකට ඒ සැනසිමෙන්ම....
එයයි මාගේ අන්තිම බලාපොරොත්තුව 😔😔"

...
...

❤sami❤

*ඒලෙවල් සහ සරසවි සිහිනය *

"එක බත් එක බෙදන් කාපු......
අවසන් පෝලිමේ ඉදන් නිදි කිරපු.......
පන්ති කලින් ඇරුණු දාට පිස්සූ නටපු........
දිව යන්නට ඇත්නම් ඒ සුන්දර අතිතයට ........"


"අවුරුදු දෙකේ පිස්සු නැටුවා......
එත් ඔලුවේ තිබ්බේ......
සරසවි හිනේ විතරමයි......
හිනේ නිසා පේ වුනා........
නිදි දෙව් දුවත් පන්නලා......."


"මිතුරන් හට සරසවිය සිහිනයක් වුනු.......
මා හට එය අවැසිම වුනු........
වරම් ලැබේද යන්න සරසවි පිං බිමට........
බලා හිදින්නම් ප්‍රතිඵල එනතුරා ......."


"වරම් ලැබුනොත් සරසවි යන්නට........
දකින්නට පුළුවන් ......
මාපිය දෙපළගේ සතුටු කදුළු.........
අවැසිය මා හටත් එය දකින්නට........."

...
...

❤sami❤

❤😔❤😔

"අහම්බෙන් හමුවෙලා......
දැන් ජිවිතේම වෙලා........
ආසයි හින මාලිගා තනන්නට......
නමුත් ,බයයි අතරමැදියෙක් නිසා....."


"දුකම පමණක් තිබු ජිවිතේ......
සතුට කැන්දුවේ ඔබම පමණයි.......
ආසයි නුබේ වන්නට.......
හැකි වෙවිදෝ....
ඒ හිනේට පන දෙන්න......."


"අහිමි වන බව දැන දැනත්......
හින මවනවා මහා ගොඩක්......
පන ගැහෙන මේ පපුවේ.......
උරුමකරු ඔබම පමණි........"



"එක් වන්නට බැරි වුනොත්........
පේ වෙන්නම් නුබ නමින්.......
මතු භවේ මගේම......
වේවා කියා......."

...
...

❤sami❤

❤ප්‍රථම ප්‍රේමය ❤

"දුටු මුල් දිනේ......
ඇස් ගැස්සුනා නුබේ රුව දැකලා......
හදවතේ ආදරේ ඉතිරුනේ.....
නුබේ හිනි දිගැටි ඇස් වලින් මා ඇමතු නිසා .....
හිත පතුලේ හිනියට ඉරිසියාවක් මොදු වුනේ.....
නුබ අන්සතු වෙයි කියා....."


"අන් අයට නොතෙරුනු මටම පමණක් වැටහුනු.....
භාෂාවක් තිබුනා අපි ලග......
මුවින් දොඩමළු නොවුනත් ...
ඇස් වලින් දොඩමළු වුනා අනන්ත වාරයක්......
මතකද නුබට......"


"කිසි දිනෙක මා අමතා නැති නුබ.....
පළමු වතාවට මා ඇමතුවා .....
ඒ සතුට මා සංකේතවත් කලේ.....
දෙනෙතින් රුරා ආ කදුළු කැට වලිනි....."

Top writers

Stay in touch