Nisadas / Writer / *$@n¢hi*

Writer Profile

    Circle Image
    *$@n¢hi*
    Nisadas: 12

...
...

*$@n¢hi*

වෙනසක් නොවේ....

අද,
ඇය සිටියානම් නුඹ ලග...
හුදු,
මා මතකයක්ම පමණි නුඹට...
නමුදු,
වෙනසක් නොවේ...
මන්ද,
මා ඔබගේ මතක පොතේ පෙර වදන ලියා දැනිදු අවසන් බැවිනි...

...
...

*$@n¢hi*

කතාව නිමි...

එක්වන සියල්ලෝම පෙම්වතුන් නොව...
වෙන්වන සියල්ලෝම ප්‍රේමය හැරදාද නොයයි...

විටෙක ආදරයේ වැඩි කමටද
වෙන්වන්නෝ වෙති...

නුඹ මා අහසට පොළව මෙනි
අහස - පොළව කිසිදා එක් වන්නේ නැත...

නමුදු විටෙක එක් වෙති ඇතමුන් ඊට ක්සිතිජය
යැයි නම් තබති...

ඉදින් මුලාවකි...
අද ආලය අප මුලාකරන්නාක් මෙන්...❤

...
...

*$@n¢hi*

ජිවිතය...❤️

මග හැරුණු කවි කමට
කවිකාර සිතුවමට
පාට ගෑ සායමට
නෙක් වර්ණ මුසු කරන...

නිර්මල ගමනක
ගමනාන්‍තයේ මග නොපෙනෙන
පෙනෙන තැන නවතින
නොනවතින ගමනාන්තයක...

අතරමං වූ තොටුපලකි...

...
...

*$@n¢hi*

මතු දින...❤️

උඩු ගුවනින්
නගන හෙන හඩ
මහ පොළවට පතිතවන
මහ ගිගුම් නද
මැදි උවත් මහ වරුසා...
සබද,
හෙට දින මල් පිපෙයි
නැවුම් එලියක් ලබා...

...
...

*$@n¢hi*

රාත්‍රීය...❤

නිසල සද,
අමාවකට අත වනයි
රැය දිගු වී
නිදි මරයි...

නිල් අඹර
තරැ පිරි වරා
නොමැති මේ රැය
දිගුය මට ඉතා...

අද හෙටත්
අදුරු අතීතයත්
එකයි
දැන් මට...

හඩා වැලපි
ගත වූයේ නිමේෂයක්
පමණක් වූ අද,

දිගු රාත්‍රීයකි...

...
...

*$@n¢hi*

හති වැටුණු ජීවිත!!!

නොලැබෙන දේ
පිටු පස දුවලා - දුවලා හති
වැටුණු මිනිසුන්ට...
අන්තිමට ලැබුනේ වෙනම
දෙයක්...🥀

...
...

*$@n¢hi*

දුර ගිය අතීතය...❤

ගෙවෙන මොහොතේ
හිත හුගක් දුර ගියා
මතකයන් පමණක්
ඉතිරි වූ අතීතේ
දුක හුගක් වැඩි වුණා...

නුඹම පමණක් වූ කතාවේ
මතකයන් සිහි වුණා
සිහිනයන් අතරේ කිමිදුණා
අතීතයේ මතකයන්
තුරුළුකර හඩා වැටුණා...

ගෙවෙන මොහොතේ අතීතය දුර නිසා
ඉන් මිදී යළි පැමිණියා...❤

...
...

*$@n¢hi*

නොඉඳුල් ප්‍රේමය ❤

හදවතින් ලං වෙලා
ජීවිතෙන් හැර ගියා
මතකයන් බිද දමා
ඉතින් මන්ද යලි මෙදා...

මං මූලා වූ සමනලියක
පාර අසා
නොඅසන්න ඒ කතා
පලක් නැත විමසා...

මැවූ ඒ රස කතා
මතකයේ කොනක රදවා
හිදිමි මා මග බලා
නොඉඳුල් ප්‍රේමය සිරසින් දරා...❤❤❤

...
...

*$@n¢hi*

....


ප්‍රේමය වූ කලී,
එක් වූවන්ගේ රජ දහන නොව...
වෙන් වූ වන්ගේ මතක සටහන්ය....

...
...

*$@n¢hi*

අවු මුතු මල්...නුඹ වගේ...

නගන මහ ගිගුම්
හඩක් වී මොර තලයි
වදින හෙන හඩ
අමෝරා වැසි
පොළෝ තලයම සිප ගනී
වරම් නැති හිරැ
වළා අඹරෙම හඩා වැටේ

හිරැගේ අගය දන්නා වැසි
හිරැත් සමග ඇදී හැලෙයි...

...
...

*$@n¢hi*

මතක මංසල අසබඩ යළිදු වෙන් වී ඇත ❤

කාලයක් මටත් තිබුණා
ජිවිතේ කැප කරපු දේවල්
යළි යළි මතකය උණා
අතීතය දුර නෑ අපි එක් වුණා
යළි සුසුම් රැළි පා වුණා...
මහද සිතුවිලි හද දරා
අතීතේ එක නිම්නයක අපි හමු වුණා
මල් පාට ගෑ සායම් වලින්
සිනහවට පාට අපි එක් කළා
එකම එක වැහි පොදක් පාට පොත සේදුවා...

යළිදු,
නුඹ අහස වී
සුසුම් හෙලන මා
ලෝ තලය වී...❤

...
...

*$@n¢hi*

රසාලිප්ත මතකයක සොදුරු නිමේෂයක් ❤

දහසක් අරමුණු පොදි බැදන්
තැබුවෙමි ඔබ අසපුවට හිස නමා පා
එදා බැදි ඒ ප්‍රේමයේ
නැවුම් සුවදයි අදත් ගලනුයේ...

හදවතේ රැදි දහසකුත් වියෝවක ගී
එලිසමය සොයමින් ලතවෙයි
තවමත් ඔබේ නමට
ලීයූ ගී...

පුංචි සංදියේ අතරමන් වූ හද
ගිගුම් නගනූයේ රස මතකයන් හී
සුවද සොයමින්
යලිදු වසරක් දෙන්න මට
ඔබේ නමින් රැදී සිටින්නට...

මඩුලු මවුනි සැමදා
රැදෙමි හද තුළ ඔබ නමින්
උපන් ආලය
නොරහසකි එය සමුගනිමි තව
නිමේෂයකින්.....

පුරා වසරක් රැගෙන ආ
ආලයේ රස මිහිර
අසුනු සැනකින් ගෙවී
යන බව සිහිනයක් මට
සත්තකින් එය සිහිනයක්මය...

(පාසල තරම් සුන්දර අතීතයක් යළිදු නොයනු ඇත)

Top writers

Stay in touch