Nisadas / Writer / Amali Dayarathne

Writer Profile

    Circle Image
    Amali Dayarathne
    Nisadas: 4

...
...

Amali Dayarathne

නුඹ නෑවිත්ම හිටියනම්

නුඹට තිබුණෙ මගෙ හිතට නෑවිත් ඉන්න
එහෙමනම් මට තිබුණා මේ මල් පාරෙ
මුකුත් නොවුනා වගේ යන්න

ආදරේකට හේතු නොසොයන්න
තව ටිකක් කල් අරන්
නොගැළපෙන තැන් ගළපන්න

සතුටිනුයි ඉන්නෙ කියල පෙන්නන්න
දැක දැකත් නොදැක්කා වගෙ
මට බැහැ නුඹ වගේ යන්න
හිතවත ඔය නපුරුකම්
තවත් බෑමයි ඉවසන්න...

අමාලි දයාරත්න

...
...

Amali Dayarathne

අපිට අපි...

අපි ආදරේ කළ තැනක
හැමදේම එකතැන
ඒත් අපි දෙතැනක...

...
...

Amali Dayarathne

ආදරේ ඔන්න ඔහෙ තිබුණාවේ

යනවා නම් යන්න
හැබැයි ආයෙත් එන්න
නුඹ නොඒනම් කියන්න
මටත් නෑවිත් ඉන්න

...
...

Amali Dayarathne

වේදනා

නුඹ ඉරක් වගෙයි
ළංවෙන්න
මං පිච්චෙනවා විතරයි

අමාලි දයාරත්න.

Top writers

Stay in touch