නුඹ නොවේ පලමු මල..
නුහුරු කටු මත ඉපදුනේ නුඹ
නපුරු බව දැනගෙන නොවේ
සැලෙන නල කටු තුඩින් ඇනුනද
නොහඬනා මල් කැකුළියේ
විහඟ ගීයක සැදැහැ දෑතක
නොගැටී පින්මද බොලදියේ
කටුක දුක් කප්පරක් නුහුලන
ගැහැනියක දුටුවෙද ලොවේ
සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ
බමරු වෙත ආපසු යවා
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා
රතුම රතු බිම පතිත පෙති මත
කඳුළු බිඳු රැඳුනද මගේ
කියමි කුමරිය මෙලෙස මියදුනු
පළමු මල නම් නුඹ නොවේ........