Nisadas / Writer / ✍️Nilushi Nisansala✍️

Writer Profile

    Circle Image
    ✍️Nilushi Nisansala✍️
    Nisadas: 47

...
...

✍️Nilushi Nisansala✍️

අසරණ තාත්තා !!!

තියා මා අත රෝස කකුලක්
නුඹ දුරක ගිය දා .
හැඩුවෙ නෙත නොව හදවතයි මගේ, නුඹේ සොහොනේ හැපිලා
ගියත් කාලය සැනින් එසනින්
දිනෙන් දින ගෙවිලා.
නුඹේ රුව මට අදත් පෙනෙනවා
ගේ පුරා මවිලා.

වැටී වැටී නැඟිට ඇවිදින ,
දගකම් කරනා ..
මවගේ සෙනෙහේ සොයමින් ,
ඉකිබිඳ හඬනා ..
සුරතල් කතා ඉඟි කර ,
නෙතගින් කියනා ..
දූ ට මවක වනු බැ මට ,
කිසි ලෙසිනා..

එක එක අකුර ඇහිඳන් දූ කියන කතා .
හරි ,ලස්සනයි කියනා විට මට ,
තාත්තා .
අසන දිනක මව ගැන දූ ,
නැතුව කතා .
මුනිවත රකිමි, හඬමින් ,
අසරණ තාත්තා ..................

...
...

✍️Nilushi Nisansala✍️

අම්මා

මියැදි තම පුතු පපුවේ රඳවා කිසාගෝතමී ඉකිබිදිද්දි.
පනැති තම පුතු දමා යයි මඟ අම්මේ කියමින් අඬගසද්දි.
වත්මනේ මව් සෙනෙහේ සුළඟේ ගසන් ගියා සේ වැඩ කරද්දී .
උතුම් මව්වරු ලොවේ ඇති බව දැනුණා මගේ අම්මා දකිද්දී .

...
...

✍️Nilushi Nisansala✍️

පිය සෙනෙහට කව් ගී ලියවුණා මදී.....

සිරුරේ දාහය විලවුන් සුවඳයි ,
දිවියේ මිහිරයි
අප්පච්චි .
නිවසේ දැල්වෙන නොනිමෙන, පහණයි .
අප වටකර දඬු වැට වෙච්චි .
අව්වැසි, දහවල, තුන්යම නොනිදා. ගිනි අව්වට පිච්ච් පිච්චී.
අප දිව් එලිකල යෝධ සවිය,
නුඹ .
මාගේ ආදර අප්පච්චි ...................

...
...

✍️Nilushi Nisansala✍️

කියමින් පොඩිවුන් රකින්න!!!!!!

වීදී සරනා මැදියමේ
නැතිව නින්දක් තුන්යමේ
පොඩි එවුන් ට්ක හාමතේ
නොතියන්න ඈ වෙහෙසුනේ
දිගු කෙහෙරැලි කොටට කපන්
නෙක පාටින් හැඩ ගල්වන්
අඩියක් ඔසවා තබනට ඒ තරමට හිරට ඇදන්
සැබව්න් ලස්සන ඇගෙ මුව පාට ගල්වා අමුතු කරන්
වීදියකින් විදියකට
උස් අඩි පා පෙරළී පෙරළී
ඈට නොහොබිනා ගමනින්
ඇගේ දෙනුවන් කරකවමින්
දකින එවුන් පද හාදාව්
වැදුමවට දෝස් කියාවි
නුඹේන් ඇත්ත නොම අසාවි
නමුදු නුඹට ශාප දේවි
කුසගින්නේ හඬන කළට
පොඩිවුන් හට කන්න දෙන්න
පියෙකු නොවේ නම් ඔවුන්ට
කන්න ,බොන්න දී රකින්න
රැකියාවන් කොතෙක් ඇතිද ?
මේ ලෝකේ වෙන කරන්න
වැරදි නුඹ යන මාවත
කියමින් පොඩිවුන් රකින්න..............

...
...

✍️Nilushi Nisansala✍️

........

ගෙවු දිව් ගමන තුළ
හිමි දේ අල්ප මුත්
අහිමි වු දේ බොහෝමයි.
ඉටුනොවුන අරමුණු අතර
ඉටුවුන සිහින අතැඹුලයි .
දුකින් කදුලැලි සැලු දහසකුත් ,
දින අතර
තුටු සිතින් සිනාසුණු දින ගණන්
දෙක ,තුනයි .
වැටුනු හැම දහස්වර
යළිදු වෙරගෙන සිතට
අදිටනින් වැඩ කළේ
දිනක ,
රජ වනු නොවෙයි .
මෙලොව දුටු දා සිටම
දෙනෙත් සේ මා සුරැකි
මගේ මාපිය දෙදෙනා
රැකබලා ගන්නටයි....................

...
...

✍️Nilushi Nisansala✍️

ඒදා වාගේම ආදරෙන් 💝💝💝

කාලයේ වැලිතලා අතරේ
ලොවට රහසේම සැඟව වළලුණු
කුළුඳුලේ පිපි මිලිණ වී ගිය
මටත් තිබුණා ප්‍රේමයක්
ලොවෙන් සැඟවූ ප්‍රේමයක්
දින ගණන් රැය පහන් වනතුරු
නුඹේ නාමයෙන් කවි වදන් ගෙතු
මටත් තිබුණා ප්‍රේමයක්
ලොවට නොකියු ප්‍රේමයක්
අදත් සිහිකර හඬනවා මම
ඒදා ලියූ කවි මතකයන්
එයි කියා පෙර මඟ බලන්
ඒදා ඒ ගෙවූ සොඳුරු මතකය
දැනෙනවා අද ඊයේ විලසට
පපුව ගැඹුරේ අදත් නිහඬව
නිදාවී මතකය හෙටත්
නුඹ නොදන්නා මුත් කිසිත්
ඒදා වාගේම ආදරෙන් 💝💝💝💝💝

...
...

✍️Nilushi Nisansala✍️

අප්පච්චි

ලියැවුණු නමුදු නෙක කවි පද මව් පෙමට
කිම නොලිවුනේ ගී කවිපද පියතුමට
අඩුවක් වුණි ද දැක්වු මහ සෙනෙහසට
මහමෙර උසට සෙනෙහස ඇත පපුවයට

අම්මා මෙන් අප තුරුලේ නොරැදුවත්
මුව සිප සනහා ආදරබස් නොකියුවත්
හදපිරි සෙනෙහේ නිති අපවෙත නොපෙන්නුවත්
පිය සෙනෙහස දෙවැනි නොම වේ කිසිවෙකුටත්


දහදිය හෙලා දුක් වින්දෙ අපි හින්දා
රැ දහවල නොසිතා නුඹ නිති දුක් වින්දා
දුකක් නොමනොදි අපවෙත ඉසුරම කැන්දා
දිවි ඇතිතුරා රැකගමි පායුග වැන්දා

මගේ වත දිදුලද්දි වැහැරුන නුඹේ සම
මගේ සවි වැඩිවෙද්දි වැඩිවුණා නුඹේ පෙම
දිවි ඇති තුරා රැක ගන්නවා නුඹව මම
සැම දෙවියන් නුඹ රැකගයි හැමදාම

...
...

✍️Nilushi Nisansala✍️

👩‍🎓👍🎓👍

කඳුළක බර වැටහෙන්නෙ නෙතු අගට
සුසුමක තරම වැටහෙන්නෙ හදවතට
කඳුළ ,සුසුම ඇතිවන්නේ සිතේ
දුකට
කවදා සතුට හිමි වේවිද මගේ
සිතට !!!!!!!!!!!
වැටෙන වැටෙන සැම විටකම ගෙන විරිය
මට යා හැකියි තව බොහෝ දුර ගෙන දිරිය
පරාජයයි දිවියේ නොපෙනෙන එළිය
ඔබට ඔබ පමණි ලොව ඇති එක සවිය !!!!!!!!!

...
...

✍️Nilushi Nisansala✍️

මතට .

ගම, දාගැබ,පන්සල තුළ සිත රන්දා
ආදී සිංහලේ උතුමන් නිති වැන්දා
ආගම සදාචාරය වෙත පෙම් බැන්දා
ලෝකෙන් උතුම් රට වූයේ ඒ හින්දා

වියැකි ගොස් ඇත අද දහමේ අගය
ලොල් වී මතට මිනිසුන් ගෙවනා දිවිය
නොදනි ඔවුන්වත් සිදුවන විනාශය
අහෝ!සමාජය යන මේ අගාධය

මුදවා ගත හැකි වේවිද මේ
මිනිසුන්
මා පිය නෑ සියන්ගෙ ගලනා
කඳුලින්
පලවා දමා මත් රකුසා සමාජයෙන්
යහපත් යටක් බිහිකරලමු හැකි විගසින්

ලෙඩ දුක් විනා යමක් වේද මින් ලැබෙන
රුධිරය පවා වැනසෙයි සිරුරේ
ගලන
මියැදෙයි හෙමි හෙමින් දිවියත් ඔබ
නොදැන
රැකගත වෙවටිනා ජීවිතේ
පෙමින

දිව රැ නොබලා උපයන හැම කාසි පනම්
වැය කරනවා මත් වතුරට ඇයි??ලොබකම්
නොදනි නුබත් වැය වෙනවා
හැම වත්කම්
නොකොට මෙසේ නිති කරනුව
දන් පිංකම්

සොර මැරකම් ඉහළ නගී දිනෙන්
දින
මතට ලොල් බවයි මුල් වු
එක කරුණ
වටිනා දක්ෂ ජීවිත දැවෙනවා
තරුණ
දින දින පෙනේ වැඩිවෙන හැටි
ලොවේ මරණ

සූරාමිහිර වනසයි අපෙ ජීවිතය
ලෙඩ දුක් විනා නැහැ අන්කිසි ප්‍රතිඵලය
වටහාගෙන දැන්වත් මේ විනාශය
මතට තිත තබා ජයගමු මතු දිවිය

...
...

✍️Nilushi Nisansala✍️

නිදහස

71 වන නිදහස සමරන මෙදිනේ
සිහිකරලමු දිවිපිදූ විරුවන් දෙරණේ !!!!!!!!!!!
එම විරුවන් නොසිටින්නට කිසිදු දිනේ
ලෙළදේවිද ???? සිංහ 🇱🇰 කොඩිය අද ගුවනේ ...............

...
...

✍️Nilushi Nisansala✍️

උපන් සෙනෙහේ මියදෙනු ඇත රහසේම !!!!

වාඩිවී බැංකුවක් උඩ මා
බලා සිටියේ නුවර වැව දෙස
සිතෙහි ඇති දේ කියාගන්නට
නොහැකි නිසා මුනිවතින් තනියම ,
හමා ආ මද සුළං පොදකින්
මා දෙනෙත් යුග වසාගෙන ගිය
සොඳුරු දිගු කෙහෙරැලක් අතරින්
පළමුවර නුඹ දුටුවේ මා නෙත්
සමාවන ලෙස නොයෙක්වර නුඹ
කියාසිටි මුත් ඇසුනෙ නැ මට
බලාසිටියේ නොසැල්වී මම
නොහැකි හින්දායි කතාකරනට,
පිළිරුවක් සේ මා සිටිනු දැක
සිනහ නැගුනා නුඹේ මුවගට
දහසකුත් දේ ඇතත් කියනට
වචන නොම එ මගේ මුවගට ,

තවත් දිනයක නොසිතූ විලසට
හමු වුණා මා දෙනෙත් අභියස
පැ සිනා මුතු දසන් සඟවා
මගේ සිතත් නොදැනීම බැඳුනා
කොතැන සිටිමුත් අහස යට අප
දිනයක හමුවෙවී නොසිතූ විලසක
සිත තුළ ආදරේ කෙලෙස කියන්නද
පෙර කළ කරුමෙට ගොළු වූ වරදට
උපන් සෙනෙහේ මියදෙනු ඇත රහසේම

...
...

✍️Nilushi Nisansala✍️

අකුරු අඩු ඇයි ගමේ ඉස්කොලේ ????

සිඹ කටු පඳුරු ගල්කැට යහමින් පිරුණු
නිරුවත් සිඟිති පා තබමින් යන තුරුණු
එකම ඇඳුම ඇඳ කිරිකොක් සුද මැරුණු
වටිනා මැණික් ඇත ගං දියේ යට ගැසුණු

කැලයේ පිපි කුසුම් අකලට පරවෙන කලට
පොල් අතු සෙවිලි කළ වහලයේ සෙවණ යට
ගුරුවරු නොමැති මුත් සැමදින පාසලට
කිරුළු දරන්නයි ගියේ මතු දිනයක හිසට

දුප්පත් වී ඉපදුන මුත් දිළිඳු කුලේ
අකුරු කරන්නයි පොඩි අපි ආස කලේ
හිරු රැස් නොදැක කුසුමන් ම්යදේවී කැලේ
අකුරු අඩු ඇයි ගමේ ඉස්කොලේ

...
...

✍️Nilushi Nisansala✍️

යා යුතුයි හැර ජිවිතේ.

ඉපිද ,
මියැදෙන,
විඳින ,
විඳවන,
නිමක් නොපෙනෙන ජිවිතේ .
නිසරු ,
සරු දේ ,
හොඳන් වටහා යා යුතුයි මේ මාවතේ .
කවදා ?
කොතැනක ?
කෙලෙස ?
නොදැනම යා යුතුයි හැර ජිවිතේ !!!!!

...
...

✍️Nilushi Nisansala✍️

මගේ අම්මා .

නෑ බඩගිනි ,මගේ දුවේ
උඹ කාපන් ඇති තරමේ,
ඇයි ? මට මේ අලුත් ඇදුම් ,
එමට ඇඳුම් පෙට්ටගමේ.
අව්ව වැස්ස මට තරමට
කාටද හුරු අපේ ගමේ
අදනම් ඉර සැරයි නේද ?
උඹ පලයන් ගෙදර දුවේ.
මට තාමත් නෑ නිදිමත ,
උඹ පාඩම් කරන් දුවේ
මම ඉන්නම් උඹේ තනියට
නිදිමතනම් කියන් දුවේ .
හිනාවෙයන් දුක සගවන්,
උඹේ උරුමේ කදුලු නෙමෙයි.
අද විතරයි මේ කළුවර ,
අපිටත් ඉර පායාවී ,දුවේ !!!!!!

කුමට කව්කම්
ලියනු බැරිනම්
එකදු කවියක්
නුඹ
නමින්.
උපන් දා සිට
දෙනෙන් සේ රැකී
මගේ ආදර
මැණියන් !!!!!!!!

...
...

✍️Nilushi Nisansala✍️

නොඑනු යළි කිසිදා

අහස පොළොවට පෙම් කළේ නෑ
හිමිනොවන බව දත් නිසා
එහෙව්, නුඹ ළග සොයා සැනසුම
අතරමං වී ඇත මේමා....

පටන්ගත් තැන නතර කළ ගිය
පෙම් කවක ඉතිරිය ලියා
තව කොතෙක් දුර යා හැකිද? මට
දැවෙන හද සතුටින් කියා....

අදින් පසු එන තව දිනක් ගැන
හිදින්නද? පෙරමං බලා
හිමිනොවන බව දැන දැනම නුඹ
කඳුළු අතරින් හිනැහිලා.....

අපේ නොමියෙන සොදුරු මතකයේ
මගේ ආදරේ සොය සොයා
එපා යන්නට අතරමං වෙයි
මගේ හිත තුළ නුඹ සදා.....................

...
...

✍️Nilushi Nisansala✍️

කෙසේනම් වෙනස් වෙද ? මෙලෙස මිනිසත් දිව්ය,දෙදෙනාම එකම එක අහස යට උපන් කළ.....

දියවෙන සබන් කැටයෙත් කැටයම් කොටලා
පයලන පාවහන් වල විසිතුරු යොදලා
ඇඟලන සළුපිළිත් කපුවෙන් නිම කරලා
ඇති අය රඟති නැති බැරි පොඩිවුන් පෙළලා

අණ්ඩ දමා ඇඳ ඇඳ වැරහිලි
ඇඳුම
නැහැ දිව බොජුන් තියා ,කුස පිරෙනට කෑම
ආස නමුත් අමතක කොට
ඉගෙනීම
දිව් රැක ගන්න වෙහෙසුනේ වුන්
හැමදාම

සේද,දුහුල් ,සළුපිළි නෑ දූගී
පැලේ
රන් අභරණ ,තොඩූ ,මාල නොමැත ගෙලේ
අසරණ වී ඉපදුන මුත් දිළිඳු
කුලේ
ඇති අය මෙන් නැහැ, පොඩි අපි වැරදි කලේ

සඳ ,තරු පෙනේ පොල්අතු වහලේ මැද්දෙන්
වහිනදාට නිදි නැත තෙමිලා වැස්සෙන්
කෙසේ වෙනස් වෙද ඒ අය පොඩි අපගෙන්
දිළිඳු නමුත් එක අහසක් යට මිනිසුන් .........

...
...

✍️Nilushi Nisansala✍️

සෙබළෙකුගේ කතාව!!!!

දහසක් මව්පියවරුන් රකින්නට
වැදූ මවගේ ළයේ ගිනිදැල් අවුලන
දෙනෝ දහක් දරු පරපුර රැකුමට
ලෙයින් උපන් දූ දරුවන් නොමැතිව
බදිමින් රටවට පවුරු වළල්
වෙහෙසෙනවා ගිනියමේ දහවල්
ලෝකය නිදනා අදුරු රැයෙත්
නෙත නිදි නෑ .තුන්යම ඇහැරන්
පවුලට සෙනෙහස නොමැත නිමක්
සැමට එහා මවුබ්ම වැදගත්
පොඩ් පුතු දකිනට සිහිනෙන්වත්
නොහැක නිදන්නට රට වැදගත්.......

...
...

✍️Nilushi Nisansala✍️

කුලය

සිතනට සිතින් දහසක් සිතුවිලි ඉල්ලා
කුලමල ජාතී ආගම් ගැන විමසල්ලා
සුරත් පැහැති ලේ මිස සියොළඟ දුල්ලා
නොදකිමී කිසිත් වෙනසක් ඇස්දෙක පල්ලා.

මොකක්ද ???? ඒ දැරිවිගේ කුලේ පුතේ ,

එයාගෙත් ලේ රතුපාටයි අම්මේ ,

මම ඇහුවේ සැරයක් ,මොකක්ද ?? කුලේ ,

මමත් කිවුවනේ සැරයක් ,

"මනුස්ස කුලේම තමයි "

...
...

✍️Nilushi Nisansala✍️

අවසන් කව !!!!

අහිමි පෙමකට
සිතින් ලතැවුල්
කුමට වගුරමී
මනෙතු කදුලැල්
මකා දමමින්
හදෙහි සිතුවම්
ලියමී කවියක්
පෙමට අවසන් .....



දෙනෙතේ කඳුළුන්
බොද වූ නුඹේ රුව
නොදෙමී සිත්තම්
වන්න සිත තුළ
හැකි ද?? පවසා
යන්න ඈතට ...
වුනිද, වරදක්
මගෙන් නුඹහට !!!!!!

...
...

✍️Nilushi Nisansala✍️

දුක !!!

දරාගෙන දුක
සිනාසුණු තැන්
කොතෙක් තිබුනත්
වැටුන තැන්වල ,

සතුට ඇතුළේම
දැනුන තනිකම
නිමක් නම් නෑ
යට් සිතේ සැගවුනු ,

අතහරින්නට,
පසුබසින්නට,
සිදුවුවත් යළි
නැගිට හිනැහෙනු

පමා වී මුත්
දිනක් මේමටත්
ඒවී සිරසෙහී
කිරුළු පළඳින 👑 .......

...
...

✍️Nilushi Nisansala✍️

දෛවය !!!!!

රන්වන් ලාම්පු දැල්ලෙන්
මකා අඳුර යාන්තමට
පාඩමට නෙත් යොමා
තුන්යමේ නිදිනැතුව,

පෙනේ සඳ ,තරු හොඳින්
පොල්අතු වහලයේ මැදින්
ඒ අහස දෙස නෙත් යොමන්
හෙලයි දහසක් සුසුම් කැන්,

වසිනදාට අනෝරා මහවැසි
ගැහි ගැහී ගත සීතලෙන්
දවාලයි හද වැහි දියෙන්
කඳුළු වී ගලමින් නෙතින්

දිනිදු උපදියි
යළිදු මියැදෙයි
කෙමෙන් දින සති ගෙවී යන්නේ
නොමැත සැනසුම තවම මහදේ
කෙදින මේ දුක නිමාවෙන්නේ...........

...
...

✍️Nilushi Nisansala✍️

කඳුළු

නෙතු කෙවෙනි බොඳ කරන්
හඬන්නට බැරිනිසා
සිතෙහි දුක සිරකරන්
සිනාසෙමී රැ දිවා
අතරමඟ නතර වුන
ජිවිතය පණපොවා
ඉදිරියට රැගෙන යමි
නතරවනු බැරිනිසා..............

...
...

✍️Nilushi Nisansala✍️

දුප්පත්කම !!

යදී සිඟමන් ඉල්ලා ජිවිතය
කුසගිනි නිමා ගන්නට කරනා වලිය
අසරණ දූගී දරුවන් මහමඟ නිදිය
අහස් වියන යට නිවහන මහමඟය

මෙලෙස වුනේ වුන්කල වරදින් ද? භවේ
කුලමල භේද කවුරුන් මැවුවාද ලොවේ
මව් ,පිය සෙනෙහේ හෝ වුන් දැකලා ද නොවේ
එනමුදු ගුණ ගයයි ,නැග නැග බැස රියෙන් රියේ.

...
...

✍️Nilushi Nisansala✍️

බුදුහිමියන් සියල්ල අතහැරි බෝමැඩ අස අප දහසක් දේ ඉල්ලයි?

අනියත බව වටහා ගෙන ජිවිතය
ගිහි සැප හැරදා කසාවතක් දරාගෙන
ලෙයින් උපන් කිරිකැටි පුතු ,ආදර ප්‍රිය බිරිඳ ,
අතැර ගියේ දුක අවසන දකින්නට
අනියත බව ලෝ පවතින ,උපන් හැම
සැම කෙලෙසුන් පරදා බුදුබව ලැබුව ,
බෝ සමීදුන් අභියස දණ නමාගෙන
දහසක් පැතුම් අයදින්නේ කුමකට ද ??

...
...

✍️Nilushi Nisansala✍️

සැබැවින් ම සතුට ඇත්තේ අතහැරීම තුළ පමණයි .

කළා ආදරේ මමත් නුඹහට
තවත් බෑ මා රවට්ටන්නට
මම නොවේ බොරු කළේ නුඹේ සිත
එකවරක් නොව දෙවරක්ම පිටපිට
කොතෙක් ආදරේ කළත් නුඹහට
නොහැගෙනා සේ ඉන්නේ කොහොමද ?
හඬා වැටෙනා විටදි පා ළඟ
සිටියේ නිහඬව ගලක් දෝ සිත ?
යළි නොඑම් මා දෙනෙන් අසලට
අහම්බෙන් මුණගැසුනොතින් මිස
දුකක් මිස තරහක් නොමැත මට
හිදීනම් නුඹ සතුටේ දොරකඩ
නුඹ ගියත් වෙන ලදුන් සොය සොය
මට හොඳයි මගේ පුරුදු තනිකම
සතුට රජයන සොඳුරු හෙටකට
යළි යළිත් සුභ පතනවා මම !

...
...

✍️Nilushi Nisansala✍️

💝සොයුරු පෙම ,💝

තනිව උරුමකන් කී
අම්මා ,අප්පච්චීගේ සෙනේ
තුන් කඩකට බෙදී ගියේ
නුඹලා නිසයි මල්ලියේ !
නැහැ තරහක් ඒ ගැන මට ආදරෙයිනේ පණ මගේ ,
දිවියේ ලද වටිනම වස්තුව
නුඹ දෙදෙනයි මල්ලියේ ..............
රණ්ඩු කළත් ,ගහබැන
විසිහතර පැයේ,
නොදනී නුඹලා
ඇති ආදරේ මගේ ළයේ ,
මතු මතුවත්
උපදින නෙක හැම භවයේ ,
සොයුරන් විලස
ඉපදෙමූ අපේ අම්මාගේ කුසයේ...........

...
...

✍️Nilushi Nisansala✍️

💔නුඹටත් හොර රහසින් 💔

හැකිනම් කඳුලින්
දියකර හරිනට,
පළමු පෙමක සටහන්
මා හැඩු තරමට
නුඹ සිහිනොවෙවී
යළි කිසිදින මටනම් ,
නුඹට හැකි නමුදු ,
මෙමට නොහැකි ඇයි ?
සොයමී අද ද මම නම්,
සමුගත් දා සිට
නාදුනනා ලෙස
නුඹ ගියේ අහක බලන්,
වෙන දෑතක බැදි
නුඹේ දෑගිලිවල
පැටලි නොමැති නමුත්
දිනක් ඒවී යැයි
සිහින මැවුවා මම
නුඹටත් හොර රහසින් !!!!!

...
...

✍️Nilushi Nisansala✍️

ඇයත් උපාසිකාවක් ?????

විලිස්සමින් බොරු දත්ටික
කියයි පුරාජේරු එමට
සිල්ගයි නොවරදා පෝයට
බෙදයි ඕපාදූප රටක,

ගල් පෙරලුවා
දෙව්දත් මුනිදුට,
සාදු සාදු කියයි එවිට ,
අද රස නෑ දානේ වේල
ගිලන්පසට හකුරු නැද්ද ?

අනේ ! මුන්ට තියෙන ගාය
කියයි පුංචි වුන්ට දෝස ,
ගම වටේට ඇවිද ,ඇවිද
සොයයි නොයෙක් වාසදේස

කලක් ගෙවී ගියේ නොදැනිම
ලෙඩවී මියැදුනා විගසින
ආ නොයෙකුත් නෑ පිරිවර
අඬමින් ගයනවා ඇගේ ගුණ ,

" අදදින අප අතරින් සමුගන්නා උපාසිකා මාතාව ..........................."
බණට වැඩිය මහ සඟ ගණ
දෙසන කලට ඇගේ ගුණ කඳ
ඈ ගැන දත් ගමේ උදවිය
බලයි මුවින් මුව රහසේම,

කුමක් කියමී මේ ගැන තව
මමත් රකිනවා මුනිවත !!!!!

...
...

✍️Nilushi Nisansala✍️

😷කොරෝනා 😷

නිසි බෙහෙතක් තියා
හේතුවක් කිව නොහැකි
මරණයක්,


තම ළබැඳියන් සිප බදාගනු තියා
අතින් අත ගන්නවත් නොහැකි වන
කදුලු සමුගැනීමක්,

විසිතුරු මලින් කල මල්වඩමක් තිය
බාල මිණිපෙට්ටියක්වත්
උරුම නැති ,
නොසිතූ අවසානයක් ,

දවස් ගණනක් සිරුර
තබාගන්නට තියා
නිවස වෙත නොගෙනෙන්න තහනමක්
නෑ සියන් ,ම්තුරන්‍ට නොපෙන්වන
නීතියක් ,

නොසිතූ ,නොපැතූ කලෙක
ලොවම සොහොනක් කරන,
කොරෝනා .
මහ කරුම රෝගයක් !!!!!!

...
...

✍️Nilushi Nisansala✍️

සිතන්න !!!

පැසෙන විට වී කරල් පීදී
මිහිමවුන් වෙත ලංවෙලා
නොපැසෙනා බොල් වී කරල්මයි
ඉන්නේ ආකාශය දෙසබලා
සැලෙන්නේ දිය හිස් කළෙන් මිස
පිරුණු කළේ නෑ ,දිය සෙලවීලා
දැන දැනම ඇසුරකට නොමගනු
දුදන දුර්ගුණ බලබලා

සැබෑ උගතුන් කිසිම දවසක
උඩගුවෙන් හිස ඉදිමිලා
දැන උගත්කම කියාපාමින්
රගන්නෑ වී මංමුලා
දැන උගත්කම තියෙන මිනිසුන්
පන්ති භේදය අවුලලා
ඇති එවුන් නැතිවුන් කියාගෙන
පෙලන්නෑ කුලමල බලා

...
...

✍️Nilushi Nisansala✍️

නුඹේ නමේ රිද්මයට ....

රිදෙනකල් නුඹේ කන්
ළඟින් ඉද කොදුරන්න
මම ළඟින් නැතුවාට
ටිකක්වත් දුක නැද්ද ??

රණ්ඩුකර හැම දේට
එසැනින්ම සිනාසුණු
නුඹේ දුක සැප සතුට
මගේම කරගෙන අඩපු
මා ළඟින් නැති අඩුව
නුඹට දැනිලා නැද්ද ?

දැක දැකම නුඹේ වෙනස
නොහැගි සේ හිටියාම
මගේ අගේ නැති වුනා
දිනෙන් දින නුඹේ සිතට

නුඹ යන්න කිවුවාට
මම දුරට ගියාමිස
අදත් හද ගැහෙන්නේ
නුඹේ නමේ රිද්මයට .......

...
...

✍️Nilushi Nisansala✍️

නැවත දුටු දා ඒ නෙතු ,

ලියනු කෙලෙස ද?
පෙම් කවක්
නෙත ගැටුනු මුත්
ඔහු ,
පෑරි පෑරි රිදුම් දෙයි සිත
සිහිව අඳුරු බිතුසිතු,
ඔහුම සුනුව්සුනු කල
බ්දුනු හදවතක් තුළ
යළිදු ඉපදේවීදෝ
කෙලෙසනම්
කවි පද ?????

...
...

✍️Nilushi Nisansala✍️

අප්පච්චී මට සමාවෙනව ද ?

පුංචි දුව අතින් ගෙන
කුසෙහිත් පුතෙකු දරාගෙන
දෙනෙත් කදුලින් තෙමාගෙන
මඟට බැස්සේ හිත හදාගෙන

මාපිය ඔවා පිළි නොගෙන
හිතුවක්කාරකමට ගිය ගමන
ලැබුනේ දුක් තෙරක් නොපෙනෙන
උහුලන්න බෑ තව හිත හදාගෙන

පහර දෙයි ගත සවිය අරගෙන
වේදනාමයි වින්දේ හැම දින
සිහිවුනා නුඹ මා වඩාගෙන
සුරැකී හැට් රැ නිදි මරාගෙන

ආවේ නොකියම දූත් අරගෙන
ඉවසලා ඉවසලා බැරි තැන
පුරුදු පාරට දෙපා එසවෙන
වරද මගේමයි නුඹ වෙතට එන

අප්පච්චී ! මම කොහේ යන්න ද?
ඉන්නේ මට නුඹ විතරමයි අද
ඒදා වගේ නුඹේ ළඟට එන්නද
පුංචි දෝනිට සමා වෙනව ද ?

...
...

✍️Nilushi Nisansala✍️

විස්මිත රුවේ අස්ථිර බව !!!!!!!!

පිව්තුරු පියකරුය
සුන්දර රූ සපුව,
සිතමින් නළවම්න්
පිරි යෞවන මදය,
ගසමින් මල් සුවඳ
උලමින් නෙක නෙක පාට,
වෙහෙසෙන තරම්
රැක ගන්නට පිටඔපය,
පියකරු මලුත්
මැලවී පරවෙන කලට,
විස්මිත රුවත්
කුදු වී ගෙන දෙයි ශෝක,
නව දොර ගඳ ගසන
අසුචී පිරුණු කය,
කුමට හැඩකරමු ?
සගවාගෙන ලෝ දහම.......

...
...

✍️Nilushi Nisansala✍️

කෙදිනක වියලේ ද ගලනා උණු කඳුළු නෙතින් !!!

දින ,සති,මාස,අවුරුද්දක් ගෙවුණු සැනින්
නොම වියලේවී ගලනා උණු කඳුළු නෙතින්
ඒ ඉරුදිනේ දිවිපිදූ සැමදෙන වෙනුවෙන්
පතනෙමී ලැබේවා ස්වර්ගය පැතු විලසින්.............

...
...

✍️Nilushi Nisansala✍️

කසාවත ,

" නූරා සිතුවිලි හැඟීම් පොදියක් ,
පුරා විසිරුණු සිත ද සිඳලමී........
සිත වෙලාගත් හැඟුම් පොදියම,
දවා අළුකර හුදෙකලා වෙමී........
නිවීයන මඟ නෙත ගැටුන දා ,
භවය නැසුමට සිත තබන්නෙමී.......
කසාවත ළඟ දරා මසිතම,
සසරේ ගින්නෙන් මා මිදෙන්නෙමී.....

...
...

✍️Nilushi Nisansala✍️

✍️මගේ කවි පොත ✍️

තනිවෙනා හැම මොහොතේ
ළඟින් හිඳ තනි රැක්ක
හිතේ දුක නුඹ අරන්
පත් ඉරුව මත ලිවුව
ලොවට හැංගුව රහස්
මට හොරෙන් දැනගත්ත
නුඹ තරම් මා දන්න
කෙනෙක් නෑ ලොවේ තව,

ලොවම මා හැර යද්දී
නුඹ පමණී උන්නේ ළඟ
ලොවම මට හිනැහෙද්දී
නුඹ පමණී ඇහුවේ දුක
ගෙවෙන හැම තත්පරේ
තනි රැක්කේ නුඹයි මට
එයට තුති පුදන්නයි
මේ කවිය ලිවුවේ මම .................

...
...

✍️Nilushi Nisansala✍️

ඉතින් එබැවින් නවතිමී.හදින් පිටමන් නොකරමී.

බොහෝ කාලය ගෙවුණු පසුව ද ,
ඊයේ අද වාගේම දැනී
රිදුම් දෙනවා මගේ හද තුළ
අතීතයේ කළු සෙවනැලි

තියුණු රුදු සැත් ලෙසින් මතකය
මහද පාරන මුත් ඇනී
කඳුළු අතරින් නුඹේ රුවමයි
පෙනෙන්නේ බොඳ වී හරි,

දැවී ගිනිගත් සිතින් නිතරම
ඉගෙනගෙන හැම දරාගන්නට
මගේ තනියට හිට්ය කඳුළට
යන්න අවසර දුන්නා හෙම්හිට,

කිම ද ? දැන් එන්නට හදන්නේ
පසුතැවිල්ලක දුක කියාගෙන
ලියා අවසන් බොහෝකල් මම
නුඹට පිදු ආදරේ මළගම .

කුළුඳුලේ අකුරු කල
මගේ ආදර කවිය,
වියෝ ගීයක් කලත්
ශාප නොම දෙමී නුඹට
ඉතින් එබැවින් නවතිමී ,
හදින් පිටමන් නොකරමී .........

...
...

✍️Nilushi Nisansala✍️

උපහාරයක් වේවා !!!!!!!.

මතකයි ද ?
අද නුඹට ,
සිව් කොනින් ගිගුම් දුන්
වෙඩ් ශබ්ද වර්ෂාව ......
දනන් තුඩ තුඩ රැදුණු
මරණ බිය සංකාව.......
දැනුදු ඇහෙනවා වගෙයි
නැගූ මර අඳෝනාව........
කුරිරු පාපින් අතින්
මරු තුරුලේ නිදි කෙරුව............

බුර බුරා නැගුන වෙඩ් හඩින්
හද ගැස්ම නැවැත් වූ................
පැයෙන් පැය ,දිනෙන් දින
මරබියයෙන් මුළු රටක් තිගැස්සූ .......
එහෙව් ,යුද ගිනි නිවා
එකළොස් වසකි අද දිනයට ගත වූ..
තුති ගී කියා විරු
හරසර පුද කරමූ.................................

තම හුස්ම පුද දුන්නේ,
දේශයට පණ දෙන්න ..........
නුඹට ණයගැතී දැයක්
නොහැක ණය පියවන්න.........
ඇස් ,ඉස්,මස්,ලේ පුදා
තම දේශේ රැකගන්න............
සවි දී එඩ්තර දූ ,පුතුන් වැදූ
මව්පියන් මතු බුදුවන්න...........


පවනක් ව හමන්නේ
හෙලූ ප්‍රාණ වායුවයි.........
දිය දහරක් ව ගලන්නේ විරු පුතුන්ගෙන් ගැලූ ලේ කදයි..........
ඇව්ලි යුද ගිනි නිවූ
මිහිපිටැති දෙවිවරු තමයි ..........
රට වටැති රන් පවුර
ත්‍රිවිධ හමුදා විරුවණී නුඹයි..........................

...
...

✍️Nilushi Nisansala✍️

අම්මා ...

ඉර පොළොවට හාදු දෙන්න ,
කලින් සුපිපි කුසුමයි.............
ගත දවනා ගිනි දහවලේ ,
දර දිය ඇද වෙහෙසෙයි.........
ඈ නොදුටුව ලෝ දකින්න ,
මට සිප් නැණ දුන්නයි.........
මගේ අම්මා මා රැකුමට ,
දිවා රෑ දුක් වින්දයි................

නොමැති නමුත් විද,
කිසිදින විදු පහසක්..........
කියා දුන්නේ ඈ
මුල් පොත නෑරම අකුරක්.........
ඈගේ දහදිය බලෙන්,
අද මා ගුරුවරියක්............
මගේ අම්මම වේවා ,
උපදින හැම භවයක් ................

...
...

✍️Nilushi Nisansala✍️

☔වැස්ස☔

තනිකම්න් සුසුම් ලෑ
පොළෝ සන්තානය,
ඇසිල්ලෙන් දුරුකළේ
නුඹේ ආගමනය ,
යළිදු පණ ලැබ දිලෙන
සොදුරු ගම්මානය,
අහස් කුස ඉරාගෙන
ඇවිත් වස්සානය......

සිදුණු වැව් ,ගං,පොකුණු ,
පුරවා අතොරක් නැති ලෙසින්
ඉවතලනු බෑ දෙනෙන් ,
ඇද හැලෙන කදුරැළි දියෙන්
එක්ව දන කිළිට් කළ
මිහිමවුන් නහවා පෙම්න්,
සයුර තෙක් දියකද ඇදෙයි
රැගෙන දුර්ගුණ පාපයන් ......

...
...

✍️Nilushi Nisansala✍️

දෛවය

ඉරාගෙන ගැබ මෙලොව දුටුවේ මවගේ පණ ටික නවතලා....
ඒ දුක වාවන් ඉන්නට බැරිතැන
පියා මළේ නියගලා කාලා...
කට කැඩුණු බස් ,දෙහි කපනවුන්
එක්ක කැත්තකට පොලු වීලා....
අත්තම්මා රැකගත්තා නෙත් මෙන්
ඇගේ කුසටවත් නොම කාලා....

කළක් ගෙවී ගිය ඉක්මන
ඇස් අදහනූ බෑ ලස්සන .......
ගමේ දී කොලු කවට බසට
නොවරැට් ඈ ගියේ ගස්සන....
රූ සිරියෙන් මත් වූ බඹරු
මල්සර හී වැසි වස්සන.....
උඩු යට්කුරු කර දිවියම
වුණි විපතක් හද ගැස්සෙන.....

ඇස අඳුරු කම නිසා
පය නයෙකු කාලා....
අවසාන ගමන ගියේ
මිණිබ්රි තනිව දාලා......
අනග රැගුමන් හමුවවේ
නොමැත රැවටීලා......
සගවාන කඳුළු බිදු
සැමට මෙහෙකම් කලා......

නිලට දිළි නෙතු අඳුරු වී අද
උයල ම ලිප ගින්නේ...
වැහැරී ගතමත නහර දිස්වේ
ඉදලම කුසගින්නේ ..........
සඳක් පැරදූ ළියක රූසිරි
දැවිල ම ඉර ගින්නේ.......
ලොවට හොරා මිලීන වුණේ
ඇයි ද? කියාපන්නේ.........

...
...

✍️Nilushi Nisansala✍️

විරහව

තවත් අත වාරු නෑ
ගොතන්නට පෙම්කවක්
වදනින් වදන අමුණා ......
තවත් හිත වාරු නෑ
දකින්නට පෙම් සිහින
හැගුමින් හැගුම පුරවා .....
තවත් ගත වාරු නෑ
කඳුළින්ම දිව් ගෙවන්නට
සුසුමින් සුසුම සඟවා ......
වියෝ ගින්නක දැවෙන
මහදේ තනිකම ලියමී
අකුරින් අකුර අමුණා ........

...
...

✍️Nilushi Nisansala✍️

පොසොන් සඳ

පිපී නොයෙක් කුසුමන්
විහිදයි සුවඳ.
ගණදුර මකා පායා අද
පොසොන් සඳ.
මොහදුර දුරලූ අපමහ
බුදු සමිදු වැද.
අනුබුදු මිහිදු මාහිමි
වැඩ් දිනයි අද.

...
...

✍️Nilushi Nisansala✍️

දරු සෙනෙහේ ,

මගේ තුරුලේ සෙවුව උණුසුම
නොසොයා නුඹ නිදියන දිනේ
කතා කිය කිය කැවුව බත් කට
තනිව රස බලනා දිනේ
නුඹ ම තෝරන් තනිව ඇදගත්
ඇදුම හැඩබලනා දිනේ
මොන තරම් ඉක්මනට එනව ද
කියා නිතරම මට දැනේ.

වරු ගණන් නුඹ දිහා බල බල
විදිමී හදවත පූරා දරු පෙම
මොනතරම් සුන්දර ද මගේ දූ
සිතෙනවා මට දකින හැමවර
බිදෙන් බිද දුර යාවී නේදෝ ,
ටිකෙන් ටික උස් මහත් වෙනකොට
ඇයි ඉතින් මේ තරම් කලබල
අනේ! හෙම්හිට යන්න කාලය.

...
...

✍️Nilushi Nisansala✍️

අත්තම්මා !!!!!

නෙලූ මල් ගෙන
බබළම්න් සුද
ගියෙමූ අපි
කදු මුදුනේ වෙහෙරට
පතා මොක්සුව
තුණුරුවන් වැද
භවුන් වැඩ් හැට්
නැගේ මතකෙට
රැගෙන බණපොත
කියූ බණ පද
හෙන්දිරික්කා මල්
සුපිපෙන යාමෙට
අනේ !!!!ඇයි ?
නෑසෙන්නේ අද මට
නමුදු ඇගේ රුව
මැවෙයි මාහද
ඇසේ සදහම්
ගේ පුරාවට
නිවන් පුරයට
හුගාක් ඈත ද
පිපෙනව ද මල්
එහෙත් පොකුරට
මටත් දිනයක
එන්න හැකිවේ ද ?
යළිත් නුඹේ පායුග
වදින්නට !!!!!!!!!!!!!!!

...
...

✍️Nilushi Nisansala✍️

රැවටීම ;

සිනා සී මුහුණට
පිටුපසින් විත්,
පිහියෙන් 🔪 අණින
මුරුංගා අතුවල තියයි
තම වැඩේ කරගන්න ,
ගසා පයින් එළවාවී
අපෙන් පල නැති දාට............

ව්කුණමින් තම
ආත්මය වුව
දුවයි හති දා
💰 කාසි පසුපස
මසුරුකම නම්
නියං සායෙන්
වියළිලා ඉරිතලා
ඇත හද......................

සෙම් සෙමින්
වියැකෙමින්
ඇත අද,
මනුෂ්‍යත්වය
ලොවේන් සදහට,
නෙතින් කදුළක්
නොම වැටෙන්නට
ගලක් වී අවසන් ය
මනුසිත.............................

ළංව ඇතිකළ
හැර දා නැති විට
දෙන්න නම් හදාවී
දෑතින් ම
රැගෙන පණ,
එපා රැවටෙනූ
තවත් බොරුවට
තම හිසට තම
අතම වූ ලොව...............

Top writers

Stay in touch