
හබල බිඳුණු ඔරුවක මං
දෙගොඩ තලා ගිය ගංවතුරේ
කළුගං බඩ ඉවුරේ
අයාලෙ ගිය මාලුන් සොයමින්
බුලත් විටකින් කට රතු ගත්
මනමාලයා ...
හබල නැතුව ඔරුවක
පැද්දි පැද්දි මං ...
කල්ප ගණන් දුර සිට
පතාන ආ මගෙ පෙම්බරයයි සිතු..
කපුවා මවලා දුන් තොරතුරු ...
මමත් අපිත් රැවටී ගිය..
මගේ දේපලට මහත් ආදරෙන්
මුදල් පසුම්බිය නොහිමි මා හිමි
මගේ දෙකපොලට ලංවී
රහස් කිය කියා ...හාදු දිදී....
මා කැන්දන් ගිය මුත්..
සුවාමියා තම අැඹේනියට
කෙලෙසක දැයි සලකන්නේ ...වත්
තාත්තා කෙනෙක් වෙන්නට
සිතක් කිසි දිනක සිතලාවත් නැති.
මගේ වතට ලංවී ..නුඹ
ගැබ්බර කලෙ මගෙ හිත ..
මනසිකාර යෙන් උභතෝකෝටික
කල්ප ගණන් දුර ඉඳලා පතමින් ආ..
අම්මාවක් වන පැතුම
කවදා ඉටු වේවිද..මගෙ?
පැද්දි පැද්දි ගංවතුරේ
හබල බිඳුණ ඔරුවක මං

සොදුරු රන්වන් ලිය
වත කමල සුපිපි
සියපතසෙ
සොදුරු පිය ලදුනි
රන්වන් රුවින් හැඩවූ
නුඹ හා දොඩමලු වනු රිසිනි
නැග ආයෙ පිය ගැට
මා යළි යළිත් වසරින් වසර මසින් මස
දුක වෙහෙස
නොගෙනම සිතට
ගල් බෙදෙහි සැගව ගත්
වළා වෙහි මුවා වී
සිහගිරෙහි මිහිදුමෙහි
දුහුල් සලුවෙන් තිසරුන් මුවා
සියොවැ ආමි සුදු දනන් හා
දුරු රටින් මෙලක සපැමිණි,
නොලදින් ඇසිල්ලක්
නුඹ හා හුදෙකලා වන්නට
මා සිත දැවෙයි තැවෙයි.
සොදුරු පිය ලදුනි කැකිරි දසන්පා
සනසනු මැනවි පෙලුණු මා සිත.
නෙතග බැලුමින් හා මදහසින්
කැඩපතෙහි නැති බැවින් ඉඩ හසර නොලියමි කුරුටු ගී

"මනුස්සයා අහිමි ලඳ"
හිමි අතැර ගිය ගැහැණිය
හුරතල් පුංචි කෙල්ලක් සමග
දිවි ගෙවන කුලී ගෙවල් පෙලේ
කොණේම කාමරේ
මාස ගණනක්ගෙවී ඇති
බඩේ ගෙඩියක් ඇතැයි කියමින්
දොරවල් වසා දහවල වන තුරුත්
දිනෙක ඇය සිටියෙ...
පුංචි දැරිවිය අසල ලඳකට බාරදී
සඟවනු රිසිව රහසක්.....
විපරමින් සිටි අසල නිවැසියො
දුටු විගස ඈ නිරුවතින් නිවස තුළ
නොනවතින ලේ ගඟ
ර්ුරුහිරු නාගෙන සියොලඟම
රත් පැහැයෙන්
1990ට දුන් හදිසි ඇමතුමෙන්
හඞ නගා ආ ගිලන් රිය ඇසිල්ලෙන්
ඇය රැගෙන පියෑඹී රෝහලට..
ගෙවුනේ තවත් හෝරාවන් දෙකෙකි.
පොලීසිය කැටුවදෙවනුව ආ ගිලන් රිය
රූපවාහිනී කැමරා සමග.
ඇගේ කුටියෙන් අලුත උපන් නිවුන් දරු
දෙදෙනෙකු සමග බෑගයක් දොරමුල්ලේ
තිබී හමුවූ බව මාංධ්ය නාලිකාවන්හි
දිවා ප්රවෘත්ති සමග
කුතුහලයෙන් සපිරි දනන් සිත්
අපූර්වත්වයෙන් කළඹන
තුටු ජනන පුවත ඇසුණු සැනින්
අසන්නන්ගේ
අසැබි වදනින් ඇණුම් බැණුමි
හා නොනැවති එල්ල වන චෝදනා
ගල්මුල් පහර වන්.
මනුස්සකමින් තෙත් වූ අසල්නිවැසියෝ
ලෙයින් තෙත් ඇඳුම් ඉවතට ගෙන ගිණිලා
ඇගේ කුටිය පිරිසුදු කර දුන් වරදට .....
කටඋත්තර සාක්ෂි පිණිස පොලීසියටද....
"අම්මාගේ චූ එකෙන් ලේ සමග අත් පොඩි එළියට එනු දුටු " බවට නොදන්නා බසින් ...

මනුස්සයා අහිමි ලඳ 2
.....නොදන්නා බසින් සාක්ෂි දෙන සුරතල් දුව පරිවාස බාරයට ද.......
පවට භාජනයව සිටි වින්දිත
ගැහැණිය සැකකරු ලෙසින් පොලිස් රැකවල ඇතුව රෝහලෙන් කූඩුවට ද ....
යොමු වන කල්හී......
.දුර දිග නොබලා
රාගයෙන් මදයෙන් මත්ව ..
ඇය නිවුන් දරු ගැබිණිය කළ..
"මනුස්ස කම අහිමි"
ශුදධ වන්ත වූ පිරිමි ජාතියට අයත් මනුස්සයා හෝ මනුස්සයෝ
කිසිවක් සිදු නොවු ලෙසින්
හෝ නොදත් ලෙසින්
විඳිති කම් සැප සුපුරුදු විලසින්..
ගරහමින් ගැහැණියට..
දුකම සදහට උරුම කර ගත්.
පොලීසියට...
රෝහලට......
රූපවාහිනියට.....
හෝ සමස්ත සමාජයට....
අංශු මාත්‍රයකින් හෝ
ඇතිද උවමනාවක්
ඇත්ත වටහා ගන්නට
හෝ දෙන්නට
මනුස්සකම නැති වෙමින් යන පුරුෂාධිපත්‍යවාදී සමාජයට
යටව සිටින ගැහැණියගෙ
අවිහිංසකකම....
(මාර්තු 08 දින යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කරන සිහිපත් කිරීමකි)
.

අවුරුද්ද අලුත් වෙලා
හිරු දෙවු කුමරුනි සමාවන්න
දහස්වරක්
කෝ අද අපි අපේ ගෙදර....
කවුරුත් නැත පාලුයි.
නොමනාපෙන් නොව
ඔබ වඩිනා මගුලට...
මංගල කිරිබත පිසෙනා
එ් සුබ නැකතට ....
අම්මාගෙ රසමසවුළු
අම්මගේ ම අතින් අරන් .....
කවා ගන්න ආසාවෙන්
ගෙදර හිටපු දෙටු
දෙපුතුන් නැත අද ළඟ පාතකවත් ...
ඈත එපිට උන් රාජකාරියේ. නියැලී ඉසුඹක් නැතිවම..
කොවුලනි අසනුව මා
අඹ ගහ මුදුනේ හිඳ
දරුවන්ගේ අම්මා සනසනු සේ
ගයනුව ගීයක් රස
තනිකම නැති වන..
පිය තෙම බැහැරව ඇත... නිවසින්
විදෙසින් ආ සැරිසරුවන් හා
රබන් සුරල් මැද....බක්මහැ
රජරට සරමින් රජදරුවන් ගෙ
දස්කම් කළ කම්
වැවුපෙළ මහසිඳු පරයන...
දාගප් ඈ අහස සිපින
ඇස් අරවා පුදුමය දනවන..ඒ දන විස්මිත කරවන ..දැනුම දෙවන සේවය පිණිසයි රට...නැගුමට
අද නැත හසරක් මේ කලැ
අවුරුදු සිරිතට...වත්
ඉන්නට අපි හැම පවුලේ මාපිය දරුවන්
රොක්වී එකවිට
හිඳි සේ එදවස....අතීතයේ
කාලය වෙනස් වෙලා. ඇත...
අපි තව වැඩිමහලුවෙලා.
දරුවන් ඈත්වෙලා.
හැම දේ වෙනස් වෙලා..

අවුරුද්ද අලුත් වෙලා
හිරු දෙවු කුමරුනි සමාවන්න
දහස්වරක්
කෝ අද අපි අපේ ගෙදර....
කවුරුත් නැත පාලුයි.
නොමනාපෙන් නොව
ඔබ වඩිනා මගුලට...
මංගල කිරිබත පිසෙනා
එ් සුබ නැකතට ....
අම්මාගෙ රසමසවුළු
අම්මගේ ම අතින් අරන් .....
කවා ගන්න ආසාවෙන්
ගෙදර හිටපු දෙටු
දෙපුතුන් නැත අද ළඟ පාතකවත් ...
ඈත එපිට උන් රාජකාරියේ. නියැලී ඉසුඹක් නැතිවම..
කොවුලනි අසනුව මා
අඹ ගහ මුදුනේ හිඳ
දරුවන්ගේ අම්මා සනසනු සේ
ගයනුව ගීයක් රස
තනිකම නැති වන..
පිය තෙම බැහැරව ඇත... නිවසින්
විදෙසින් ආ සැරිසරුවන් හා
රබන් සුරල් මැද....බක්මහැ
රජරට සරමින් රජදරුවන් ගෙ
දස්කම් කළ කම්
වැවුපෙළ මහසිඳු පරයන...
දාගප් ඈ අහස සිපින
ඇස් අරවා පුදුමය දනවන..ඒ දන විස්මිත කරවන ..දැනුම දෙවන සේවය පිණිසයි රට...නැගුමට
අද නැත හසරක් මේ කලැ
අවුරුදු සිරිතට...වත්
ඉන්නට අපි හැම පවුලේ මාපිය දරුවන්
රොක්වී එකවිට
හිඳි සේ එදවස....අතීතයේ
කාලය වෙනස් වෙලා. ඇත...
අපි තව වැඩිමහලුවෙලා.
දරුවන් ඈත්වෙලා.
හැම දේ වෙනස් වෙලා..