
ජීවිතය
ජීවිතේ තියෙන්නෙ අපි ආදරේ කරන
මිනිස්සු ලග
ආදරේ තියෙන්නෙ අපි වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු ලග
බලාපොරොත්තු තියෙන්නෙ
ජීවත්වෙන්න ආස මිනිස්සු ලග
මේ ඔක්කොම අතාරින්නෙ
ජීවිතේ ගැන කලකිරුනු මිනිස්සු

හද පතුල
කුමටද මට අනුන් කියනා
පද පේලියක් නුබ ගැන
මං නොදනිමි ද නුබගේ මුලු කතාවම
කුමටද මට විශ්වාසයක්
අනුන් මා සිතෙහි ඇති කළ
නොමැති ද මා සිතෙහි නුබ ගැන නොබිඳෙනා විශ්වාසයක්
කුමට සගවන්නෙමි ද
මා නුබට බැදි පෙම
කෙලෙස හැර යන්නෙමිද
මගෙ සතුට රැදි තැන ......

එකම පැතුම
හිමි නැති උන්
හිත නැති උන්
හමු නොවීම
එක් නොවීම
වෙන්ව යාම